කෙටුම්පතක් නොවුවක් පනතක් කොට නීතියක් කල නොහැකියි..-සරත් එන්. සිල්වා.. නිසි කෙටුම්පතක් නැතත් කථානායක සහතික කල පසු එය නිතීයක්..-ආණ්ඩුව — කෙස් පැලෙන තර්කයක් උපරිමාධිකරණයේ..

October 21, 2017 at 6:25 am | lanka C news
කෙටුම්පතක් නොවුවක් පනතක් කොට නීතියක් කල නොහැකියි..-සරත් එන්. සිල්වා.. නිසි කෙටුම්පතක් නැතත් කථානායක සහතික කල පසු එය නිතීයක්..-ආණ්ඩුව — කෙස් පැලෙන තර්කයක් උපරිමාධිකරණයේ..

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78 (1) සෑම කෙටුම්පතක්ම (Bills) පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුලත් කිරිමට යටත් පිරිසෙන් දවස් දාහතරකට 14 පෙර ගැසට් පත්‍රයේ පල කල යුතුය.

ඉහත එසේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ප්‍රතිපාදන සලසා ඇත්තේ ඕනම පනත් කෙටුම්පතක් (Bills) පාර්ලිමේන්තුවේ සම්මත කොට කථානායකවරයා සහතික කල පසු එය මේ රටේ නීතියක් බවට පත්වෙන බැවිනි.

එම නිසා පනත් කෙටුම්පත නීතියක් බවට පත්වීමේන් පුරවැසියකුට තම මූලික අයිතිවාසිකම් කඩ වන්නේ නම් ඒ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කොට එය නීතියක් බවට පත්විම වැලැක්වීමට පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුලත් කිරිමට යටත් පිරිසෙන් දවස් දාහතරකට 14 පෙර ගැසට් පත්‍රයේ පල කල යුතුය යන්න නීතිගත කොට ඇත.

1988 අංක 2 දරන පලාත් සභ පනතේ 13 කොටස සංශෝධනය කිරීමට යෝජනා කරමින් ඒ අනුව පසුගිය ජූලි මස 26 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල අගෝස්තු 3 වෙනි දින ගැසට් පත්‍රයක් ප්‍රසිද්ධියට පත් කරන ලදි. ඒ ” පලාත් සභා මැතිවරණයේදි කාන්තා නියෝජනය 30% දක්වා වැඩි කිරිම” යන ලුහුඩු නාමය යටතේ පිටු 3 කින් යුත් නීති 2 ක් පලාත් සභා පනතේ සංශෝධනය කිරිම සඳහා පමණි.

එහෙත් කමිටු අවස්ථාවේදි මූලික කෙටුම්පතට සම්පූර්ණයෙන්ම වෙනස් සංශෝධනයන් 22 ක් ප්‍රමාණයක් පිටු 32 කින් යුක්තව එක් කරන ලදි.

මෙහිදී හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කොට ඉල්ලා සිටිනුයේ ජනතාවට ඉදිරිපත් කල කෙටුම්පතට(Bills) හාත්පසින්ම වෙනස් කෙටුම්පතක් පනතක් ලෙස සම්මත කරගෙන ඇති බවයි. ඒ හරහා ආණ්ඩුව ජනතාව මුලා කොට නියමිත පරිදි පැවත්විම අවශ්‍ය පලාත් සභා මැතිවරණය කල් දමා ඇති බවත් පාර්ලිමේන්තුවේදි සම්මත කරගත් නිති විරෝධී කෙටුම්පත නිතියක් බවට පත් වු නිසා තව වසර කිහිපයකක්ම යනතුරු පලාත් සභා මැතිවරණයන් නොපැවත්වෙන බැවයි.

එම නිසා අලුත් නීතිය අංග සම්පූර්ණව ක්‍රියාත්මක කිරිමට හැකියාව ලැබෙන තෙක් තිබු නීතිය අනුව ඡන්දය කල් නොදමා නිසි කලට එම මැතිවරණය පවත්වන ලෙසයි.

එහෙත් එම පෙත්සමට විරුද්ධව සිටින රාජ්‍ය නොවන සංවිධානයන් ආණ්ඩුව මෙන්ම දෙමළ සංධානය එයට විරුද්ධව පවසනුයේ වැරදි විධියට හෝ සදාචාරාත්මක නොවන අන්දමින් මෙම පනත අනුමත කලත් කථානායක සහතික කල පසු එය මේ රටේ නීතියක් බවට පත්ව ඇති බැවින් ඒ ගැන ශ්‍රේෂ්ඨාධිකරණය මැදිහත් නොවිය යුතුය යන්න යි.

මෙම ව්‍යයවස්ථා අර්බුදය සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණය මැදිහත් වී දෙපාර්ශවයේම කරුණු සලකා බලා මේ ව්‍යවස්ථා ගැටලුව සම්බන්ධව කෙසේ ක්‍රියාත්මක වේද යන්න ජනතාව බලා සිටි.

12,762 Viewers

14 Comments to “කෙටුම්පතක් නොවුවක් පනතක් කොට නීතියක් කල නොහැකියි..-සරත් එන්. සිල්වා.. නිසි කෙටුම්පතක් නැතත් කථානායක සහතික කල පසු එය නිතීයක්..-ආණ්ඩුව — කෙස් පැලෙන තර්කයක් උපරිමාධිකරණයේ..”

  1. පොදු මිනිහා says:

    ෆෙඩරල් හරහා උතුරු නැගෙනහිර ඒකාබද්ධ කොට දෙමළ ඩයස්පෝරාවට හා මෙරටේ ඩොලර් කාක්කන්ට ඊලම දෙන්නේ මේ විදියටමයි. බොරු කෙටුම්පතක් ගැසට් කොට ජනතාවට පෙන්නා ඊලමට අවශ්‍ය කොටස් අවසානයේ එකතු කොට ජනතාවගේ මූලික අයිතිවාසිකම් හොරා කනවා.

    • Wijebahu says:

      Mad dog is barking again.

      • Gamaya says:

        Ohege nama maru kara gannawa. Wijebahulata apahasa nokara kalakanniya

        • Gamarala says:

          විශේෂයෙන්ම 2000දි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, හිටපු ජනපතිනියගේ පාලන කාලය තුළ දේශපාලන විසඳුම් යෝජනාවලිය ‘පැකේජය’ ගෙන ආ අවස්ථාවේ ඒ ආණ්ඩුවේ මහින්ද රාජපක්ෂ ප්‍රබල ඇමැතිවරයෙක් විය. අද නව ව්‍යවස්ථාවට එරෙහිව කෑගසන ඒකාබද්ධ විපක්ෂයයැයි කියාගන්නා කණ්ඩායමේ බොහෝ දෙනා ඒ අවස්ථාවේ ‘පැකේජය’ වෙනුවෙන් දැඩිව පෙනී සිටි අයය. හාස්‍යජනකම කාරණය වන්නේ එම ‘පැකේජයේ’ න්‍යායාචාර්යවරයා වූයේ අද ඒකබන්ධ විපක්ෂයයැයි තමන්ව හඳුන්වාගන්නා පිරිසේ ගුරුවරයාගේ භූමිකාව රඟ දක්වන ජීඑල් පීරිස්ය.2000 පැකේජ් එකෙන් පලාත් සභා සදහා පරමාධිපත්‍යය පිරිනමා තිබුණේ එහි 2, 106 ව්‍යවස්ථා මගිනි.
          (ඉතින් මොවුන් පලාත් සභා වලට පරමාධිපත්‍යය ලබදීමට අද විරුද්ධ වෙයි ද? පලත් සභා මැතිවරණ වෙනුවෙන් පෙනී ඉන්නා අයගේ පැටිකිරිය වැදගත් නැද්ද?)

    • Erksine May says:

      ”The object of an amendment may be either to modify a question in such a way as to increase its acceptability or to present to the House a different proposition as an alternative to the original question”“කෙටුම්පත් සංශෝධනයකදි ඇමුණුමක් එකතු කිරිමේ පරමාර්ථය වනුයේ එම කෙටුම්පත් තව දුරට ශක්තිමත් කිරිම හෝ කෙටුම්පත සම්බන්ධව පාර්ලිමේන්තුව තුල වැඩි අගයයන් සහිතව මූලික කෙටුම්පතට පිලිගැනිම වැඩි කිරිමට යොදන වෙනත් විකල්පයක් වශයෙනනි”

      එසේ නොමැතිව මූලික කෙටුම්පතට හාත්පසින්ම වෙනස් යෝජනාවලියක් ගෙන ඒමට නොවන අතර ජනතාවට ගැසට් පත්‍රය මගින් දැනුම් දුන් කරුණු පමණක් විය යුතුය,

      • Maithree says:

        පළාත් සභා මැතිවරණ කල් දැමීමට එරෙහි පෙත්සම මගින් පළාත් සභාවලට ජනතාවගේ පරමාධිපත්‍යය බලය ලබා දීමට උත්සාහ ගන්නවා.මෙය තේරැම් ගැනීම ටිකක් අසීරැයි.
        20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ශ්‍රේෂ්ඨාධිකරණයේ බෙදුනු තීන්දුවෙන් සහ මත මේ වන විට පළාත් සභා වලට පරමිධිපත්‍යය බලය හිමිකර දී ඇති බව ජනතාවගේන් සැගවීම සරත් සිල්වාගේ සැගවුන උපායයි. පළාත් සභාවලට ව්‍යවස්ථාමය තත්ත්වය (Constitutional Status) හිමිකර දී තිබුණත් පරමාධිපත්‍යය sovereignty හිමිකරදී නැහැ.
        ජනතාව ඡන්ද අහේනියෙන් ඉන්නා නිසා පළාත් සභා ඡන්දය පැවැත්වීමට කියන මුවාවෙන් පෙත්සම්කරැ හදන්නේ මෙතෙක් පළාත් සභාවලට නොතිබූ පරමාධිපත්‍ය sovereignty බලය ලබා දීමටයි. උදාහරණයක් කීවොත් සාපිපාසයෙන් ඉන්නා මිනිසාට ගිනිවතුර පෙවීමට පෙත්සම්කරැ උත්සාහ කරනවා. මේ සිදුවීම යට ගසා ජනතාව ගොනාට ඇන්දීමට තවත් අය බොරැවට පෙත්සම්කරැට විරැද්ධ වන ලෙස තවත් සෙට් එකක් නඩුවට මැදිහත් වී සිටිනවා. ඇත්ත තත්ත්වය නම් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාල ශ්‍රේෂ්ඨාධිකරණයේ බෙදුනු තීන්දුවේ පළාත් සභා ඡන්දයට ජනතාවගේ පරමාධිපත්‍ය්‍ය ඇති බව දක්වා තිබුණත් එය වැරදිය. මන්ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4ඉ, 88 සහ 93 ව්‍යවස්ථා බැලීමේදී පළාත් සභා මැතිවරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිගත් මැතිවරණයක් නොවේ. ඒ වගේම පළාත් සභා මැතිවරණය ජනතාවගේ පරමාධිපත්‍ය පෙන්නුම් කරන මැතිවරණයකුත් නොවේ. පෙත්සම්කරැ සහ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී ඇතුළු සෙට් එක උත්සාහ ගන්නේ පළාත් සභා මැතිවරණය ජනතාවගේ පරමාධිපත්‍යය නිරෑපණය කරන මැතිවරණයක් ලෙස අර්ථනිරෑපණය කරගෙන පළාත් සභා වලට 2000 පැකේජ් එකේ හිමිකර දී තිබෙන ස්වාධීනත්වය සහ පරමාධිපත්‍ය ලබා දීමටයි. එය රට බෙදීම සදහා උඩගෙඩ් දීමකි.

        2000 අගෝස්තු මස 03 වන දින ජී. එල්. පීරිස් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් පැකේජ් එකේ එහි 2 සහ 106 ව්‍යවස්ථා මගින් පළාත් සභාවල මන්ත්‍රීවරයන් තෝරාපත්කර ගැනීමේ ඡන්ද විමසීම්වලට ජනතාවගේ පරමාධිපත්‍යය ලබා දී ඇති ආකාරයට වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථනිරෑපණය කර ගැනීමට NGO සෙට් එක ගහන ගේමක් ගැසීමට මේ නඩුවේ මිතුරැ හතුරැ වී සිටිනවා…අනේ කාලේ වනේ වාසේ…

  2. හෙලයා says:

    ජනතාවවනි අවදිවව් මේ රට දෙකඩ කරන ව්‍යවස්ථාව ගෙන්න කරන පලමු පියවරට විරුද්ධවයි හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කොට ඉල්ලා සිටිනුයේ ජනතාවට ඉදිරිපත් කල කෙටුම්පතට(Bills) හාත්පසින්ම වෙනස් කෙටුම්පතක් පනතක් ලෙස සම්මත කරගෙන ඇති බව, කරුණාකර සිංහල ජනතාව සිහි බුද්ධියෙන් සිටින්න.

    • Sira says:

      ජනතාව ඡන්ද අහේනියෙන් ඉන්නා නිසා පළාත් සභා ඡන්දය පැවැත්වීමට කියන මුවාවෙන් බෙදුම්වාදීන් හදන්නේ මෙතෙක් පළාත් සභාවලට නොතිබූ පරමාධිපත්‍ය sovereignty බලය ලබා දීමටයි. උදාහරණයක් කීවොත් සාපිපාසයෙන් ඉන්නා මිනිසාට ගිනිවතුර පෙවීමට බෙදුම්වාදීන් උත්සාහ කරනවා….ගිනි වතුර බීමෙන් කට පිච්චුනත් ගිනි වතුරට විස එකතු කිරීමටත් ඉඩ දිය හැකිද?

  3. Democrats for anti corruption says:

    කෙටුම්පතට ඇමුණුම් එකතු කිරිමකින් පසුව ඒ සියලු ඇමුණුම් සහිතව යෝජිත කෙටුම්පත නිත්‍යානුකූලව සිදුව ඇති බැව් නිරීක්ෂණයකින් පසුව නිතීපතිවරයා විසින් කථානායකවරයා වෙත දන්වනුයේ පාර්ලිමේන්තුවේ 2/3 බහුතරයක් මගින් අදාළ කෙටුම්පත අනුමත කල යුතුය යන්න යි, කථානායකවරයා වෙතනිතිපතිවරයා දැන්වුවත් කමිටු අවස්ථාවකදි එසේ කල හැක්කේ 1988 අංක 2 දරන පලාත් සභා පනත සංශෝධනය කිරීමට අදාළව පසුගිය ජූලි මස 26 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල අගෝස්තු 3 වෙනි දින ගැසට් පත්‍රයේ ඇතුලත් කොට පල මූලික කෙටුම්පතට අදාළව සංශෝධනය 2 කට අදාළ සංශෝධනයන් සඳහා පමණි. එනම් 1988 අංක 2 දරන පලාත් සභ පනතේ 13 කොටස සංශෝධනය කිරීමට යෝජනා කල පලාත් සභා මැතිවරණය සඳහා අපේක්ෂකයන් ලෙස කාන්තා නියෝජනය 30% දක්වා ඉහළ දැමීමට අදාළව යෝජිත මූලික කෙටුම්පතට අදාළවපමණි.
    එහෙත් ජූලි මස 26 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල අගෝස්තු 3 වෙනි දින ගැසට් පත්‍රය මගින් ජනතාවට දැන ගැනිමට පල මූලික කෙටුම්පතට අදාළව සංශෝධනය 2 කට අමතරව විශාල සංශෝධනයන් ප්‍රමාණයක් කමිටු අවස්ථාවේදි සිදු කරන ලදි. එනම් සිමා නිර්නය කිරිමේ කමිටු පිහිටුවා ඒ සඳහා සමාජිකයින් 5 දෙනෙකු පත්කිරිමේ බලය ජනාධිපතිවරයාට පැවරිම, මූලික කෙටුම්පතට අදාළ නොමැති දේශපාලන පක්ෂ හා එහි නායකයින් කමිටු සඳහා පත්කිරිම, පලාත් සභාවේ මන්ත්‍රීවරු කොට්ඨාස ක්‍රමයට තොරා ගැනිම, පලාත් සභා මැතිවරණ ක්‍රමය වෙනස් කිරිම් ද ඇතුලත් මැතිවරණයන් පවත්වා ඡන්දය පාවිච්චි කිරිමේ දිනයන් ද වෙනස් කරන සංශෝධනයන් යෝජිත කෙටුම්පතට එකතු කිරිමක් සිදු කොට ඇත.
    ඉහත පාර්ලිමේන්තු සම්ප්‍රදායන් සම්බන්ධව ආණ්ඩුක්‍රම විශාරදයකු වන ආර්ක්ශයින් මේ Erksine May විසින් P 496 අනු මාතෘකා යටතේ සඳහන් කොට ඇත්තේ ( P 496 under the sub heading “object of an amendment is effective debate” 🙂
    “කෙටුම්පත් සංශෝධනයකදි ඇමුණුමක් එකතු කිරිමේ පරමාර්ථය වනුයේ එම කෙටුම්පත් තව දුරට ශක්තිමත් කිරිම හෝ කෙටුම්පත සම්බන්ධව පාර්ලිමේන්තුව තුල වැඩි අගයයන් සහිතව මූලික කෙටුම්පතට පිලිගැනිම වැඩි කිරිමට යොදන වෙනත් විකල්පයක් වශයෙනනි”.”The object of an amendment may be either to modify a question in such a way as to increase its acceptability or to present to the House a different proposition as an alternative to the original question” යන්න ය.

    • upul says:

      ආණ්ඩුක්‍රම විශාරදයකු වන ආර්ක්ශයින් මේ Erksine May කියන සුද්දා ගොඩේ සිංහලයින්ට ලොකු වුණාට පාර්ලිමේන්තු උත්තරීතරභාවය සැළකීමේදී ලංකාවට වැදගත් නැත. ලංකාවේ සිංහලයා අන්තිමේදී එල්ලෙන්නේත් සුද්දාගේම රෙද්දේ ය…

  4. wikum says:

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටද සිදුවිය හැක්කේ හදිසියේම අනුමත වීමයි.අපේ 225 න් රට ගෙනට වඩා බඩ ගැන සිතන සෙට් එක මෙයට අත් ඔසවනු ඇත .එම අවාසනාවන්තයින් කරුමෙට යැව්වේ අපිමයි.මෙච්චර සංඝ කාරක සභාව කියද්දීත් අත ඉස්සුවොත් එය ජාතියේම අවාසනාවයි.මේ සෙට් එකේ ජාතික ,රට වෙනුවෙන් දිවි පිදුවන් සිටින අග්‍රගණ්‍ය පාසල් වල ඉගෙනුම ලබුවන්ද සිටීම ඉතා කණගාටුවට කරුණකි.තමා ඉගෙනුම ලැබූ ඒ ශ්‍රේෂ්ට විද්‍යස්ථාන වලට කරන නිග්‍රහයකි

  5. love nature says:

    අප රටට නවතම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක කිසිදු අවශ්‍යතාවක් නොමැති අවස්ථාවේදී මේ රජය ලහිලහියේ නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට උත්සහ දරනවා. දෙමළ ඩයස්පෝරාවේ අවශ්‍යකම් ඉටු නොකරන බව ජනාධිපතිවරයා සපථ කළත් අද ඒ විශ්වාසය පළුදු වී යන බවක් දැකිය හැකියි.

  6. asaranaya says:

    ඔයාකාරයෙන් ෆෙඩරල් විවශ්තාවත් ගෙනල්ලා හීන් බබා සියාට ( කම් කරුවා ) කියලා අත්සන් කලාම හරි ? අනේ මේ කුහකයන්ට කබරත් තලගොයා වෙන හැටි

  7. yasaratne says:

    me agamethiwaraya rata wanasanawa. bendumkara wanchawe palamu hora ohuya dewenna ravi me dennagen siyaluma muda ayakara divi ethi thek hire dannna maitrita palal gebuu wikasith buddiyak netha
    kiyawanna awbodakaraganna be mahindath apata epa.

Main News