කෙසෙල්ගමුඔය පිටාර ගලයි… පහත්බිම් රැසක් ජලයෙන් යටවෙයි…

October 25, 2018 at 6:48 pm | lanka C news
කෙසෙල්ගමුඔය පිටාර ගලයි… පහත්බිම් රැසක් ජලයෙන් යටවෙයි…

කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔය පිටාර ගැලිමෙන් බගවන්තලාව ප්‍රදේශයේ  පහත්බිම් රැසක් අද (25) පස්වරුවේ ජලයෙන් යට වි ඇති බව බගවන්තලාව පොලිසිය පැවසිය.

කාසල්රි ජලාශයේ ප්‍රධාන ජල පෝෂක ප්‍රදේශයක් වන මහඑලිය රක්ෂිතයට අද පස්වරුවේ ඇද හැලුණු අධික වර්ෂාත් සමග කෙසෙල්ගමුඔය පිටාර ගලා ඇති බව බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපතිවරයා කියා සිටියේය.

කෙසෙල්ගමුඔයේ ජල මට්ටම ඉහලයාමත් සමග කාසල්රි ජලාශයද ජල මට්ටම ඉහල යමින් පවතින බව විදුලි බල මණ්ඩලය කියයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

5,043 Viewers
Main News