කෙහෙල්උල්ලට ඇගළුම් කම්හලක්…

November 30, 2017 at 2:11 am | lanka C news
කෙහෙල්උල්ලට ඇගළුම් කම්හලක්…

පදියතලාව, කෙහෙල්උල්ල ප‍්‍රදේශයේ කුඩා ඇගළුම් කම්හලක් විවෘත කිරීම පසුගියදා නියෝජ්‍ය ඇමතිනී වෛද්‍ය අනෝමා ගමගේ මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් සිදු විය.

එම අවස්ථාව අමතමින් නියෝජ්‍ය ඇමතිනිය කියා සිටියේ, ස්වයං රැකියා හඳුන්වා දී අඩු ආදායම්ලාභී පවුල්වලට මාසික ආදායමක් සහතික කරමින් ග‍්‍රාමීය ආර්ථිකය නැංවිය යුතු බවයි.

ඊට ඇගළුම් ක්ෂේත‍්‍රයේ දායකත්වය ලබා ගැනීම සඳහා සුදුසු වැඩපිළිවෙලක් සකස් කරන බව ඇය පැවසුවාය.

පාසල් නිල ඇඳුම් නිමැවීම සඳහා වැඩි අවධානයක් යොමු කරන්නැයි ගමගේ මහත්මිය නව ඇගළුම් කම්හලෙන් ඉල්ලා සිටියාය.

ගම්මිරිස් වගාව ප‍්‍රචලිත කිරීමේ අරමුණින් ගම්මිරිස් පැල බෙදා දීමක් ද එම අවස්ථාවේදී සිදු කෙරින.

– ජෝර්ජ් ද සිල්වා

2,479 Viewers

Leave a Comment

Main News