කොටින්ගේ රත්තරන් සොයන්න ගිය හමුදා මේජර් වරයෙකු අතුලු තිදෙනෙකු අල්ලයි..

June 11, 2018 at 4:40 pm | lanka C news
කොටින්ගේ රත්තරන් සොයන්න ගිය හමුදා මේජර් වරයෙකු අතුලු තිදෙනෙකු අල්ලයි..

කොටි සංවිධානය සඟවා තිබෙන රත‍්‍රං සෙවීම සඳහා භූමි අභ්‍යන්තරය පරීක්ෂා කළ හැකි ස්කෑනර් යන්ත‍්‍රයක් රැගෙන යමින් සිටි විශ‍්‍රාමික හමුදා මේජර්වරයකු හා පොලිස් කොස්තාපල්වරයකු ඇතුළු තවත් පුද්ගලයකු වවුනියාව නවගමුව ප‍්‍රදේශයේ දී ඊයේ (10) සවස මඩුකන්ද පොලිස් විශේෂ බළකා කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

හමුදා මේජර්වරයා ඇතුළු පිරිසක් විසින් ස්කෑනර් යන්ත‍්‍ර යොදා ගනිමින් වවුනියාව ප‍්‍රදේශයේ ස්ථාන කිහිපයක් පරීක්ෂා කිරීම් සිදුකරන බවට ලැබුණු පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී සැකකරුවන් තිදෙනෙකු හා ඔවුන් පැමිණි සුඛෝපභෝගී ජීප් රථයක්ද ජිප් රථය තුල තිබූ රුපියල් ලක්ෂ 50 ක් පමණ වටිනා ස්කෑනර් යන්ත්‍රයක්ද, ජංගම දුරකතන කිහිපයක්ද  අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය කියා සිටියේය.

අත්අඩංගුවටගත් හමුදාමේජර් වරයා යුද සමයේ වවුනියාව ප‍්‍රදේශයේ රාජකාරි කළ අයකු වන අතර පොලිස් කොස්තාපල්වරයා මැදවච්චිය ප‍්‍රදේශයේ සේවය කරන්නකු බවත් සෙසු පුද්ගලයා නුවර ප‍්‍රදේශයේ කෝපි අපනයන ව්‍යාපාරිකයකු බවද සඳහන් කළේය.

වවිශේෂ කාර්ය බළකාය පැවසූයේ සැකකරුවන් විසින් දීර්ඝ කාලයක සිට උතුරු පළාතේ ප‍්‍රදේශ කිහිපයක කොටි විසින් වළදමා සඟවා ඇතැයි පැවසෙන රත‍්‍රං සොයා පරීක්ෂා කිරීම් සිදුකර ඇති බවට තොරතුරු ලැබී ඇති බවටයි.

කිසියම් හෝ පොලිස් නිලධාරියකු ඔවුන් පැමිණි ජිප් රථය පරීක්ෂා කරන්නේ නම් කොස්තාපල්වරයා විසින් තමන් පොලිසියේ රාජකාරියකට පැමිණි වග පවසමින් පොලිස් හැදුනුම්පත පෙන්වා පරීක්ෂා කිරීම් සිදුකරන පොලිස් නිලධාරීන් නොමඟ යවමින් පලායන බවට තොරතුරු අනාවරණයවූ බවද කීය.

විශ‍්‍රාමික යුද හමුදා මේජර්වරයා විසින් යුද සමයේ වවුනියාව හා මුලතිව් ප‍්‍රදේශයන් හි හඳුනාගත් ස්ථාන සැකකරුවන් විසින් පරීක්ෂා කිරීම් සිදුකර ඇති බවටද තොරතුරු අනාවරණය වී ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

10,075 Viewers

Leave a Comment

Main News