කොටින්ගේ සැගවූ රත්තරන් සොයා බැකෝ දමා පොලව හාරයි..

March 21, 2018 at 12:40 pm | lanka C news
කොටින්ගේ සැගවූ රත්තරන් සොයා බැකෝ දමා පොලව හාරයි..

අවසන් යුද සටන් පැවති මුලතිව් මුල්ලිවයික්කාල නැගෙනහිර ප්‍රදේශයේ එල්.ටීටී.ඊ. සංවිධානය විසින් රත්තරන් හා යුද අවි තොගයක් වලදැමූ බවට සැක සහිත ස්ථානයක් ඊයේ (20) සවස ආරක්ෂක අංශ විසින් කැනීම් සිදු කලද කිසිවක් නොමැති වීම හේතුවෙන් නැවත 22 වනදා කැනීම් කිරීමට නියමිතව ඇත.

මුලතිව් පුදුකුඩිඉරිප්පු පොලීසියට හා යුද හමුදාවට ලැබුනු බුද්ධි තොරතුරකට අනුව මුලතිව් මහෙස්ත්‍රාත් එස්. ලෙනින්කුමාර් මහතාගේ නියෝගයකින් එතුමන් ඉදිරියේදී මුල්ලිවයික්කාල් නැගෙනහිර ප්‍රදේශයේදී රත්තරන් හා යුද අවි සොයා පස් කපන යන්ත්‍රානුසාරයෙන් මෙම කැනීම සිදු කරන ලදි.

මුලතිව් මහේස්ත්‍රාත් තුමන් හා පොලීසිය,පොලිස් විශේෂ කාර්ය බලකාය හා යුදහමුදාව ඉදිරියේදී පැය තුනක පමණ කාලයක් මෙම කැනීම් සිදු කළද පොළව යටින් ජලය මතු වීමත් සමග කැනීම් කටයුතු තාවකාලිකව නවතා දැමූ අතර එහි කැනීම් කටයුතු නැවත 22 වනදා පැවත්වීමට මහෙස්ත්‍රාත් වරයා විසින් නියෝග කරන ලදි.

පසුගිය දින කිහිපයේදීද මුලතිව් මුල්ලි වයික්කාල්හි රත්තරන් හා යුද අවි වලදමා ඇති බවට ලැබුනු තොරතුරු වලට අනුව සිදු කරන ලද කැනීම් වලින් කිසිවක් හමු නොවුනු අතර මුලතිව් පුදුකුඩිඉිරිප්පු පොලීසිය විසින් වැඩි දුර පරික්ෂණ මෙහෙයවයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

13,455 Viewers

2 Comments to “කොටින්ගේ සැගවූ රත්තරන් සොයා බැකෝ දමා පොලව හාරයි..”

  1. Gadol says:

    කෝ අපේ ජෝසිත වරු මේ අයට පුලුවන්ද හරි තැන පෙන්වන්න දැන් වත් දැන ගන්න මුන් ක‍රන්නේ ඔක්කොම බොරුව කියලා

  2. Nilantha says:

    රටේ මිනිස්සුන්ට කන්න සල්ලි නෑ ..ණය ගන්නත් බෑ..දෙන්නෙත් නෑ.. දැන් ඉතුරු වෙලා තියෙන්නේ.. නිදන්,,තමයි

Main News