කොටින්ට වන්දි ගෙවන්න පෙර ත්‍රස්තවාදයෙන් බැටකෑ උතුරෙන් පැන්නු සිංහලයන්ට වන්දි ගෙවනු..- ආණ්ඩුවේ හෙල උරුමය කියයි..

June 22, 2018 at 6:50 pm | lanka C news
කොටින්ට වන්දි ගෙවන්න පෙර ත්‍රස්තවාදයෙන් බැටකෑ උතුරෙන් පැන්නු  සිංහලයන්ට වන්දි ගෙවනු..- ආණ්ඩුවේ හෙල උරුමය කියයි..

අවතැන් වූ උතුරේ සිංහලයන්ගේ එකමුතුව සංවිධානයේ කැදවුම්කරු ජාතික හෙල උරුමයේ බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී නිශාන්ත ශ‍්‍රී වර්ණසිංහ මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

කොටි පවුල්වලට වන්දි ගෙවීමට පෙර ත්‍රස්තවාදයෙන් බැටකෑ උතුරෙන් පැන්නු  සිංහලයන්ට වන්දි ගෙවා නැවත පදිංචි කරනු.

පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීමේ අමාත්‍ය ඩී.එම්.ස්වාමීනාදන් මහතා එල්.ටී.ටී.ඊ.සංවිධානයේ මිය ගිය සාමාජිකයන් වෙනුවෙන් ඔවුන්ගේ පවුල් වලට වන්දි ගෙවීම සඳහා තෙවැනි වරටත් කැබිනට් පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර කැබිනට් මණ්ඩලය තුළ ඊට එල්ල වූ විරෝධය නිසා එය තාවකාලිකව අත්හිටුවා ඇති බව වාර්තා වේ. ස්වාමීනාදන් ඇමතිවරයා නැවත නැවතත් මෙම කැබිනට් පත්‍රිකාව ගෙන ඒමෙන් බලාපොරොත්තු වන්නේ කවරෙක්ද? තිස්වසරක එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයෙන් බැටකා ජීවිත දේපළ අහිමි වූ අවතැන් වූ ජනතාවගේ දුක සැප වේදනාව සොයා බැලීමට සංවේදී නොවූ මෙම ඇමතිවරයා හා අමාත්‍යංශය එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ගේ පවුල් වලට වන්දි ගෙවන්නට හදිසියේම කරුණාව පහළ වූයේ කෙසේද? එල්.ටී.ටී.ඊ.සංවිධානයෙන් බැටකෑ මැරුම් කෑ සිංහල දෙමළ, මුස්ලිම් ජනතාව බොහෝ වෙති. භික්ෂූන් වහන්සේලා ඇතුළු ආගමික නායකයින් විද්වතුන් කලාකරුවන් දේශපාලන නායකයින් රාජ්‍ය නායකයින් හා එල්.ටී.ටී.ඊ. විරෝධී දෙමළ දේශපාලන කණ්ඩායම් බොහෝ වෙති. එමෙන්ම එල්.ටී.ටී.ඊ. බෝම්බ ප්‍රහාර සහ සමූහ ඝාතන වලින් ජීවිත හා දේපළ අහිමි වූ අන්ත අසරණ තත්ත්වයට පත්ව සිටින විශාල පිරිසක් ඇත. පියවරුන් මව්වරුන් අහිමි වූ දරුවන්, දරුවන් අහිමි වූ මව්වරුන් පියවරුන්, ස්වාමීපුරුෂයන් අහිමි වූ බිරින්දෑවරුන්, ලක්ෂ ගණනක් කොටි ත්‍රස්තවාදයෙන් බැටකා අසරණ වී සිටිය දී ඔවුන්ගේ ජීවිත යථා තත්ත්වයට ගෙන එන්න ට ඔවුන් නගා සිටුවන්නට ප්‍රමුඛතාවය දී කටයුතු කරනවා වෙනුවට එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ගේ පවුල් වලට වන්දි ගෙවන්නටත් පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ.සාමාජිකයන්ට දීමනා දෙන්නටත් සහන සලසන්නටත් යෝජනා කරන්නේ එමගින් අනාගත දේශපාලන වාසි හා ඡන්ද කුට්ටියක් බලාගෙන ද යන සාධාරණ සැකය මතුවේ.

උතුරේ දෙමළ දේශපාලන පක්ෂ බොහෝමයක් රටේ ඒකීයභාවය පිළිනොගන්නා අතර සංහිඳියාවට ද අත දිගු නොකරයි. ඔවුන්ගේ අන්තවාදී, ජාතිවාදී, බෙදුම්වාදී අරමුණු වලින් ඔවුන් බැහැර වී නැති අතර එල්.ටී.ටී.ඊ. සංවිධානය ශ්‍රී ලංකාව තුළ යුදමය වශයෙන් පරාජය කළද එල්.ටී.ටී.ඊ. සංවිධානය වෙනුවෙන් ජාත්‍යන්තරය තුළ පෙනී සිටින කණ්ඩායම් රටේ ඒකීයභාවය පිළිනොගන්නා බවක් ත්‍රස්තවාදය අතහැර ඇති බවක් හෝ බෙදුම්වාදය අතහැර ඇති බවක් මේ දක්වා ප්‍රකාශ කර නැත. ත්‍රස්තවාදී කටයුතු පිළිබඳ ඔවුන්ගේ උත්සාහයන් ද අරමුදල් රැස්කිරීම්ද නතර කර නැති අතර පුනරුත්ථාපනය වී ඇති  12500 වන එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුල්වල අය හා එල්.ටී.ටී.ඊ.හිතෛෂිවන්ත පිරිස් එම අරමුණුවලින් බැහැරව රටේ ඒකීයභාවයට, සාමයට, සහජීවනයට කැපවන බවක් ප්‍රකාශ කර නැත. එයට සහතිකයක්ද කිසිවෙක් ලබා දෙන්නේද නැත. එවන් පසුබිමක මියගිය කොටි පවුල්වල සාමාජිකයින්ට රටේ ජනතාවගේ බදු මුදල්වලින් වන්දි ගෙවීම කොතරම් යුක්ති සහගතදැයි විමසා බැලිය යුතුය.

කැබිනට් මණ්ඩලය තුළින් මෙය දිගින් දිගටම ප්‍රතික්ෂේපවීම අගය කළ යුතු මුත් නැවත නැවතත් මෙය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීම පිටුපස ඇති අභිප්‍රාය පිළිබඳව ජාතිමාමක, දේශප්‍රේමී, ත්‍රස්තවිරෝධී සැබෑ සාමය හා සංහිඳියාව පනත ජනතාව අවධානය යොමුකළ යුතුය. එමෙන්ම ස්වාමීනාදන් ඇමතිවරයාගෙන් විමසිය යුතු වන්නේ උතුරෙන් පළවාහැරි සිංහල ජනතාව කොතරම් ප්‍රමාණයක් නැවත පදිංචි කර තිබේදැයි නිවැරදි සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරන්නැයි ඉල්ලා සිටින අතර එම ජනතාව ලබාදුන් වන්දි සහන ඉඩම් හා නිවාස පිළිබඳව වාර්තාවක් පාර්ලිමේන්තුවටත් රටටත් ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටින අතර ඇමතිවරයාගේ යෝජනාව අනුව ප්‍රමුඛතාවය දියුයුතු වන්නේ එල්.ටී.ටී.ඊ.ත්‍රස්තවාදයෙන් බැටකෑ පෙදෙස්වලින් පලවා හැර අවතැන් කළ සිංහල ජනතාවටත් වන්දි සහ සහන සැලසීම බව පුනරුත්ථාපනය හා නැවත පදිංචි කිරීමේ ඇමතිවරයාට මතක් කරදීමට කැමැත්තෙමි. එමෙන්ම ත්‍රස්තවාදය පරාජය කිරීමෙන්ම දෙමළ ජනතාවට නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය හා ජීවත්වීමේ අයිතිය නැමැති වන්දිය දැනටම ලැබී ඇති අතර ඒ වෙනුවෙන් රටක් ලෙස විශාල මිළක් ගෙවා ඇති අතර ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා විශාල වන්දියක් ගෙවා ඇත. එල්.ටී.ටී.ඊ.සාමාජිකයනුත් ඔවුන්ගේ පවුල් වල අයත් මෙම ඛෙදජනක තත්ත්වයට ඇදදැමු දෙමළ ජාතිවාදී නායකයන්ගෙනුත් එල්.ටී.ටී.ඊ.සංවිධානයට ආවඩන කණ්ඩායම් හා එල්.ටී.ටී.ඊ.ඩයස් පෝරාවෙන් වන්දි ලබාගෙන දෙමළ ජනතාවගේ සුභසාධනය සහ සංවර්ධනය සඳහා යෙදවීමට රජයේ අවධානය යොමුවිය යුතුය.

නිශාන්ත ශ්‍රී වර්ණසිංහ
කැඳවුම්කරු

5,851 Viewers

2 Comments to “කොටින්ට වන්දි ගෙවන්න පෙර ත්‍රස්තවාදයෙන් බැටකෑ උතුරෙන් පැන්නු සිංහලයන්ට වන්දි ගෙවනු..- ආණ්ඩුවේ හෙල උරුමය කියයි..”

  1. Athula says:

    උතුරෙන් පළවාහැරි සිංහල සහ මුස්ලිම් කොතරම් ප්‍රමාණයක් නැවත පදිංචි කර තිබේදැයි නිවැරදි සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරන්නැයි ඉල්ලා සිටින අතර එම ජනතාව ලබාදුන් වන්දි සහන ඉඩම් හා නිවාස පිළිබඳව වාර්තාවක් පාර්ලිමේන්තුවටත් රටටත් ඉදිරිපත් කරන ලෙසයි.
    චම්පික (පා.ම) මේ ඔබේ අවධානය පිණිසයි !

    • Helaya says:

      your party had a demand that the Sinhala people who were chased away from North, mainly from Jaffna during the 30 year troubled period , should be resettled in their places ?
      We have never seen or observed your attempts to accomplish that promise ,even though you are also in the ruling side.Did you all put that demand only to get the Sinhala people’s votes? It is a very reasonable demand from any point of view. Tamil politicians go to the extent of demanding compensations for LTTE terrorists , who killed border villagers brutally and killed innocent babies , infants ,innocent civilians on highways, and on vehicles, from money which had to pay from the taxes collected from those victim’s families. Why are you acting lethargically about that promise you gave to Sinhala people? Are you a party which gives promises at an election time , but overlook the promises after winning?

Main News