කොටි ආයුධ තොගයක් යාපනයේ කෝවිලක් අසලින් හමු වෙයි..

July 31, 2017 at 8:02 am | lanka C news
කොටි ආයුධ තොගයක් යාපනයේ කෝවිලක් අසලින් හමු වෙයි..

යාපනය කරෙයිනගර් රාජරාජේෂවරී අම්මාන් හින්දු කොවිලේ අසල පිහිටි පාළු ළිඳක් තුළ තිබී ක්ලේමෝ බෝම්බ ඇතුළු යුධ උපකරන රැසක් සොයාගෙන ඇති බවට යාපනය පොලීසිය කියා සිටියේය.

කොවිලේ ළිඳ යුධ සමයෙන් පසු භාවිත කර නොමැති අතර එය භාවිතයට සුදුසු පරිදි පවිත්‍ර කරමින් සිටි ප්‍රදේශවාසින් සිටි පිරිසක් මුලින්ම මෙම යුධ උපකරණ දැක නාවික හමුදාව වෙත දැණුම් දී තිබේ.

පසුව නාවකි හමුදාව හා පොලීසියේ මැදිහත් වීමෙන් ළිඳ තුල තිබී ලොකු ප්‍රමාණයේ ක්ලේමෝ බෝම්බ 09 , කුඩා ප්‍රමාණයේ ක්ලේමෝ බෝම්බ 06ක්,මොටාර් උණ්ඩ 02ක හා පීඩන බෝම්බ 02 ක් සොයාගෙන ඇති අතර මේවා කල් ඉකුත්වූ තත්වයේ තිබු බව පවසන නාවික හමුදාව ළඳෙන් ගොඩගත් පුදුරණ ද්‍රව්‍ය නිෂ්ක්‍රියකර විනාශ කරීමට පියවර ගෙන ඇත.

යුද සමයේදී කොටි සංවිධානය විසින් අදාල යුද උපකරණ තොගය ළිඳ තුල සගවන්නට ඇති බවට යාපනය පොලීසිය සැක පල කර සිටියි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

3,104 Viewers
Main News