කොටි ඩයස්පෝරාවේ ඩොලර් මහ බැංකුව මඟ හැර ගේන්න නීති හදයි..

April 13, 2017 at 3:50 pm | lanka C news
කොටි ඩයස්පෝරාවේ ඩොලර් මහ බැංකුව මඟ හැර ගේන්න නීති හදයි..

නීති රීති තිබෙද්දිත් මහ බැංකු බැඳුම්කර ගනුදෙනු හරහා මහා භාණ්ඩාගාරයේ මහජන මුදල් කෝටි සිය දහස් ගණනින් කොල්ල කෑ මුදල් අමැති හා අගමැතිවරයා විනිමය පනත නමින් අලුත් පනතක් සම්මත කරගෙන සමස්ත මහා භාණ්ඩාගාරයත් රටේ සමස්ත මූල්‍ය සම්පත් ගිල දැමීමට කූට ප්‍රයත්නයක යෙදී සිටින්නේ යැයි හිටපු මුදල් අමාත්‍යවරයකු වන පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තුවට ඉදිරියේදී ගෙන ඒමට නියමිත විනිමය පාලන සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම භාරදීම සඳහා ඊයේ (12)දා ශේ‍ර්ෂ්ඨාධිකරණයට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසුවේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රිවරයා මෙසේ ද කීය.

ඒකාබද්ධ විපක්‍ෂය වෙනුවෙන් අපි විනිමය පාලන සංශෝධන පනතට එරෙහිව ශේ‍ර්ෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළා. ආණ්ඩුව අලුත් අවුරුද්දෙන් පසුව මැයි මාසයේ වැඩ ආරම්භ කරන්න යන්නේ භයානක පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවේ සම්මත කරගනිමින්. ඒ තමයි විදේශ විනිමය පාලන සංශෝධන පනත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මුදල් පිළිබඳ සම්පූර්ණ බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවට. පාර්ලිමේන්තුවට තිබෙන එම බලය 1949 මූල්‍ය නීති පනතින් පවරාදී තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවට. ශ්‍රී ලංකා මහ බැංකුව ස්වාධීන මූල්‍ය අධිකාරියක්. රටේ සමස්ත ණය ක්‍රමය මුදල් ක්‍රමය පාලනය කිරීම සඳහා පුළුල් බලතල පාර්ලිමේන්තුව විසින් මහ බැංකුවට පවරා දී තිබෙනවා. රටක ආර්ථික ස්ථායිතාවන් කියන අරමුණ ඉෂ්ට කර ගැනීම සඳහා මුදලේ අභ්‍යන්තර හා බාහිර අගය ආරක්‍ෂා කරගන්න ඕන. කාසි හා නෝට්ටු අච්චු ගැසීම පිළිබඳව ඒකාධිකාරී බලය තිබෙන්නේ මහ බැංකුවට පමණයි. ඒ වගේම මුදලේ බාහිර අගය ආරක්‍ෂා කිරීමට අවශ්‍ය විදේශ විනිමය පාලනය කිරීම සඳහා 1953 විනිමය පාලන පනත මඟින් විශේෂ බලතල මහ බැංකුවට පවරා තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයට තිබෙන බලතල දේශපාලනීකරණය කරලා අමාත්‍යවරයා විසින් උදුරා ගැනීමේ සංශෝධනයෙන් බලාපොරොත්තු වන්නේ.

මහ බැංකුවේ කාර්යයන් මහ බැංකුව විසින් මේ රජය යටතේ කරද්දීත් භාණ්ඩාගාර බැඳුම්කර සිද්ධිය මහ බැංකුව යටතේ තියෙද්දීත් මෙහෙම වුණා නම් බැඳුම්කර සිද්ධිය වගේ නෙමෙයි අන්තර් ජාතික විදේශ විනිමය පිළිබඳව මෙවැනි නිදහස් කිරීමක් තුළින් ඉතා විශාල ජාත්‍යන්තර අර්බුදයකට, රට ගමන් කරන්න පුළුවන්. ඒ වගේම මේ තුළින් මෙතෙක් හෙළිදරව් කරලා නැති විදේශ ව්‍යවහාර මුදල් හෙවත් කළු මුදල්, සුදු කරන මධ්‍යස්ථානයක් බවට පත්වෙනවා. මහ බැංකුවට දැනුම් දෙන්නේ නැතිව එම මුදල් රට ඇතුළට ගෙන ඒමට ඉඩ ලැබෙනවා. මුදල් විශුද්ධිකරණය පිළිබඳව අපි අත්සන් කරලා තියෙන ජාත්‍යන්තර සම්මුතීන්ට මෙම තත්ත්වය පටහැනි වෙනවා. රටට අපකීර්තියක් ඇති වෙනවා මහ බැංකුවේ අනුමැතිය නැතිව මුදල් විශුද්ධිකරණ මධ්‍යස්ථානයක් බවට පත්වීමෙන්.

අද ලෝකය පුරාම අයථා ලෙස එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව ඉපැයූ ඩොලර් විශාල ප්‍රමාණයක් තිබෙනවා. එම මුදල් මහ බැංකුව හරහා එන්නේ නැතිව රට ඇතුළට ගෙන්ව ගන්න තමයි මේ හදන්නේ. මේ වන විට විදේශ විනිමය පිළිබඳ විශාල අර්බුදයක් තිබෙනවා. රට ඇතුළේ විදේශ විනිමය නැති නිසා මහ බැංකුවේ සීමා කිරීම්වලින් තොර කළු සල්ලි නිදහසේ අපේ රටට ගලා ඒමට ඉඩ ප්‍රස්තා ලබාදීම තමයි මේ විනිමය පාලන නීති රීති ලිහිල් කිරීම තුළින් අපේක්‍ෂා කරන්නේ.

අතීතයේ විවිධ වංචා, දූෂණ, අක්‍රමිකතා කරලා විදේශ විනිමය පිළිබඳව පෙර කරලා තියෙන වැරදිත් මේ පනතේ වගන්ති අනුව නිවැරැදි වෙන්න පුළුවන්. එම නිසා අපි ශේ්‍රෂ්ඨාධිකරණයේ උගත් විනිසුරුවරුන්ගේ අවධානය යොමු කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව මහ බැංකුව දේශපාලනීකරණය කිරීමට දරන උත්සාහය මහජනතාවගේ විශ්වසනීයභාවය පූර්ණ වශයෙන් තිබෙන මහ බැංකුව දේශපාලනීකරණයෙන් තොරව මහ බැංකුවේ ව්‍යවස්ථාපිත වගකීම් මහ බැංකුවටම පවරා දීමට කටයුතු කරන්න කියලා තමයි මේ පෙත්සමෙන් මම පෙත්සම්කරු ලෙස ඒකාබද්ධ විපක්‍ෂය වෙනුවෙන් ඉල්ලා සිටින්නේ. 19 වැනි සංශෝධනය ගෙනැල්ලත් මේ අය හැදුවේ කොළේ වහලා සෙල්ලම් කරලා ජනාධිපතිතුමාගේ බලතල අගමැතිවරයා යටතට ගන්න. ක්‍රම ක්‍රමයෙන් මේ යන්නේ රටේ ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවට ශ්‍රී ලංකා මහ බැංකුවට තියෙන බලතල එකින් එක අග්‍රමාත්‍යතුමා සහ එතුමා හා සම්බන්ධිත පාර්ශ්වයන්ගේ අතට ගැනීමයි. සූක්‍ෂම සැලසුම් සහගත වැඩපිළිවෙළක් තමයි මේ ක්‍රියාත්මක කරන්නේ. එය හොඳටම පැහැදිලියි. මේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ සිකුරාදා. අද මේ පෙත්සම බාරදෙන්න බැරි වුණොත් දවස් 7ක් ඇතුළත නිකම්ම මැයි 03 වැනිදා පාර්ලිමේන්තුවට පනත ගේනවා. ඒකාබද්ධ විපක්‍ෂය මේ පිළිබඳව විමසිල්ලෙන් හිටියේ නැතිනම් හීලෑ වෙච්ච විපක්‍ෂයවත් ඩීල් විපක්‍ෂයවත් මේ වගේ ජාතික ආර්ථික මර්මස්ථානවලට වෙන හානිය වෙනුවෙන් කිසිම හඬක් නඟන්නේ නැහැ.

– මව්බිම

5,080 Viewers

5 Comments to “කොටි ඩයස්පෝරාවේ ඩොලර් මහ බැංකුව මඟ හැර ගේන්න නීති හදයි..”

  1. Money Dealer Vidyalankara says:

    THESE BUNCH ARE KAMBA HORU

  2. N Wimaladasa says:

    Proposed foreign exchange Bill will undermined current ongoing Central Bank exchange Control Law.

    That will be Economic and Financial distastes to growth of national development by UNP regime.

    The whole foreign currencies will drain without any approval of CB?

  3. Gayan says:

    Shariya law will be introduced by wijedasa (acting
    as a John Doily)

  4. SINHLA ELA says:

    KOTI RANIL PALA PALA INDIYAWAT

  5. chandimani says:

    රටට ජාතියට ආදරයක් තිබෙන කවර හෝ පුද්ගලයෙක්, ආයතනයක් හෝ ක්ෂේත්‍රයක නියුක්ත වූවෙක්, මේ පැනවීමා උත්සාහ ගන්නා විදේශ විනිමය පණත තමතමන් සතු කුමන හෝ ව්‍යවස්ථාපිත බලයක් යොදවා නිශේධනය කලයුතුයි. අද එසේ නොකර සිටීමෙන් මතු දිනකදී රටේ තිබෙන සියළු විදේශ සමිපත් රටෙන් පිටතට ගලා ගිය පසු රට තුල අන්ත්ජාතික වශයෙන් ඇතිවෙන ආර්ථික ව්‍යසනයට, එවැනි වූ බලයක් තිබෙන කවර හෝ පුද්ගලයෙක්, ආයතනයක් හෝ ක්ෂේත්‍රයක නියුක්ත වූවෙක් සම්පූර්ණයෙන්ම වග කිවයුතු වන්නේය. අපේ රටේ අනාගත දරුවන්ට හිමිකර දියයුතු ශ්‍රී ලංකාව විනාශකිරීමේ වත්මන් පාලනයේ කූට උපායයන් අදදිනදී පැරදුවේ නැත්නම් අනාගත පරම්මරාවෙන් එල්ලවන චෝදනාවන්ට එම කවර හෝ පුද්ගලයෙක්, ආයතනයක් හෝ ක්ෂේත්‍රයක නියුක්ත වූවෙක් වගකිවයුතු වන්නේය. රටේ සිටින උගත් බුද්ධිමත් කොටස් මේ ගැන නිසි අවබෝධයෙන් කටයුතු කළයුතුය. ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටින විනිසුරුවරුන් සැබවින්ම උගත් සහ බුද්ධිමත් පිරිසක් බව රටේ වැඩිදෙනා තවමත් පිළිගැනීම අපගේ වාසනාවට හේතුවක් වනු ඇති.

Main News