කොටි නිල ඇඳුම් සහ බෝම්බ හමුවේ.. පරණ ඒවා නොවේ..

July 11, 2018 at 12:00 pm | lanka C news
කොටි නිල ඇඳුම් සහ බෝම්බ හමුවේ.. පරණ ඒවා නොවේ..

මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල් ප්‍රදේශයේ වලදමා තිබූ කොටි සංවිධානයට අයත් නිල ඇඳුමක් හා බෝම්බයක් ඊයේ (10) සවස සිදු කරන ලද කැනීමකින් හමු වූ බවට මුලතිව් පොලීසිය කියා සිටියේය.

අදාල ස්ථානයේ ඊයේ දින කැනීම් කිරීමට පෙර මුල්ලිවයික්කාල් ගුවන් හමුදා කඳවුරේ සෙබලුන් තිදෙනෙකු මෙම ස්ථානයේදී පසුගිය ජුනි මස 20 වනදා කැනීමක් සිදු කල අතර එහිදී එම ගුවන් හමුදා නිලධාරීන් නීත්‍යානුකූල අවසරයෙකින් තොරව කැනීම සිදු කල නිසාවෙන් අත්අඩංගුවට ගැනීමට මුලතිව් පොලීසිය පියවර ගනු ලැබීය.

අනතුරුව අදාල ගුවන් හමුදා නිලධාරීන්ට ලැබුනු බුද්ධි තොරතුරට අනුව ඒ බව මුලතිව් පොලීසියට හා මුලතිව් අධිකරණයට දැනුම් දී අධිකරණ නියෝගයකින් එම ස්ථානයේ නැවත ඊයේ (10) දින කැනීම් සිදු කරනු ලැබීය.

පස් කපන යන්ත්‍රයක් යොදා ගනිමින් සිදු කරන ලද කැනීම් වලදී අඩි 5 ක් පමණ පොළව හෑරීමෙන් පසුව  කොටි සංවිධානයේ නිල ඇඳමක් සහ කොටි සංවිධානය විසින් නිශ්පාදිත තමිලන් ගුණ්ඩු නැමති බෝම්බයක් හමු වූ බවට මුලතිව් පොලීසිය කියා සිටියේය.

හමු වූ කොටි නිල ඇඳුම එතරම් කලක් නොමැති බවටද පරික්ෂණ සිදු කල මුලතිව් පොලීසිය සැක පල කර සිටියි.

මීට පෙරද මුලතිව් ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේදී ත්‍රී රෝද රථයකින් රැගෙන යමින් තිබූ කොටි නිලඇඳුම්, කොටි කොඩි හා බෝම්බ තොගයක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට පත්විණි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

19,576 Viewers

9 Comments to “කොටි නිල ඇඳුම් සහ බෝම්බ හමුවේ.. පරණ ඒවා නොවේ..”

  1. Perera says:

    Mewa mara gora ge wada. Mara gora ta jampara gasawu.

  2. john the baptice says:

    කොටින්ට ආයුධ කන්ටේනර් යවපු හැටි

    https://www.youtube.com/watch?v=6XKv1kn1dk8&feature=share

  3. Tharanga says:

    නිදන් හාරනවා කියලා මීට මාසෙකට විතර කළින් අත් අඩංගුවට ගත්තේ මේ සෙබලුන් තිදෙනාවයි. එතන කොටි නිල ඇඳුම් හම්බ වෙලා තියෙද්දිත් තාමත් අර සෙබලුන් 3 දෙනා හිර බත් කනවා. රට වෙනුවෙන් වැඩ කරන රණවිරුවන්ට අන්තිමට හිර බත් කන්නයි වෙන්නේ.

  4. CAT says:

    සිරිසේන – රනිල් ඉල්ලා අස්විය යුතුය

  5. Kuma says:

    විජයකලා ගේමට සෙට් වෙද්දි පුංචි එවුන් ඕවා නොකර ඉඳීද

  6. Manoj says:

    “අදාල ස්ථානයේ ඊයේ දින කැනීම් කිරීමට පෙර මුල්ලිවයික්කාල් ගුවන් හමුදා කඳවුරේ සෙබලුන් තිදෙනෙකු මෙම ස්ථානයේදී පසුගිය ජුනි මස 20 වනදා කැනීමක් සිදු කල අතර”

    Mekanam ගුවන් හමුදා සෙබලුන් ge LAWYERS lage idea ekak wenna ethi. ජුනි මස 20 වනදා NIDAN HARANNA try karala, JULY 10 වනදා UNIFORM, BOMBA hamba wenawa. Hebai “හමු වූ කොටි නිල ඇඳුම එතරම් කලක් නොමැති බවටද” heli wela 🙂

    Dan ithin ගුවන් හමුදා සෙබලුන් NIDAHAS.

    • Siri says:

      බලන්න කොච්චර නම් ප්‍රශස්ථ විචාරයක් ද?
      (දැන් මචං උඹේ බඩේ අමාරුව හොඳටම හොඳ ඇති නේද?)

    • Dg says:

      මෙයා විශ්මිත බලයකින් පේන කියන ස්වාමි කෙනෙක්…

      දනගහපල්ලා වැඳපල්ලා

  7. sam says:

    aney kotiyo…ekmanatama gahapan apita.nethi welama yana mey para.

Main News