කොටි රැදවියන් නිදහස් කරනු.. අනුරාධපුර බන්ධනාගාරය වටලන්න යාපන සරසවි සිසුන් එයි..

October 10, 2018 at 8:40 am | lanka C news
කොටි රැදවියන් නිදහස් කරනු.. අනුරාධපුර බන්ධනාගාරය වටලන්න යාපන සරසවි සිසුන් එයි..

යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් කණාඩායමක් (09) උදෑසන සිරගතව සිටින සියලු දේශපාල සිරකරුවන් නිදහස් කරන ලෙසට රජයට බලකරමින් විරෝධතා පා ගමනක් යාපනය විශ්ව විද්‍යාලයේ සිට අනුරාධපුරය දක්වා ආරම්භ කරනු ලැබීය.

යාපනය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් මෙම විරෝධතා පාගමන සංවිධානය කොට ඇති අතර යාපනය විශ්වවිද්‍යාල දොරටුවෙන් ආරම්භ වූ පාගමන යාපනය මහනුර මාර්ගයේ යාපනයේ සිට පලෙයි, අලිමංකඩ, කිලිනොච්චිය , මාන්කුලම්, වව්නියාව, මැදවච්චිය හරහා අනුරාධපුර බන්ධනාගාරය දක්වා ගමන් කිරීමට පියවර ගෙන ඇත.

මෙම පා ගමන දින 3 ක කාලයකින් අනුරාධපුර බන්ධනාගාරයට ගමන් කිරීමට සැලසුම් කොට ඇති අතර යාපනය විශ්වවිද්‍යාලයෙන් පා ගමන ආරම්භ කරනු ලබන සිසුන්ට අමතරව කිලිනොච්චිය හා වව්නියාව දිසස්ත්‍රීක්කයන්ගෙන් තවත් සිසු සිසුවියන් පිරිසක් සම්බන්ධ වීමට නියමිතව ඇති අතර අනුරාධපුර බන්ධනාගාරය ඉදිරියට පැමිණෙන සිසුන් බන්ධනාගාරය ඉදිරිපිටදී විරෝධතාවක් පැවත්වීමටද සංවිධානය කොට ඇත.

විරෝධතා පා ගමන ආරම්භ කරමින් යාපනය විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමයේ සිසුන් කියා සිටියේ,

‘වත්මන් රජය දේශපාලන සිරකරුවන් වෙනුවෙන් විසඳුම් ලබා දෙන බවට අවස්ථා කිහිපයකදීම ප්‍රකාශ කල සිටියද මෙතෙක් කිසිදු විසඳුමක් ලැබී නොමැති බවටත් දේශපාලන සිරකරුවන් වසර කිහිපයක් කිසිදු නඩු විභාගයකින් තොරව සිරගතව සිටීම එවුන්ට කෙරෙන දැඩි අසාධාරණයක් බවටත් කිසිදු විභාගයක් නොමැති වසර ගනණාවක් සිරගතව සටීම නිසා ඔවුන් සියලු දෙනා වත්මන් රජය විසින් නිදහස් කිරීමට වහාම පියවර ගත යුතු බවටය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

6,044 Viewers

7 Comments to “කොටි රැදවියන් නිදහස් කරනු.. අනුරාධපුර බන්ධනාගාරය වටලන්න යාපන සරසවි සිසුන් එයි..”

  1. බන්ඩා says:

    දැන් යුද්දය ඉවර ව‌ෙලා පිරාපකරන් මැරිලා වසර හතකට වැඩිය්. ඒ නිසා ක‌ොටි ව‌‌ෙ‌ිිිවා ක‌ොටි න‌ොව‌‌ෙිිිවා ච‌‌ෙ‌ා්දනා න‌ොමැතිව දිගින් දිගටම බන්ධනාගාර ගත කර සිටීම අනුමත ක‌ොරන්න බැහැ.

    • Mahasona says:

      යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් කණාඩායම වහාම අත්අඩංගුවට නොගන්නේ මන්ද ?
      LTTE ත්‍රස්තවාදීන් නිදහස් කරීමට රජයට බල කිරීමට තරම් බලයක් ඔවුනට ලබා දුන්නේ කවුද ?
      මේ සිසුන් යාපනය විශ්වවිද්‍යාලයෙන් ඉවත් කරනු පන්ති තහනම් කරනු
      යහපාලනය මේකද උතුරේ දෙමල සංහිදියාව ? සහජීවනය ?

  2. gadol says:

    එසේ නම් හිරගෙදර ඉන්න සියලුම මිනීමරුවන් නිදහස් කල යුතුය

  3. david milibanda says:

    Munta pani berenta gahala panna piyaw.
    Ammage redda watalanna….

    Gammu sarasiyaw.

  4. david milibanda says:

    Aney Bando…………. Guantanomo-bay Alkaida koti hirakaragena inne damwal dhala.
    Bando oya konde kapa ganin kotata.

  5. ananda says:

    ලුලා නැතිවලට කනයා පණ්ඩිතයා කිව්වලු

    • රදවාගැනිම අසාධාරණයි.නඩු අහන්න. වැරදිකරුවන්ට දඩුවම් ෙදන්න. නිෙදාස් අය ඉන්නවනම් ඔවුන් නිදහස් කලයුතුයි. ජාතිවාදි විදිහට ෙම් ප්‍රශ්ණය දිහා බලන ඒක වැරදියි.

Leave a Comment

Main News