කොටි වලදැමූ රත්තරන් හා අයුධ සොයා පොලීසියෙන් පොළව හාරයි…

July 1, 2018 at 12:40 pm | lanka C news
කොටි වලදැමූ රත්තරන් හා අයුධ සොයා පොලීසියෙන් පොළව හාරයි…

මුලතිව් පුදුකුඩිඉරිප්පු ඉරණපලෙයි ප්‍රදේශයේදී යුද සමයේදී කොටි සංවිධානය විසින් රත්තරන් හා ආයුද තොගයක් සොයා පුදුකුඩිඉරිප්පු පොලීසිය විසින් කැනීමක් සිදු කළද කිසිවක් හමු නොවීය.

ඉරණපලෙයි ප්‍රදේශයේදී කොටි සංවිධානය විසින් රත්තරන් හා ආයුධ තොගයක් වල දමා ඇති බවට පුදුකුඩිඉරිප්පු පොලීසියට ලැබුනු තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (30) දින මුලතිව් අධිකරණයෙන් ලබාගත් අධිකරණ නියෝගයකට අනුව කැනීම සිදු කරන ලදි.

අදාල ස්ථානයේ පැය තුනක පමණ කාලයක් පස් කපන යන්ත්‍රයක් උපයෝගී කරගනිමින් කැනීම් සිදු කළ ද කිසිවක් හමු නෙවීම නිසාවෙන් කැනීම් කටයුතු නවතා දැමීමට පොලීසිය විසින් පියවර ගනු ලැබීය.

කැනීමේ අවස්ථාවට මුලතිව් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් මෙන්ම යුද හමුදාවද එක්ව සිටියහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

3,462 Viewers

One Comment to “කොටි වලදැමූ රත්තරන් හා අයුධ සොයා පොලීසියෙන් පොළව හාරයි…”

  1. kamal says:

    All the gold of LTTE were with MR & Co, and it is of no use to dig anywhere in North.

Main News