කොටි සලකුණු කිසිවක් නෑ.. හමුදා ආරක්ෂාව හමුවේ සිවාජිලිංගම් මහවිරු දිනය සමරයි…

November 27, 2018 at 12:40 pm | lanka C news
කොටි සලකුණු කිසිවක් නෑ.. හමුදා ආරක්ෂාව හමුවේ සිවාජිලිංගම් මහවිරු දිනය සමරයි…

යාපනය කෝපායි 51 වන යුද හමුදා බලසේනා මූලස්ථානට ආසන්නයේදී අදට (27 ) යෙදී ඇති මහවිරු දිනය නිමිත්තෙන් උතුරු පලාත් දෙමළ ජාතික සන්ධානයේ හිටපු පලාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් මහතා ඇතුලු පිරිසක් විසින් පූර්ණ ආරක්ෂක අංශ නිරීක්ෂණයන් මැද මහවිරු සැමරීම සිදු කරනු ලැබීය.

කෝපායිහි පිහිටි මහවිරු සැමරුම සිදු කරන ස්ථානයේ අලංකාර කරන ලද කොඩිවැල් වලින් සරසා තිබුනු අතර එම ස්ථානයට පැමිණි සිවාජිලිංගම් ඇතුලු පිරිසක් විසින් මහවිරු සැමරුම සිහිපත් කොට යුද්දයෙන් මිය ගිය මහවිරුවන් සිහිපත් කොට ඔවුන්ගේ අත්මයන්ට සෙත් පතා පහන් දැල්වීම සිදු කරනු ලැබීය.

මේ අතර අදාල මහවිරු සැමරුම් නීති විරෝධී අයුරින් කොටි සංවිධානයට අයත් නිලඇඳුමක් හෝ එම සංවිධානයේ ධජයක් මෙන්ම පුද්ගලයෙකුගේ රුවක් ඇතැතිව සමරනු ලබන්නේනම් නීතිය ක්‍රියාත්මක කිරීමට යාපනය පොලීසිය හා යුද හමුදා නිලධාරීන් විසින් පරික්ෂාවන්හි නිරත වූහ.

කෙසේ වෙතත් ඊයේ දින එම්.කේ. සිවාජිලිංගම් ඇතුලු පිරිසක් යාපනය වැල්වැටිතුරෙයි පදේශයේදී අත්අඩංගුවට ගෙන අවවාද කොට මුදාහැරියේ කොටි නායක ප්‍රභාකරන්ගේ උපන්දිනය සැමරීමට ගිය අවස්ථාවේදීය.

අද දිනයේදී යාපනය දිස්ත්‍රීක්කයේ පමණක් මහවිරු සැමරුම් 25 කට ආසන්න ප්‍රමාණයක් සංවිධානය කොට ඇති අතර එම සැමරුම් පවතින ස්ථාන වෙතට පොලිස් නිලධාරීන් යෙදවීමටද යාපනය පොලීසිය විසින් පියවර ගෙන ඇත්තේ යාපනය අධිකරණ තහනම් නියෝගයට අනුව කොටි සංවිධානයට අයත් නිලඇඳුමක් හෝ එම සංවිධානයේ ධජයක් මෙන්ම පුද්ගලයෙකුගේ රුවක් ඇතැතිව සමරනු ලබන්නේනම් නීතිය ක්‍රියාත්මක කිරීමටය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

 

27,226 Viewers

8 Comments to “කොටි සලකුණු කිසිවක් නෑ.. හමුදා ආරක්ෂාව හමුවේ සිවාජිලිංගම් මහවිරු දිනය සමරයි…”

  1. Dev says:

    Maruna unta pin dunnata kamak naa
    elam kodi koti salakunu thahanam karanna ona

    • දැන් මේ සමරන්නෙ මහවිරුවො, යුද්දෙන් මැරුණු සාමාන්‍ය මිනිස්සු නෙවෙයිනෙ. අනික සැමරීමයි පින්දීමයි දෙකක්. මේ කරන්නෙ කොටි මතක්කරලා උන්ගෙ වීරත්වය අගය කිරීම. සලකුණු නැතිව ඒක කරන එක අප්පොච්චිගෙ “කන්න ඕන උනාම කබරගොයා තලගොයා වීමේ” න්‍යායයට අනුව හරි ද? එතකොට අර උතුරා ගලා යන දේශප්‍රේමයට මොකද කරන්නෙ?

  2. Gorilla says:

    Stop allowing to celebrate dead terrorists including jvp terrorists in sri lanka and stop using term “mahaviru” to most ruthless terrorists in the world.

  3. lester says:

    This is great, its a human right to remember and transfer merits to dead people. But, the organizers must be wise and skillful enough to get the best out of these events by being sincere. Otherwise, they are not doing any good to those who have dead.

    • ඒක අප්පොච්චි ගෙ දේශප්‍රේමයට විරුද්ධ නැද්ද? මේක රනිල්ගෙ කාලෙ උනානම් තමයි රට බෙදන කොටි නැගිටින්නෙ නේද? දැන් කමක්නෑ.

  4. One Nation says:

    This is why we like to Mahinda Rajapaksha. we love our country. our nation. One Sri lanka. previous years these tiger pupets were jump here and there as heros. After Mahinda Rajapaksha came in power, they don’t try to do such a things.

    • ඉතින් පහුගිය අවුරුදුවල මේක කලෙත් මෙහෙම තමා.හැබැයි එතකොට රනිල් අගමැති නිසා ඒක දේශද්‍රෝහි. දැන් ඒකම මහින්ද ඉද්දි කරනකොට දේශප්‍රේමී. හරියට අර TNA මන්ත්‍රීලගෙ මහින්දට ආපුකෙනා දේශප්‍රේමී. කොටියෙකුත් නෙවෙයි.හැබැයි ඉතුරුටික දේශද්‍රෝහි කොටි. හැබැයි හෙට මහින්දට උදව් කරනව කීවොත් හෙට ඉඳන් දේශප්‍රේමී. අර අරන්තලාවෙ හාමුදුරුවරු මරපු කරුණා, පිල්ලෙයාන් දේශප්‍රේමී වෙලා නිදහස් පක්ෂෙ නායකයෙක් උනාවගේ. තුං තොපේ අවස්ථාවාදී දේශපාලනය. ඇඩිමින් මේවත් නොකප පබ්ලෂ් කරන්න.

  5. Marvin says:

    Ranilge kale narakayi mahindage kale hodayi. Ko me wahallu hamadetama walige usagé n’a eka. Huuuuuu