කොටි සැකකරුවන් නිදහස් කරනු.. යාපන සරසවි සිසුන් අනුරාධපුර බන්ධනාගාරය වටලති..

October 12, 2018 at 12:40 pm | lanka C news
කොටි සැකකරුවන් නිදහස් කරනු.. යාපන සරසවි සිසුන් අනුරාධපුර බන්ධනාගාරය වටලති..

යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් විසින් ආරම්භ කරන ලද විරෝධතා පාගමන අද (12) උදෑසන ඕමන්තේ සිට වව්නියාව දිස්ත්‍රීක්කයට ලගා වීමෙන් අනතුරුව වව්නියාවේ සිට අනුරාධපුර දක්වා මන් ආරම්භ කරනු ලැබීය.

දැනට සිරගතව සිටින සියලු දේශපාල සිරකරුවන් නිදහස් කරන ලෙසට රජයට බලකරමින් යාපනය සරසවි සිසුන් විසින් මෙම විරෝධතා පා ගමන යාපනය විශ්ව විද්‍යාලයේ සිට අනුරාධපුරය දක්වා පසුගිය 09 වනදා ආරම්භ කරනු ලැබීය.

යාපනය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් මෙම විරෝධතා පාගමන සංවිධානය කොට ඇති අතර යාපනය විශ්වවිද්‍යාල දොරටුවෙන් ආරම්භ වූ පාගමන යාපනය මහනුර මාර්ගයේ යාපනයේ සිට පලෙයි, අලිමංකඩ, කිලිනොච්චිය , මාන්කුලම්, වව්නියාව, මැදවච්චිය හරහා අනුරාධපුර බන්ධනාගාරය දක්වා ගමන් කිරීමට පියවර ගෙන ඇත.

අද දිනයේදී වව්නියාව සිට අනුරාධපුර රජරට විශ්වවදි්‍යාලය දක්වා ගමන් කොට හේට (13) දිනයේදී රජරට විශ්ව විද්‍යාලයේ සිසුන්ගේද සහය ඇතිව අනුරාධපුර බන්ධනාගාරය ඉදිරිපිට විරෝධතාවක් දියත් කිරීමට බලාපොරොත්තු වන බවට විරෝධතා පාගමන සංවිධානය කල යාපනය විශ්වවිද්‍යාලයේ මහාශිෂ්‍ය සංගමය කියා සිටියේය.

විරෝධතාකරුවන් වැඩි දුරටත් කියා සිටියේ  ‘වත්මන් රජය දේශපාලන සිරකරුවන් වෙනුවෙන් විසඳුම් ලබා දෙන බවට අවස්ථා කිහිපයකදීම ප්‍රකාශ කල සිටියද මෙතෙක් කිසිදු විසඳුමක් ලැබී නොමැති බවටත් දේශපාලන සිරකරුවන් වසර කිහිපයක් කිසිදු නඩු විභාගයකින් තොරව සිරගතව සිටීම එවුන්ට කෙරෙන දැඩි අසාධාරණයක් බවටත් කිසිදු විභාගයක් නොමැති වසර ගනණාවක් සිරගතව සටීම නිසා ඔවුන් සියලු දෙනා වත්මන් රජය විසින් නිදහස් කිරීමට වහාම පියවර ගත යුතු බවටය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

7,540 Viewers

12 Comments to “කොටි සැකකරුවන් නිදහස් කරනු.. යාපන සරසවි සිසුන් අනුරාධපුර බන්ධනාගාරය වටලති..”

  1. Alapaluwa says:

    අනේ අපිට බයයි කරුණාකර එවුන්ව ඉක්මණින් නිදහස් කරන්න. නැතිනම් අපිට මේච්චර පාවාදීම් කරගත් දෙවලිනුත් වැඩක් නැතිවේවි නැත්නම් නිකම්ම නිකම් පුස්සා බින්දා වැනි වැඩක් වේවි!!.

    • Amda says:

      ඉස්සර රන්ජන් විජේරත්න ගෙ කාලෙ එක හිරකාරයෙක් ඉතුරුනොකර මැරුව කියල කතාවක් තිබුන…ඒ තීරන වලට පුද්ගලිකව අකමැති උනත් එක අතකින් බලනකොට වැරදිමත් නෑ කියල හිතෙනව

  2. කණිය says:

    බෝම්බ තියෙලා රටේ මිනිස්සු මරපු එවුන් කොහෙද බොල දේශපාලන සිරකරුවන් වෙන්නේ උන් ත්‍රස්තවාදී එහෙනම් ඔය ගමන්ම පාගමනින් ගිහිල්ල ඇමෙරිකානු තානාපති කාර්යාලය වටලලා බින් ලාඩන් මාරුව එකටත් විරෝදය පල කරලා ගුඋවන්තානා හිර කඳවුරේ ඉන්න තර්ස්තයොත් නිදහස් කරන්න කියලා ඉල්ලාපන් .මුන්ට අශුචි ගහලා පන්නන්න කෙනෙක් නැද්ද අනුරාධපුරේ .?

  3. susa says:

    ai munta kadulu gas gahanne natda

  4. LION says:

    මුන්ට පොලිස් පොලු පහර වතුර විදිල්ල නැද්ද අපේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ ඔලු පලා දැම්මා මතකද ලැජ්ජයි සිරිසේනගේ යම පාලනය

  5. සනත් ඉතාලිය says:

    අර කෙල්ලගෙ ඔලුව පලපු රලහාමිව පොල්ලක් දිල යවන්නකො දෙතුන් දෙනෙකුගෙ ඔලු පලන්න කියල අනිවාර්යයෙන් මුට සුලුදිය පහවෙනව එතනම

  6. සරත් says:

    රනිල් මුන්ට බයේ කිරි පොවනවා .අනුරාධපුරෙන් කන්න තමයි යන්නේ

  7. Fyhg says:

    මුං හදන්නේ තවත් අසූ තුනක් ඇති කරන්න ද ?

  8. magaari says:

    Budupilimayak Jafna University eke thiyaganna dennewath nathi munta mona manawa himikanda ?

  9. gamaya says:

    Ai me eka deshapaluwektawath kata erala kiyanna beri deshapalana sirakarayo na inne thrasthawadeen kiyala

  10. Trumph says:

    රජරට Campus එකෙනුත් කට්ට්ය එනව කියන්නේ ……

  11. LION says:

    ඊශ්‍රායලය මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත්වීම නිසා එම කවුන්සිලය මෙහෙයවූ මානව හිමිකම් සමුළුවේදී සම්මත වූ යෝජනා බල රහිත වී ඇත.

Main News