කොටි සැකකරුවන් නිසා යාපනය විශ්ව විද්‍යාලයේ පීඨ තුනක් දින නියමයක් නැතිව වසා දැමේ..

November 1, 2017 at 8:40 am | lanka C news
කොටි සැකකරුවන් නිසා යාපනය විශ්ව විද්‍යාලයේ පීඨ තුනක් දින නියමයක් නැතිව වසා දැමේ..

යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් පංති වර්ජනය කිරීම නිසාවෙන් එහි පීඨ 3ක් (31) සිට වසා දැමීමට පියවර ගෙන ඇති බවට එහි උපකුලපති ආර්.විග්නේෂ්වරන් මහතා ලිපියක් මගින් නිවේදනය කොට ඇත.

ඒ අනුව යාපනය විශ්ව විද්‍යාලයේ කලා පීඨය, විද්‍යා පීඨය හා කළමණාකරණ අධ්‍යනය හා වාණිජ යන පීඨ තුන මෙලෙස වසා දමා තිබෙන බවට එම නිවේදනයේ සඳහන්ව ඇත.

එමෙන්ම එම නිවේදනයේ තව දුරටත් සදහන් වන්නේ යාපනය විශ්වවිද්‍යාල නේවාසිකාගාරයන්ගේ රැඳී සිටින සියලූම සිසුන්ට 01 සවස 4.00 වන විට නේවාසිකාගාරයන්ගෙන් ඉවත්විය යුතු බවටයි.

යාපනය විශ්වවිද්‍යාල සිසුන් දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙසටත් ඔවුන්ගෙග් නඩු කටයුතු කඩිනම් කරන ලෙසට හා තවත් ඉල්ලීම් කිහියක් මුල් කරමින් පන්ති වර්ජනය ආරම්භ කල අතර විසඳුමක් ලැබෙන තුරු 30 දා සිට යාපනය සරසවියට කිසිවෙකුටත් ඇතුලත් වීමට නොදීම හේතුවෙන් ඊයේ දින සියලු පීට වසා දැමුනු අතර පසුව අද දිනයේද විශ්ව විද්‍යාල භූමියට කිසිවෙකුටත් ඇතුලත් වීමට නොදීම නිසාවෙන් විශ්වවිද්‍යාලය වසා දැමීමට විශ්ව විද්‍යාල පාලක සභාව (31) දින මෙම තීරණය කොට ඇත.

විශ්ව විද්‍යාල අදාල පීඨ තුන  දින නියමයක් නොමැතිව වසා දැමීම හේතුවෙන් තමන්ට පැවැත්වීමට නියමිතව තිබු අර්ධ වාර්ෂික පරීක්ෂණයද දින නියමයක් නොමැතිව කල් දමා ඇති බවද විශ්වවිද්‍යාල විද්‍යා පීඨ සිසුන් පැවසූහ.

කෙසේ වෙතත් දේශපාලන සිරකරුවන් සම්බන්ධයෙන් යහපත් ප‍්‍රතිචාරයක් ලබාදෙන තෙක් තමන් පන්ති වර්ජනය කරමින් අඛණ්ඩ විරෝධතාවයක් ක‍්‍රියාත්මක කරන බවද ශිෂ්‍ය සංගම් නියෝජිතයින් පවසන් අතර අද දිනයේදී වර්ෂාව මධ්‍යයේ විශ්වවිද්‍යාල සිසුන් දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙසට ඉල්ලීම් කරමින් විරෝධතාවයේ ද නිරත වූහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

2,210 Viewers

One Comment to “කොටි සැකකරුවන් නිසා යාපනය විශ්ව විද්‍යාලයේ පීඨ තුනක් දින නියමයක් නැතිව වසා දැමේ..”

  1. Boga says:

    නඩු දාන්න බැරි නම් ඔවුන් වහාම නිදහස් කලයුතුයි. අවුරුදු ගණනක් නිකරුනේ රදවා තැබීම අසාධාරණයි. සිසුන්ගේ සටන සාධාරණයි.

Main News