කොටි සැකකරුවන් වහා නිදහස් කරන්නැයි යාපනය සරසවි සිසුන් විරෝධතා..

October 9, 2018 at 8:02 am | lanka C news
කොටි සැකකරුවන් වහා නිදහස් කරන්නැයි යාපනය සරසවි සිසුන් විරෝධතා..

අනුරාධපුර බන්ධනාගාරය ඇතුලු ලංකාවේ සියලු බන්ධනාගාරයන්හි සිටින දේශපාලන සිරකරුවන් වහාම නිදහස් කරන ලෙස ඉල්ලා (08) යාපනය විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් පිරිසක් වසින් විරෝධතාවක් සංවිධානය කොට තිබුණි.

යාපනය විශ්වවිද්‍යාලයේ ඇතුල්වීමේ දොරටුව ඉදිරිපිටදී පැවති මෙම විරෝධතාවය විශ්වවිද්‍යාල මහා ශිෂ්‍යසංගමය විසින් සංවිධානය කොට තිබුණී.

එහිදී විරෝධතාවයට එක් වූ සරසවි සිසු සිසුවියන් කියා සිටියේ ,

යුද්දය අවසන් වී වසර 09 කට අධික කාලයක් ගත වී ඇති අවස්ථාවක රජය විසින් දේශපාලන සිරකරුවන් වශයෙන් කිසිදු හේතුවක් නොමැතිව සිරගත කොට සිටින සියලු සිරකරුවන් හට නිදහස ලබා දීමට පියවර ගත යුතු බවටය.

එමෙන්ම මේ වන විට අනුරාධපුර බන්ධනාගාරයේ ඇතුලු බන්ධනාගාර කිහිපයක සිරකරුවන් ආහාර ගැනීම වර්ජනයෙන් ඔවුන්ගේ අයහපත් සෞඛ්‍ය තත්වයන් පරික්ෂා කළ යුතු බවටත් ඔවුන් ඇතුලු සියලු දේශපාලන සිරකරුවන් වෙනුවෙන් හා ඔවුන්ගේ පවුල්හි අනාගතය වෙනුවෙන් පිළිගතහැකි විසඳුමක් ලබා දෙන ලෙසට මෙම විරෝධතාවයන් පැවත්වුණි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

1,377 Viewers

4 Comments to “කොටි සැකකරුවන් වහා නිදහස් කරන්නැයි යාපනය සරසවි සිසුන් විරෝධතා..”

  1. sakalabujan says:

    හොස්ටල් එකේ බුදු මැදුරක් හදන්න ගියා සිසුන් හය දෙනෙකුට යාපනය සරසවිය තහනම් කරයි…

  2. Gobrial says:

    UGC must stop funding University of Jaffna. Close this racist university down.

    Jaffna University is shameless to accept all the support from other universities, Colombo, Peradeniya, Moratuwa. Professors from these universities are also shameless to support these racists.

    • LION says:

      University of Jaffna STOP participating LTTE TERRORISM..
      Why doesn’t the government arrest these Jaffna University students ? Who are supporting LTTE terrorism & demanding to release LTTE MURDERS who are now in jail …What a shame ?
      President Sirisena if you cannot stop LTTE TERRORISM in Jaffna , resign and go home

  3. completed says:

    Podak innn a appa.
    Hirakaryo akka thopi okkoma
    Nidahas karanavaaaa….
    Naindikadal valadi
    HIC….hic

Main News