කොටි සිරකරුවන් වෙනුවෙන් යාපනය සරසවිය දින නියමයක් නැතිව වැසේ..

October 30, 2017 at 5:30 pm | lanka C news
කොටි සිරකරුවන් වෙනුවෙන් යාපනය සරසවිය දින නියමයක් නැතිව වැසේ..

පසුගිය යුද සමයේ අත්අඩංගුවට පත් දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීම නුඩ කටයුතු කඩිනම් කිරීම් ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද (30) දිනයේ සිට යාපනය විශ්වවිද්‍යාලය දින නියමයක් නැතිව වසා දැමීමට සිදුව ඇත.

යාපනය විශ්වවිද්‍යාලයේ සියලුම පීඨයන්හි සිසු සිසුවියන් පංති වර්ජනය කිරීම නිසා විශවවිද්‍යාලය වසා දැමීමට සිදු වූ බවට පාලනාධිකරිය කියා සිටියේය.

කිසිදු පිළිගත හැකි සාක්ෂීන් නොමැතිව මෙලෙස දේශපාලන සිරකරුවන් ලෙස සිටින ජනතාව වහාම නිදහස් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් දැනට අනුරාධපුර බන්ධනාගාරයේ උපවාසයේ නිරත සිරකරුවන් තිදෙනාගේ නඩු කටයුතු වව්නියාව අධිකරණයට මාරු කිරීම සමපන්ධයෙන්ද කිසිදු පියවරක් නොගැනීම නිසා යාපනය විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමය විසින් සියලූ පීට වල පංති වර්ජනය කිරීමට පියවර ගෙන ඇත.

විශ්ව විදයාල මහා ශිෂ්‍ය සංගමය විසින් වැඩි දුරටත් කියා සිටින්නේ රජයේ වගකිව යුතු නිලදාරීන් සමග දේශපාලන සිරකරුවන් සම්බන්ධයෙන් මේ දක්වා සිදු කරන ලද සාකච්ඡා වලින් කිසිදු විධිමත් විසඳුමක් නොලැබුනු බවටත් ජනාදිපති තුමන්ද මේ දක්වා පිළිගත හැකි විසඳුමක් නොදුන් නිසාවෙන් විසඳුමක් ලැබෙනතුරු පංති වර්ජනය ඉදිරියටත් සිදු කරන බවටයි.

යාපනය සරසවයේ සිසු සිසුවියන්ගේ පංති වර්ජනයට විශ්වවිද්‍යාල අනද්‍යන කාර්ය මණ්ඩලයද සහය ලබා දෙන බවට වාර්ථා වෙයි.

මේ හේතුවෙන් මේ වන විට විශ්වවිද්‍යාලයගේ ගේට්ටු සියල්ල වසා දමා ඇති අතර අද දිනයේදී සිසු සිසුවියන් පිරිසක් යාපනය සරසවිය ඉදිරිපිටදී දේශපාලන සිරකරුවන්ට විසඳුම් ඉල්ලා විරෝධතාවක්ද පැවත්වීමට කටයුතු යොදා ඇති අතර මේ වන විට විශ්ව විද්‍යාල ගේට්ටුව ඉදිරිපිටට සිසු සිසුවියන් 200 ක් පමණ දෙනා රැස්ව සිටින බවටද වාර්ථා වෙයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

3,639 Viewers

One Comment to “කොටි සිරකරුවන් වෙනුවෙන් යාපනය සරසවිය දින නියමයක් නැතිව වැසේ..”

  1. David Milli-Banda says:

    කොටි සිරකරුවන් වෙනුවෙන් යාපනය සරසවිය දින නියමයක් නැතිව වැසේ..
    these buggers forgot that 68 Medican personel were killed by IPKF on 23rd October 1987.

    Did these buggers commemorate the event. Now its 30 years.
    Did these buggers notify the UN Special Rappatuer???
    NO.
    Colse the damn University forever.

Main News