කොදෙවු අධිවේගී තණතීරුවේ ශ‍්‍රි ලංකා පන්දු යවන්නෝ වැඩ පෙන්වති.. පිතිකරුවෝ අසරණයි..

June 26, 2018 at 8:40 am | lanka C news
කොදෙවු අධිවේගී තණතීරුවේ ශ‍්‍රි ලංකා පන්දු යවන්නෝ වැඩ පෙන්වති.. පිතිකරුවෝ අසරණයි..

සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙවු පිල අතර පැවැත්වෙන තුන්වැනි අවසන් ටෙස්ට් තරගයේදී සිය දෙවැනි ඉනිම සදහා කොදෙවු පිල ලකුණු 93කට සියළු දෙනා දැවී ගියේය.

කොදෙවු කණ්ඩායම මුල් ඉනිමේදී ලබා ගත්තේ ලකුණු 204ක් වන අතර පිලිතුරු ලෙස ශ‍්‍රී ලංකා පිල ලකුණු 154ක් රැුස් කලේය.

ඒ අනුව තරගයෙන් ජය ගැනීමට නම් ශ‍්‍රී ලංකාව ලකුණු 144ක් ලබාගත යුතුව ඇත.

කෙදෙවු දුපත්හි වේගවපන්දු යවන්නට ඉතා හිතකර බි‍්‍රජ්ටවුල් ඉපිලෙන තණ තීරුවේ ශ‍්‍රී ලංකා පිල මෙම තරගයට සහභාගී වන්නේ සිය මුල් පෙල ක‍්‍රිඩකයන් බොහෝ දෙනකු නැතිවයි.

ශ‍්‍රි ලංකාව වෙනුවෙන් තරගයට නායකත්වය දෙන්නේ සුරංග ලක්මාල්ය.

මේ වන විට ශ‍්‍රී ලංකාව සිය දෙවැනි ඉනිමට පන්දුවට පහර දෙමින් සිටින්දේ අසීරු තත්වයක් යටතේයි.

ලකුණු පුවරුව මෙතනින්

19,361 Viewers
Main News