කොමදෝරු DKP දසනායක ගැන පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කියූවේ ගල් පැලෙන බොරු බව හෙලි කරයි..

July 18, 2017 at 12:16 am | lanka C news
කොමදෝරු DKP දසනායක ගැන පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කියූවේ ගල් පැලෙන බොරු බව හෙලි කරයි..

පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙසේ අදහස් පල කලේය.

කොමදෝරු ඩී කේ පි දසනායක මහතා කප්පම් ගැනීම්, පැහැර ගැනීම් සහ අතුරුදහන් කිරීම් වලට සම්බන්ධ බව පෙන්වීමට පොලිස් මාධ්‍ය ප්‍රකාශක ඊයේ නිර්ලැජ්ජිත උත්සාහයක නිරත වුණා. ඒ වගේම පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියන විධියට කොමදෝරු දසනායක අපරාධකාරයෙකු බවට වාර්තා කරන්නේ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ. මේක පට්ටපල් බොරුවක්.

ලුතිනන් කමාන්ඩර් සම්පත් මුණසිංහ නාවික හමුදාවේ නිලය භාවිතා කරමින් කොළඹ අහිංසක දෙමළ ව්‍යාපාරිකයින්ගෙන් කප්පම් ගන්නා බවට එවකට නාවික හමුදාපති අද්මිරාල් කරන්නාගොඩට මහතාට තොරතුරු ලැබෙනවා. මේ පිළිබදව නාවික හමුදාව සිදු කරපු අභ්‍යන්තර විමර්ෂණයේදී එම කාරණා සත්‍ය බවට ඒත්තු ගැන්වුණු නිසා ඒ පිළිබඳ වැඩිදුර විමර්ශනය කිරීමට කරන්නාගොඩ මහතා පොලීසියට පැමිණිලි කරනවා.

මෙම කප්පම් ගැනීම් සිදු කළ සමයේ කොමදෝරු දසනායක බුද්ධි අංශ භාරව සිටියේ නෑ. ඔහු කටයුතු කලේ නාවික හමුදාවේ නියෝජ්‍ය මෙහෙයුම් අධ්‍යක්ෂ සහ කුඩා බෝට්ටු මෙහෙයුම් ප්‍රධානියා ලෙසයි. ඒ වගේම නාවික හමුදා බුද්ධි අංශත් මේ කප්පම් සිද්ධියට කිසිදු සම්බන්දයක් නෑ. සම්පත් මුණසිංහ කියන නාවික හමුදා නිළධාරියත් ඔහු යටතේ සිටි යම් පිරිසකුත් තමයි මේ සම්බන්ධයෙන් සැක කරනු ලබන්නේ. ඔවුන්ට එරෙහිවයි පැමිණිලි තිබෙන්නේ.

රණවිරුවන් මොන අපරාධය කළත් ඉවසා ගෙන සිටිය යුතු දැයි එන්ජිඕකාරයින් අපෙන් අහනවා. කවුද එහෙම කරන්න කිව්වේ? දැන් ලුතිනන් කමාන්ඩර් සම්පත් මුණසිංහත් යුද බිමේ විශිෂ්ට දස්කම් පෑ දක්ෂ රණවිරුවෙක්. ඒත් අපි ඔහු වෙනුවෙන් පෙනී සිටියේ නෑනේ. ඒ වගේම මේ වන විටත් නාවික හමුදා නිලධාරීන් හත් දෙනෙක් මේ කාරණය සම්බන්ධයෙන් අත් අඩංගුවේ ඉන්නවා. අපි ඒ සෑම දෙනා වෙනුවෙන්ම පෙනී සිටින්නේ නැහැ. අපි කොමදෝරු දසනායක වෙනුවෙන් පෙනී සින්නේ ඔහු රණ බිමේ පෑ දස්කම් නිසා දෙමළ බෙදුම්වාදීන්ගේ මණදොළ සැපරීමේ අරමුණින් පදනම් විරහිත ලෙස අත් අඩංගුවට ගෙන ඇති නිසයි.

අපට සම්පත් මුණසිංහ පිළිබඳ සාධාරණ සැකයක් තිබෙනවා. ඒ නිසා ඔහු අධිකරණය හමුවේ සිය නිර්දෝෂි බව ඔප්පු කළ යුතුයි. නමුත් කොමදෝරු දසනායක සම්බන්ධයෙන් සිදු වන්නේ පදනම් විරහිත චෝදනා නැගීමක්. අපි දිගු කලක් මේ නිළධාරීන් ඇසුරු කර තියෙනවා. නාවික හමුදාවෙන් පොලීසියෙන් නීතිපති දෙපාර්තමේන්තුවෙන් අපි මේ පිළිබද තොරතුරු ලබාගෙන තිබෙනවා. ඒ තොරතුරු ඇසුරෙන් ඉතාම වගකීමෙන් බිය සැකයකින් තොරව අපි කියනවා කොමදෝරු දසනායක මහතා මෙවැනි අපරාධයකට කිසිම සම්බන්දයක් නෑ කියලා. දසනායක අනාගත නාවික හමුදාපතිවරයෙකු බව අවිවාදිත කරුණක්. අවාසනාවට දසනායකට චෝදනා නගලා නාවික හමුදාවෙන් ඉවත් කර ගත්තොත් තමන්ට නාවික හමුදාපති විය හැකි යැයි සිතන නිළධාරින් අතලොස්සක් ද මේ මහා පාවා දීමට උල් පන්දම් අල්ලනවා.

නීතිපති දෙපාර්තමේන්තුව මෙම සිදුවීම සම්බන්ධයෙන් ද පිටු 51 වාර්තාවක් සකසා තිබෙනවා. එම වාර්තාවට අනුව කොමදෝරු දසනායකට එරෙහිව චෝදනා ගොනු කිරීමට කිසිම පදනමක් නෑ. සැබෑ සැකකරු වන සම්පත් මුණසිංහ ඇප ලබා එළියේ. දසනායක රක්ෂිත බන්ධනාගාරයේ.

අතුරුදහන් කළ අයගේ දෙමව්පියන් කොමදෝරු දසනායක හමු වුණු බවට තමන්ට සාක්ෂි ඇති බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක බොරු කිව්වා. එහෙම කිසිම දෙයක් වෙලා නෑ. රජිව් නාගනදන් නම් පැහැරගැනීමට ලක් වු තරුණයෙක් සිය දෙමව්පියන්ට ත්‍රිකුණාමලය හමුදා කඳවුරක සිටිය දී දුරකතනයෙන් කතා කර තිබෙනවා. ඔහු ඉතා පැහැදිලිව කියා තිබෙනවා තමන්ව පැහැර ගත්තේ සම්පත් මුණසිංහ ඇතුළු පිරිසක් බව. මේ තරුණයා වැඩි දුරටත් කියනවා මේ කඳවුර බාරව දසනායක නැමැති නිළදාරියෙකු සිටින බව. එයාව අම්මලා හමු වුණොත් බේරෙන්න පුළුවන් වේවි කියලා මේ තරුණයා කියනවා. නමුත් ඇත්තටම කොමදෝරු දසනායක ඒ කාලයේ සේවය කලේ කොළඹ මූලස්ථානයේ මිස ත්‍රිකුණාමලයේ කඳවුරක් බාරව නොවේ. ඒ වගේම තම දරුවා අතුරුදහන් වුනා කියලා දෙමව්පියන් ඇවිල්ලා කාට හරි කිව්ව පලියට ඔහු සැක කරුවෙක් වෙනවද? එහෙම කියලා නෑ. එහෙම කිව්වත් එම පුද්ගලයා සැක කරුවෙකු වෙනවද? ඒ කාලේ දකුණේ තරුණයන් අතුරුදහන් වුනාම මහින්ද රාජපක්ෂ මත්තයා ගාවට ගිහින් තමයි දෙමව්පියන් දැනුම් දුන්නේ. එතුමන් තමයි අතුරුදහන් වුවන්ගේ දෙමාපිය සංගමය පවා බිහිකිරීමට කටයුතු කලේ. එහෙම කළා කියලා මහින්ද රාජපක්ෂ මැතිතුමන් අතුරුදහන් වුවන් පිළිබද සැක කරුවෙක් වෙන් නෑනේ.

රජිව් නාගනදන්ගේ දෙමාපියන් කොමදෝරු දසනායක මහතා හමුවීමට ගොස් නෑ. එසේ ගියත් එය කොමදෝරු දසනායක අත්අඩංගුවට ගැනීමට හෝ ඔහු සැක කිරීමට කිසිම පදනමක් වෙන්නෙත් නෑ. 58 දෙනෙක්ගෙන් මේ වන විට මේ පිළිබදව සාක්ෂි සටහන් කරගෙන තිබෙනවා. ඉන් තුන්දෙනෙකුගේ විකෘති කරන ලද සාක්ෂි ඉදිරිපත්කර තිබෙනවා අධිකරණයට කොමදෝරු දසනායක කෙසේ හෝ රක්ෂිත බන්ධණාගාර ගත කිරීම සඳහා. අතුරුදහන් වුනු තරුණයින් පස් දෙනාගේ දෙමව්පියන් විසින් අධිකරණය ඉදිරියේ හබයාස් කෝපස් නඩු ගොනු කළා. ඒ නඩු වාර්තා බැලුවොත් පෙනේවි සැබෑ සැකකරු දසනායක ද මුණසිංහ ද කියන එක. කොමදෝරු දසනායක මේ ප්‍රශ්නයට ඈදා ගන්න කෙස් ගසක තරම්වත් කරුණු නැති බව මේ නඩු වාර්තා අධ්‍යයනය කලාම පැහැදිලිව පේනවා.

නාවික හමුදාවේ නම විකුණා කප්පම් ගැනීම් සිදු කළ නිළධාරින්ට ලබා දිය හැකි උපරිම දඬුවම ලබා දෙන්න. නමුත් කිසි වරදක් නොකළ මේ විශිෂ්ට නිළධාරියා දඩයම් කිරීම ආණ්ඩුව නැවැත්තුවේ නැති නම් අනාගතයේ තමන්ගේ දරුවන් හමුදාවට එකතු කරන්න කිසිම දෙමව්පියෙක් ඉදිරිපත් නොවේවි. දශක තුනක් රණවිරු දෙමව්පියෝ බියෙන් සැලෙමින් සිටියේ කොයි මොහොතේ තමන්ගේ පුතා කොටි මරාවි ද කියලා. දැන් වසර තුනක් තිස්සේ රණවිරු දෙමව්පියන් බියෙන් සැලෙමින් ඉන්නේ කොයි මොහොතේ තමන්ගේ දරුවා පොලීසියෙන් කුදලාගෙන් යාවි ද කියලා? අද කොටි ත්‍රස්ථවාදයේ පරාජයත් සමග අපි සාමයෙන් සැනසීමෙන් ජීවත් වෙනවා. නමුත් අපිට සාමය සැනසීම ගෙනැවිත් දුන් රණවිරුවා අද බියෙන් සැලෙමින් ජීවත්වෙනවා. ලෝකයේ කිසිම ජයග්‍රාහි හමුදාවක් මුහුණ නොදුන් අවාසනාවන්ත තත්වයක් මේක. මම මේ පරගැති රූකඩ ආණ්ඩුවට අභියෝග කරනවා අපේ රණවිරුවන් මුහුණ දෙන මේ අවාසනාවන්ත තත්වයට මුහුණ දුන් තව එකම එක හමුදාවක් නම් කරන්න කියලා.

ඒ වගේම මම පොළිස් මාධ්‍ය ප්‍රකාශකට අභියෝග කරණවා ඒන්න මා සමග විවාදයකට පාළු ගෙයි වලං බිදින් නැතුව. මේ පොලීසිය කරන අමන තකතීරු වැඩේ ජාතිය ඉදිරියේ හෙළි කරන්න අපි ගාව තොරතුරු තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමණි ඔබ පවසන්නේ සත්‍ය යැයි ඔබේ හදවත කියනවනම් එන්න මා සමග විවාදයකට. ඔය කාකි සූට් එක ඇදීමට ඔබ නුසුදුසු බව මම එහිදී ඔප්පු කර පෙන්වන්නම්.

– අරවින්ද අතුකෝරල

15,806 Viewers

28 Comments to “කොමදෝරු DKP දසනායක ගැන පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කියූවේ ගල් පැලෙන බොරු බව හෙලි කරයි..”

  1. channa says:

    නාවික හමුදාවේ ඝාතක කල්ලියක් විසින් සිංහල දෙමළ මුස්ලිම් සිසු දරුවන් කප්පම් සඳහා පැහැරගෙන කප්පම් ලබාගෙන ඝාතනය කිරීම සම්බන්ධයෙන් හිටපු නාවික හමුදා ප්‍රකාශක ඩී.කේ.පී. දසනායක අත් අඩංගුවට ගැනීම ‘රණවිරු දඩයමක්‘ බවත් ‘සිසුන් එල්ටීටීඊ කාරයන්‘ බවත් විමල් වීරවංශ නමැති පඩත්තර දේශපාලුවා විසින් මාධ්‍ය හමුවක් පවත්වා කරන ලද ප්‍රකාශ බොරු යැයි ඔප්පු කිරීම පිණිස ඝාතනය කරන ලද සිසුන්ගේ දෙමාපියන් විසින් අද මාධ්‍ය හමුවක් පැවැත්වූහ.

    ඊට සහභාගී වූ එක් පියෙක් හිටපු හමුදා නිලධාරියෙකි. සිංහල ජාතිකයෙකි. එක් දරුවෙකුගේ මවක් වූ සරෝජිනී නාගනාදන් මහත්මිය විවාහ වී ඇත්තේ සිංහල අයෙකු සමග ය. තම දරුවා නිදහස් කිරීමට රුපියල් කෝටියක් ඉල්ලූ බව කී ඇය ඒ සම්බන්ධයෙන් හිටපු ධීවර ඇමැති ෆීලික්ස් පෙරේරාට කී විට ෆීලික්ස් පෙරේරා දුරකථනයෙන් හිටපු නාවික හමුදාපති කරන්නාගොඩ අමතා දරුවන් නිදහස් කරන්නැයි ඉල්ලා සිටි බවද ඇය කීවා ය. ෆීලික්ස් පෙරේරා ඒ සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපතිවරයාට නිකුත් කළ ලිපියක් ද ඇය මාධ්‍ය හමුවට ඉදිරිපත් කළා ය. is this lie?

    • visu says:

      මෙතන කොටන………… රුපියල් 1600 යේ UNP පඩත්තරයා කවුරුන්ද…..? කියලා අපි දන්නවා

      • Wijebahu says:

        1600 wunath, eya kiyanne aththa. thopita hithak papuwak naddha me wage jara wada karala, e ahinsaka kollanwa LTTE karaying kiyala hanwadu gahanna.? thopita hena hatah wadinawa. e demawpiyange handu kaduluma athi mewa sadaraniya karana evunta hena hatha wadinna.

        • kate says:

          Thota hithak papuwak nadda Wijebahu haraka varadi karapu eka hire noda ahinsakayek hire danna?

          • Wijebahu says:

            Ekata thamai mee harako Usavi thiyenne. thama hire dala naha. remand witharai. ekanisa tahppulane nathuwa hitu. ranaviruwa balla wenawada nidhas wenawada kiyala balaganna puluwan wei.

          • sky says:

            channa -Wijebahu -Ratata Adare….
            STOP PROMOTING . LTTE Tamil terrorist propaganda ….

      • Ratata Adare says:

        රණවිරුවෙක් හිරේ දාන එක හරි නැති බව ඇත්ත. නමුත් වරදක් කරලනන් අනිවාර්යෙන්ම දඬුවම් දිය යුතුයි. අඩු ගානේ මේ පතෝල ආන්ඩුව ඒකවත් හරියට කරයි කියල පතමු. මුකද දේශපාලන හොරුටික අල්ලන්න කොන්ඳක් නැති නිසා.

        • Kamal says:

          `channa’ කියල සිංහලෙනුත්, `Wijebahu’ කියල ඉංග්‍රීසියෙනුත් කොටල තියෙන්නෙ කොටින්ගෙ ඩොලර් වලට කහින වික්රමබාහුවාම නේද?

          • Alapaluwa says:

            හරියටම හරි ඔය කාලකන්ණි ඩොලර් වලට කහින වික්‍රම පරයා තමයි.

        • SAPU says:

          යුද්දය කරන කල සැම හට ඔබ දෙවියෙක්
          ජාතියේ පිනට මෙලොවට බිහි වූ නිරිදෙක්
          යුද්දය නිමකරල දුන් පසු ඔබ සතුරක්
          යුද්දෙ කරපු ත්‍රස්තවාදීන් දෙමලු විය අද විරුවන්
          නඩු කිහිපයක් එකපිට එක පිට දාලා
          රට වෙනුවෙන් උන්නු නුබ සිර ගෙට දාලා
          බොරු චෝදනා ගොන්නක් ඔබ ගැන කියලා
          කිරිබත් කනව නිතිය බල්ලට දාලා
          තුන් වැනි වතාවට බුදු පුද කල රටක
          දෙවියන් නිරතුරුව බැල්මෙන් ඇති රටක
          ඔබ වැනි අයට මේ වැනි විපතක් කිමද
          දෙවියනි බුදුනි මේ දෙස නොබැලුවේ කිමද
          සත්‍යය කවද හරි දිනයක දිනනවය
          කකුළුවො නටන්නේ දිය රත් වෙන තුරුය
          රජ අණ අනුව යැව්වත් ඔබ සිර ගෙදර
          හදවත් පැතුම් සිර කල හැකි වේද තව
          තිස් වසරක් මගේ මවු බිම වෙලාගෙන
          කොටියට බයෙන් අප හද ගිනි තියාගෙන
          වුන් කල නිමා කල රණවිරුවනි දයාබර
          නුබේ නමට කවි උපහාර පුදමි මම

        • OLU says:

          @ Ratata Adare
          රට ආදරේ තියන පුද්ගලයෙක් මේ වගේ නරුම කතාවක් කියනවද ?
          රට ජාතිය වසර 30 බිහිසුණු ත්‍රස්තවාදයෙන් බේරාගත් රණවිරුවාට විරුද්ධව සනාථ කල නොහැකි බොරු චෝදනා වලට අනිවාර්යෙන්ම දඬුවම් දිය යුතුලු …. මොහුගේ ඔලුව විකල්ද ? ඇත්තටම පිස්සුද ?
          දරුණු කළු කොටි නිදහස් ..කොටි ත්‍රස්තවාදීන්ට දඩුවම් නැහැ රජයෙන් වන්දි මුදල් ….. මොකද්දමේ අවනීතිය .
          .අපේ රටේ ආරක්ෂක හමුදාවලට කුමකටද දඩුවම් කරන්නේ ? ඔවුන් කලේ අපේ රට ජාතිය LTTE මිනීමරු ත්‍රස්තවාදීන්ගෙන් බේරාගැනීමට කටයුතු කිරීමයි එක වරදක් වන්නේ කෙසේද ? කොටි දෙමල ඩයස් පෝරාවේ අවශ්‍ය තාවයන් සපුරා ලීමට කටයුතු කරන වත්මන් ආණ්ඩුව ගැන අපට ඇත්තේ කලකිරීමක් ..අප්‍රසාදයක් …මිනිමරු කොටින්ට විරුද්ධව ඔවුන් කල වැරදි වලට දඩුවම් නොදෙන්නේ මන්ද ? මොකද්ද මේ අවනීතිය ?
          සිරිසේන -රනිල් ඉල්ලා අස්වන්න ..රණවිරු දඩයම නවත්වන්න

        • Saradiel says:

          Where are the evidence of war crimes to establish beyond doubt that a case for war crimes exist? The burden of proof rests with those making allegations. You cannot make allegations and demand people be put into prison and charged without proof simply because you produce some anonymous ‘witnesses’ whose identities are sealed for 20 years and a few edited drama documentaries!
          None of the handful of items that have been flagged and flogged by these UN officials as war crimes need war crimes tribunals. The accusation of genocide of minimum 40,000 is without names and without dead bodies or even skeletons! How can there be murder without a dead body?

    • sahan says:

      true…

    • SARA says:

      කොමදෝරු DKP දසනායක වහාම නිදහස් කරනු ..රණවිරු දඩයම නතර කරනු

    • JOY says:

      @channa
      කරුණාකර මුදලට අපේ රණවිරුවන් පාවා දෙමින් බොරු චෝදනා සත්‍ය බව පෙන්වීමට උත්සාහ දරන්න එපා
      බොරු නොලියන්න ..අද ඔබ මේ රටේ නිදහසේ ජිවත් වන්නේ අපේ විරෝධාර රණවිරුවන් නිසයි ..අවස්ථාවාදීයෙක් නොවන්න ..ඇයි උතුරේ මෙලෙච්චේද මිනීමරු කොටි ත්‍රස්තවාදීන් නිදහස් කිරීම ගැන ඔබ විරුධතාවය පලනොකරන්නේ ?
      මුදලට දෙමල ඩයස් පෝරාවේ කටු කන ඔබ වැනි හිවලුන් අපේ රටට සාපයක් ඔබ ගැන ඔබම ලජ්ජා විය යුතුයි

    • sky says:

      channa –Shut your tiger mouth and get lost idiot ….Never insult our Great political leader Hon. Wimal
      or our Great WAR HEROES

    • Luxman Moralandha says:

      ෆීලික්ස් පෙරේරා is a koti sympathier. He along with Vijaya and Ossie visited tiger dens in Jaffa in the early part of 1980. Ironically all three of them were Cathiolics. Later all three of them and Chandrika viited Tamilnadu and had talks with tiger leaders exiled in India too. So, still their allegiance is to tigers, not war heroes.

      • Engalthina says:

        Correct! Chandrika addresses Velu as Mr. Prabakaran and openly makes statements supporting the LieTTE.
        Ossie’s son is writing to media promoting the same ideology.

    • Mahasona says:

      channa
      කොමදෝරු දසනායක මේ ප්‍රශ්නයට ඈදා ගන්න කෙස් ගසක තරම්වත් කරුණු නැති බව මේ නඩු වාර්තා අධ්‍යයනය කලාම පැහැදිලිව පේනවා
      .දෙමල ඩයස් පෝරාවේ ඩොලර් වලට කඩේ යනවට වඩා හොදයි පාරේ සිගමන් යැදීම ….ලැජ්ජයි උබවැනි පුද්ගලයින් අපේ රටේ සිටීම ගැන …පලයන් තැමිල් නාඩුවට කොටි ත්‍රස්තවාදීන් සමග ..අපට පව් නොදී ..බුරුවා

    • LION says:

      When the Tamil Terrorists were in their infancy in the 80’s, the first terrorist training camps were based in Tamil Nadu, India. Weapons to arm this viscous terror group were supplied by Tamils living there and funded by Tamils worldwide Tamil homeland in India is used extensively as an illegal arms smuggling base to terrorists in Sri Lanka by the Tamils
      It is sad to see Tamil Terrorists making the politicians in Tamil Nadu, Canada, UK and Australia create noise to stop the liberation of LTTE/terror-held areas. This is nothing but another stunt by Tamil Terrorists to turn the tables in their favor and has nothing to do with civilian deaths. If Tamil Nadu and India were really concerned about civilians, why not stop arms smuggling to and supporting the LTTE that has killed so many civilians? Why not move to eliminate the Tamil Terrorists, for the sake of civilians? What about concern for the innocent civilians killed by LTTE suicide bombings? What about concern for so many children recruited as soldiers to fight a brutal terror war against a democracy? We don’t ever here politicians in India or Tamil Nadu, Canada, US, Norway, UK and Australia alarmed by those atrocities. Where are their actions to stop this carnage by eliminating the source of all evil, the LTTE? Hope you can see the crocodile tears.

  2. මින්දද says:

    ඔහු කර ඇත්තේ පදනම් විරහිත චෝදනාවක් නම්. මේ පොලිස් නිළධායාට එරෙහිව අපහාස නඩුවක් ගොනුකර විශාල වන්දියක් ඉල්ලිය හැකියි. ඔහු ප්‍රකාශය කල බවට වීඩියෝ සාක්ෂි ඇති නිසා එය ඉතා පහසුයි.

  3. PISSU PUSHA says:

    Police State are now full of dogs. We must corner them from society for everything. Even not get wed to any this dogs families

  4. Brahmana says:

    රණවිරුවන් දංගෙඩියට, මිනීමරු කොට ත්‍රස්තයන් ඇතුලට!
    වෙනස සැපද?

  5. Brahmana says:

    රණවිරුවන් දංගෙඩියට, මිනීමරු කොටි ත්‍රස්තයන් ඇතුලට!
    වෙනස සැපද?

    • අනාචාර්ය විජේසුරිය says:

      රණවිරුවන්ට කෙසේ වෙතත් කොටින්ටයි, අපිටයි නම් වෙනස නියමයි!
      මේ යමපාලන ආණ්ඩුව අපේ කොටි සහෝදරයො ඉල්ලන, ඉල්ලනදේ දෙනවා. ඩයස්පෝරාවෙන් අපිට ඩොලර් හම්බවෙනවා.

      වෙන ස්වර්ගයක් කුමටද?

      • අඹර දමිල හිමි says:

        අපිටත් සරුයි!
        ගිය මාසෙ ජනපති තුමන් ඉන්දුනීසියා (Indonesiya) වට ගිය නිල සංචාරයට මටත් සහභාගි වෙන්ඩ පිනා චාන්ස් එකක් ලැබුනා. කාටද ආඩම්බර?

        • වීයන් ගොඩ says:

          නැතුව, නැතුව? සරු වෙන්ඩම ඕනැ. නැත්නම් කොහොමද ඔබ වහන්සෙ ඔය චීන ඌරෙක් වගේ පුෂ්ඨිමත් වෙලා ඉන්නෙ!

Main News