කොරියානු රැකියා කෝටාව ශ‍්‍රී ලංකාවට අහිමි වෙන්න යයි..

July 30, 2017 at 6:48 pm | lanka C news
කොරියානු රැකියා කෝටාව ශ‍්‍රී ලංකාවට අහිමි වෙන්න යයි..

ශ‍්‍රී ලංකාවට මෙතෙක් හිමි වූ ඉදිරියේදී කොරියානු සහ ඊශ්‍රායල රැකියා අවස්ථා අහිමි විමේ අවදානමක් මතුව ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ක්‍රියාකාරි අධ්‍යක්ෂ උපුල් දේශප්‍රිය මහතා සදහන් කරයි.

ශ‍්‍රී ලංකිකයන් ගිවිසුම්ගත සේවා කාලය නිමා වූ පසුද එම රටවල නීති විරෝධී ලෙස රැදී සිටීම නිසා මෙම තත්වය උදා වී ඇතැයි ඔහු කියා සිටී.

කොරියාවේ පමණක් එසේ නීති විරෝධීව මෙරට ශ‍්‍රමිකයින් 5,000ක් පමණ රැඳී සිටින බවත් ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී නීතීමය ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු වැඩි දුරටත් සදහන් කරයි.

10,282 Viewers
Main News