කොළඔ ජාතික රෝහලේ තේ, කිරිතේ ටෙන්ඩර් කැදවා නෑ.. නෙස්ටී-නෙස්කැෆේ පමණයි..

December 21, 2016 at 12:40 pm | lanka C news | ලංකා සී නිවුස්
කොළඔ ජාතික රෝහලේ තේ, කිරිතේ ටෙන්ඩර් කැදවා නෑ.. නෙස්ටී-නෙස්කැෆේ පමණයි..

කොළඔ ජාතික රෝහලේ ආපනශාලාව ටෙන්ඩර් කැදවා ඇති අයිතම වර්ග 58ක් තුල තේ හෝ කිරි තේ නොමැති බවත් ඒ වෙනුවට ඇත්තේ නෙස්ටී හා නෙස්කැෆේ පමණක් බවත් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.

එම සංවිධානය විසින් මේ බව සදහන් කරමින් සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් වරයා වෙත යවා ඇති ලිපිය මෙහි දැක්වෙයි.

කොළඔ ජාතික රෝහලේ ආපනශාලාව ටෙන්ඩර් කිරීම

2016 දෙසැමිබර් මස 15 වන දිනයේ විවෘත කරන ලද කොළඔ ජාතික රෝහලේ ආපනශාලා ටෙන්ඩරයේ විකිණිම සදහා අයිතම වර්ග 58 ක් සදහා මිල ගණන් කැදවා තිබූ අතර එම අයිතම අතර ප්ලේන් ටී සහ කිරිතේ සදහන් කර නොමැත. ඒ වෙනුවට අදාල ටෙන්ඩර් පත්‍රිකාවේ සදහන් කර ඇත්තේ නෙස්ටී හා නෙස් කැෆේ සදහා මිල ගණන්ය ඒ පිළිබදව අප සංවිධානයේ විරෝධය ප්‍රකාශ කරන අතර ජාතික රෝහලේ නේවාසික රෝගීන්ට එහි සේවක මංඩලයට හා රෝගීන් බැලීමට එන බාහිර පාර්ශව වලට මෙරට තේ කෝප්පයක හා කිරි තේ එකක රස බැලීමට නොදීමට තීරණය කරන ලද්දේ කවුරුද හා රු.15 ක මිලකට අලෙවි වන ප්ලේන්ටිය වෙනුවට රු.40 ක් ගෙවා නෙස් ටී හෝ නෙස් කැෆේ එකක් මිලදී ගැනීමට සැලැස්වූ නිළධාරීන් පිළිබදවද විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස අප ඔබ තුමාගෙන් ඉල්ලා සිටින අතර ඔබතුමා විසින් නෙස්ටී හා නෙස් කැෆේ රෝහල් තුළින් ඉවත් කරන්න යයි වාචිකව හා ලිඛිතව උපදෙස් දී තිබියදී මෙම නෙස්කැෆේ හා නෙස් ටී අදාල ටෙන්ඩර් පත්‍රිකාවට ඇතුලත්කළේ ඇයිද යන්න පිළිබදවත් නිසි පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා සිටිමු.

තවද මෙරට බහුජාතික සමාගම් සදහා මෙතරම් අනුග්‍රහයක් සෞඛ්‍ය අමාත්‍යාංශය ලබාදෙන්නේ ඇයිද යන්න පිළිබදවත් අප තුළ සැකයක් ඇතිවන බැවින් අප සංවිධානය විසින් මේ පිළිබදව අල්ලස් හෝ දූෂණ කොමිසම වෙත පැමිණිලි කිරීමට ද තීරණය කරන ලද අතර උක්ත ටෙන්ඩර් පත්‍රිකාව වහාම අවලංගු කිරීමට කටයුතු කරන ලෙසද ඉල්ලා සිටිමි.
ස්තුතියි මෙයට

රංජිත් විතානගේ
සභාපති

5,238 Viewers

2 Comments to “කොළඔ ජාතික රෝහලේ තේ, කිරිතේ ටෙන්ඩර් කැදවා නෑ.. නෙස්ටී-නෙස්කැෆේ පමණයි..”

  1. වෛද්‍ය ගුණරුවන් says:

    මෙවා තනිකරම වස තමයි. සීනියි කෘතිම රස කාරකයි රටේ නිරෝගි ජනතාවට පොවා දියවැඩියාව ඇතුලු රෝගීන් බිහිකිරීම නෙස්ලේ වැනි බහු ජාතික සමාගම්වල පරමාර්ථ යයි.

  2. Sihala Yaka - සිහල යකා says:

    නෙස්ටී යනු කිරි රසය ට සමාන වෙන්න විවිධ තෙල් වර්ග​, අප ද්‍රව්‍ය ප්‍රෝටීන් වර්ග (by-product of cheese production​) , රසායනද්‍රව්‍ය හා වර්ණක එක් කර සාදන කෘත්‍රිම කිරි තේ මිශ්‍රණයකි.

    ජලය උනුකර තේ කොල, කිරි දමා සාදන කිරි තේ එකක රසය හෝ ගුණය එහි නැත​. ඇත්තේ අහිතකර රසායනයන් වර්ණක හා සීනි පමණි.
    එයට අමතරව රෝහලේ නම් ටෙන්ඩර් නිළධාරීන් ගේ සාක්කු වල අල්ලස් සල්ලි.

Main News