කොළඹ කුණු නසන්න ආ ජර්මානු සමාගමෙන් ඇමති චම්පික කෝටි 52ක් අල්ලස් ඉල්ලලා.. සමාගම යන්න ගිහින්..

April 19, 2017 at 9:20 am | lanka C news
කොළඹ කුණු නසන්න ආ ජර්මානු සමාගමෙන් ඇමති චම්පික කෝටි 52ක් අල්ලස් ඉල්ලලා.. සමාගම යන්න ගිහින්..

කොලඹ නගරයේ හා ඒ ආසන්නයේ එකතුවන කැලිකසලවලින් විදුලිය නිෂ්පාදනයට ආ ජර්මානු සමාගමකින් ඇමති චම්පික රණවක විසින් අති විශාල කොමිස් මුදලක් ඉල්ලා සිටි නාසා එම ව්‍යාපෘතිය අතහැර දමා සමාගම යන්නට ගිය බව එජාප හිතවාදී වෙබ් අඩවියක් වාර්තා කරයි.

ඇමතිවරයා යටතේම ඇති නාගරික සංවර්ධන අධිකාරිය විසින් 2016 වසරේදී අදාල ජර්මානු සමාගම තෝරා මෙම ව්‍යාපෘතිය සදහා තෝරා ගන්නා ලද බවත් එම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට නම් ඩොලර් මිලියන 3.5ක් හෙවත් රුපියල් කෝටි 52ක මුදලක් අල්ලස් ලෙස ලබා දෙන ලෙස ඇමති රණවක සිය ගෝලයන් මාර්ගයෙන් සමාගමට දැන්වූ බවත් එම පුවත් වාර්තාවේ දැක්වෙයි.

මේ නිසා එම ව්‍යාපෘතියද අතහැර දමා සමාගම යන්න ගිය බවද එහි සදහන්ය.

අදාල වාර්තාව මෙතනින්

24,876 Viewers

13 Comments to “කොළඹ කුණු නසන්න ආ ජර්මානු සමාගමෙන් ඇමති චම්පික කෝටි 52ක් අල්ලස් ඉල්ලලා.. සමාගම යන්න ගිහින්..”

  1. බන්ඩය්යා says:

    දැන් අවුරැදු දෙකහමාරක් රනිල/සිරා ‘යහපාලනයක්’ කියල ජඩපාලනයක් කොරනවා.
    මහබැංකුවට විද්දා. බදු වැඩි කලා. දඩ වැඩි කලා. බඩු මිල වැඩි කොලා.
    තාජුදීන්ගෙ ලසන්තගෙ මිනී නාඩගමට ගොඩ ගත්තා.
    රාජපක්ෂලගෙ හොර සල්ලි බිලියන ගනන් අැල්ලුවා කිව්වා.
    අගමැටියට ජඩපතියට මැත්තන්ට අැමැත්තන්ට ෆොනියට සැප කාර් තොගේට ගෙනාවා.
    ඒ අස්සෙ කුනු කන්ද ගැන මරික්කාරය බොරැ උද්ඝෝෂණ කොලා.
    කුනු කන්ද තව තවත් ලොකු උනා.
    කුණු කන්දෙ බර වැඩි කමට මිනිස්සු පන පිටින් වලල ගෙන සහ ගෙවල් යට කරගෙන පැත්තට තල්ලු උනා.
    දැන් හැත්ත බුරුත්තම කියනවා වැරැද්ද රාජපක්ෂලගෙලු.
    මේ හතර බීරි කතා අහල අඬමුද, හිනා වෙමුද, හැතිකරේට විරුද්ධව පෙල ගැසෙමුද?

    • kiri hondar says:

      well said nothing more to be added…r

      • sujaatha says:

        මෙයාගේ සේකට්‍රි කෙනෙක් නේද අර කොහේදෝ දකුණු ඇමරිකානු රටක සල්ලි දැම්ම ලැයිස්තුවෙත් හිටියේ
        හනේ අපි මුට රවටුනානේ අපි හිතුවේ මු හරි අවංක පොරක් කියල

    • podi gamaya says:

      Niyama kathawa. Munge maha loku project eka FCID.Devani eka unta vahana gennana eka

  2. රාහුල කොලුවා says:

    ආ… මේ දෙන්නා රෑට රෑට දැන් හීනෙන් බය වෙනවා කියන්නේ එහෙනං බොරුවක් නෙවෙයි… ඇයි… මැරුන මිනිස්සුන්ගේ ආත්මවලට පේනවනේ වුනේ මොකක්ද කියලා…

    • asaranaya says:

      ඉසුරුවා පච වකයට බොලේ පාස් කොරොනවා , පච වකයා ඉසුරුවාට බොලේ පාස් කරනවා , ඔහෙම යනවිට තොපිලගෙ බෝල ඉබේටම , බිමටම බහීවි .ජඩපාලන පඹ හිටන්ගේ ක්‍රමය, අනේද කියන්නේ හිටන්!

  3. sarath says:

    I am with you Bandaiya !!!!!!

  4. PachaMan In Action says:

    Mu Mahinda-Basilta wiruddaune ( Jan 8), muta HORA KANNA ida thibbene.

  5. White Shark says:

    There are several STANDARD ways to address the garbage issue.

    1. Incineration- This is popular in European and Nordic countries. It is not suitable for our country. Once all our garbage is disposed we would not have enough garbage to make use of these Incineration Plants. It generates greenhouse gas such as Methane and Carbon Dioxide. Sweden, Germany and many other countries have Incineration Plants. They have already run out of garbage and in order to produce electricity, these countries now import garbage from neighbouring countries!!!

    2. Anaerobic Digestion – The method is to use an enclosed chamber to keep garbage without oxygen and let bacteria grow by using the oxygen generates within the garbage. This takes years. As it produces Methane it is not an eco friendly method unless Methane is burnt to generate power.

    3. Plasma Gasification Mobile Plant (wet or cold garbage) – This is an eco friendly method. Canada and some other countries follow this method. The concept is using a super heat like Centigrade 2000 to heat the garbage and then melt them into a lava type substance. In other waste types, the material turns into a lint like substance and then it is converted to synthesis gas.

    NONE OF THE ABOVE IS SUITABLE TO OUR COUNTRY.

    What we should do is promote recycling through education and regulation. The attitude of the people should be changed first.

    මීතොටමුල්ල කුණු කන්ද මෙතනින් තව තැනකට ගෙනියන එක විසඳුමක් නෙමෙයි. ඔය කුණු කන්දට විසඳුම ඔතනම දෙන්න ඕනේ.

    කුණු කන්ද තවත් කඩා වැටෙන්න ඉඩ තියෙනවා කියන හින්දා, මිනිස්සුන්ව එතනින් ඉවත් කරලා තාවකාලික නවාතැන් සලස්සලා දෙන එක ආණ්ඩුවේ වගකීමක්. පව් මේ මිනිස්සු. මේ වගේ කුණු කන්දක් ළඟ කොහොම ජීවත් වුනාද කියලා හිතා ගන්නත් අමාරුයි.

    කවුද මේ පළාතේ මන්ත්‍රීවරු? අර දෙන්නනේ නේද? Marikkar and Mujibur Rahman!!! තමන්ගේ ඇහේ පොල් පරාලේ තියාගෙන අනුන්ගේ ඇහේ කෙන්ද ගැන අවුරුදු දෙකක් කතා කර කර හිටියා මිසක් තමන්ගේ පළාතේ මිනිස්සු වෙනුවෙන් මෙලෝ දෙයක් කරලා නැහැ.

    කුණු කන්ද අඩි 300ක් උසයි කියලා තිබුන. ඒ කියන්නේ ලංකාවේ සාමාන්‍ය කෙනෙකුගේ උස අඩි 5 අඟල් 4ක් කියල ගත්තොත්, මිනිස්සු 55ක් එක් එක්කෙනාගේ හිස උඩ හිට ගත්තොත්, කුණු කන්ද ඒ හා සමාන උසයි!

    පහුගිය ආණ්ඩුව මේ කුණු කන්ද ගැන මුකුත් කලේ නැහැයි කියන කතාවත්, අපි කරන්න හිටිය, පැරදුන නිසා බැරිවුනා කතාවත්, පහුගිය අවුරුදු දෙක ඇතුලේ මේ ආණ්ඩුව මේ කුණු කන්ද ගැන කිසි දෙයක් කලේ නැහැ කියන කතාවත්, අපි මේකට සැලසුම් හද හදයි හිටියේ ඒ අතරේ මේ කුණු කන්ද කඩා වැටුනනේ කියන කතාවත් ඇතුළු ශ්‍රී ලංකා, යූඑන්පී දේශපාලකයන්ගේ මේ හැමදාම කරපු බෝලේ පාස් කිරීම අවඥාවෙන් හෙලා දකිනවා.

    ඒ වගේම මධ්‍යම ආණ්ඩුවයි, ඇමැතිවරුයි, කොළොඹ මහ නගර සභාවයි, පළාත් සභාවයි, නාගරික සංවර්ධන අධිකාරියයි හැමදාම කරන blame game එකත් අවඥාවෙන් හෙලා දකිනවා. ගිය ආණ්ඩුවෙයි මේ ආණ්ඩුවෙයි දෙකේම ඔය ආයතන වල තීරණ ගන්න තැන්වල හිටියේ අපිද, මුකුත් කරන්න බැරි වුනා කියල දැන් කියන්නේ?

    හර්ෂ කිව්වා මේ කුණු කන්ද අවුරුදු 20ක් තිස්සේ තිබුන කියල. ඒ කියන්නේ අවුරුද්දකට අඩි 15ක් උසට කුණු ගොඩ ගහලා, අද වෙනකොට අඩි 300ක් උඩට ගොඩ ගහලා තියෙනවා.

    ජනතාවගේ පැත්තේ ඉඳන් බලන කොට, කුණු කන්දට සහ කුණු ප්‍රශ්නෙට මගේ විසඳුම මේකයි.

    1. ආණ්ඩුව මිලට ගන්න ඕනේ “Mobile Municipality Waste Compost Screen Machines”.

    මේවා චීනෙන් ගන්න පුළුවන්. Brand එක Trommel. එකක් US$ 25,000 ක් විතර වෙනවා. මේවා 4ක් 5ක් අරගෙන, මීතොටමුල්ලේ තියෙන කුණු compost කරන්න පටන් ගන්න ඕනේ. මේ වල screen එකක් තියෙන නිසා වැඩේ පහසුයි. මේ විදියට අවුරුදු 10-20 කුණු එකතු වෙලා තියෙන හැම තැනකම තියෙන ඒවා එතනම තියලා compost කරන්න ඕනේ. ඊට පස්සේ එතනම මේ compost විකුණන්න ඕනේ. “Meetotamulla Compost” කියලා ලස්සණ නමක් දාලා reusable ගෝනි වලට pack කළා නම් හොඳ මිලකට විකුණන්න පුළුවන්.

    2. කොළොඹ නගර සභාව Mobile Waste Compactors ගන්න ඕනේ. මේ වල තියෙනවා Ring Exchange කියලා කෑල්ලක්. ගන්න කොට මේක තියෙන එක ගන්න ඕනේ. එතකොට එකම Compactor එක cardboard, metal, recycled material වගේ කීපෙකටම පාවිච්චි කරන්න පුළුවන්. (Price is US$ 5000). Compactors වලින් කරන්නේ කැලිකසල හරි, කාඩ්බෝඩ් හරි, ටින් හරි ඕනේ දේක volume එක 1/6ක් දක්වා අඩු කරන එක. ඊට පස්සේ කොළොඹ මහ නගර සභාව කොළොඹ තියෙන හැම හෝටල්, ආපනශාලා, රෝහල්, ලොකු නිවාස සංකීර්ණ හැම එකටම නීතියක් දාන්න ඕනේ මේ Compactors පාවිච්චිය අනිවාර්ය කරලා. එතකොට ගෙනියන්න වෙන waste, garbage, paper ප්‍රමාණය අඩු වෙනවා.

    3. අඩු ගානේ කොළොඹ නගරයේවත් පටන් ගැම්මක් විදියට Solar Powered Trash Compactor Bins පාරවල් වල, park ළඟ, ස්කොල ළඟ, සාප්පු ළඟ, restaurant ළඟ, රෝහල් ළඟ තියන්න ඕනේ. මේ Bins වල දෙපැත්තේ advertisement දාන්න පුළුවන්. The most popular brand is BigBelly. ඇමතිවරු කෝටි ගණන් වියදම් කරලා recycling ගැන හදාරන්න පිටරට ගියා කියන හින්ද මම මේ video දෙක මෙතැන දානවා බලන්න, නැත්නම් මේ Bins බලන්නත් පිටරට යයි.
    https://youtu.be/Fo7GruEXVHA
    https://www.youtube.com/watch?v=EB68M2SRL1o

    කලින් වගේම කොළොඹ මහා නගර සභාවට පුළුවන් නීතියක් දාන්න පෞද්ගලික ආයතන වල මේ Solar Powered Trash Compactor Bins තැබීම අනිවාර්යය කරලා. මේකේ කරන්නේ මේකට දමන කුණු ප්‍රමානයේ පරිමාව අඩු කරන එක. ගැලුම් 36ක Bin එකට ගැලුම් 180ක් විතර දාන්න පුළුවන් මේකේ තියෙන compactor එක නිසා. මේකට cloud computing එකක් අයිතියි. මේ Bin එක පිරුනහම e-mail එකක් යනවා, අදාළ ආයතනයට. එතකොට Bin එකේ තියෙන කුණු බෑග් එක අයින් කරන්න තියෙන්නේ.

    4. Recycling වලට මිනිස්සුන්ව පුරුදු කරන්න ඕනේ. නීති ගේන්න ඕනේ.

    7 R’s කියල තියෙනවා මේ විදියට. Reject, Reduce, Reuse, Reclaim, Repair, Replace, Recycle!

    අවසාන වශයෙන් මිනිස්සුන්ගේ attitude එක වෙනස් වෙන්න ඕනේ. මේ කුණු කසල ආණ්ඩුවෙවත් මහ නගර සභාවෙවත්, පළාත් සභාවේවත් කුණු නෙමෙයි. මේවා අපේම කුණු කසල. මේවා පාවිච්චි කලේ අපි. අනාගතයේ මේ වගේ කුණු කඳු හැදෙන්නේ නැති වෙන්න නම් අපි අනවශ්‍ය විදියට polythene, plastic, styrofoam, paper, package පාවිච්චි කරන එක අඩු කරන්න ඕනේ. අපේ රට ලස්සන කරගන්න නම් අපි කැලි කසළ විදියට වීසි කරන දේවල් පාවිච්චි කරන එක අඩු කරන්න ඕනේ. මේවා පාසල් වල අමතර විෂයයක් විදියට පොඩි කාලේ ඉඳන් දරුවන්ට කියලා දෙන්න ඕනේ. කුණු දාන්න ඕනේ අල්ලුපු වත්තටවත්, වාහනේ දාගෙන ගිහින් වෙන කාගේ හරි ගෙදරක් ඉස්සරහාවත් නෙමෙයි කියන එක අවබෝධ කරගන්න ඕනේ. තමන්ගේ කුණු වල වගකීම තමන් බාර ගන්න ඕනේ. පුළුවන් තරම් කුස්සියේ ඉතුරු වෙන දේවල් සහ ගෙවත්තේ දේවල් කොම්පෝස්ට් කරගන්න ඕනේ. මේවට Mini Compost Bins තියෙනවා. මේවා ගැන මිනිස්සුන්ව දැනුවත් කරන්න ඕනේ.

  6. අමරබන්දු says:

    ජර්මානු සමාගමකින් ඇමති චම්පික රණවක විසින් අති විශාල කොමිස් මුදලක් ඉල්ලා සිටි නිසා එම ව්‍යාපෘතිය අතහැර දමා සමාගම යන්නට ගිය බව එජාප හිතවාදී වෙබ් අඩවියක් වාර්තා කරයි.

    ආලාපාලු රනවක ඕස්ට්‍රේලියානු පගාකාරයාගගෙ සුවච කීකරු ගෝලයනෙ. පොර හිතන්ඩ ඇති මිනිහත් ලොක්ක අනුකරනය කරමින් ඒ මගම යන්ඩ ඕනැ කියල.

Main News