කොළඹ නගර සභාවේ වෙබ් අඩවියෙන් සිංහල ඉවත් කරයි..

May 3, 2018 at 12:00 pm | lanka C news
කොළඹ නගර සභාවේ වෙබ් අඩවියෙන් සිංහල ඉවත් කරයි..

කොළඹ මහ නගර සභා නිල වෙබ් අඩවියෙහි සිංහල මාධ්‍යයෙන් තොරතුරු ලබා දීම නතර කරන බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

මීට හේතු වී ඇත්තේ දැනට එහි සිංහල මාධ්‍යයෙන් තොරතුරු යාවත්කාලීන වීමේදී තාක්ෂණික දෝෂයක් මත කරුණු විකෘති වීමය.

මෙතෙක් කල් එහි විස්තර ලබා දී ඇත්තේ ගූගල් තාක්ෂණය ඔස්සේ වචනයට වචනය ගලපා පරිවර්තනය කිරීමෙන් වන අතර මේ නිසා නගර සභා තොරතුරු වෙබ් අඩවියෙහි සඳහන් වීමේදී ලබාදෙන්නේ විකෘති අර්ථයි.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී කොළඹ මහ නගර සභාවේ නියෝජ්‍ය නාගරික කොමසාරිස් දමයන්ති මල්ලවආරච්චි මහත්මිය පැවැසුවේ එම තොරතුරු යාවත්කාලීන කිරීම බාහිර සමාගමක් මගින් සිදුකෙරෙන බවයි.

සිංහල මාධ්‍යයෙන් තොරතුරු යාවත්කාලීන කිරීමට අමතර ගෙවීමක් කිරීමට සිදු වන බව ද මල්ලවආරච්චි මහත්මිය වැඩිදුරටත් පැවසුවාය .

– lankadeepa

10,876 Viewers

7 Comments to “කොළඹ නගර සභාවේ වෙබ් අඩවියෙන් සිංහල ඉවත් කරයි..”

  1. kasun36 says:

    Ane lankacnews please check the information and put those news. nikam kiwwa kiyala danna epa. still the sinhala language available. ohoma news paper ekak damma paliyata hoyanne natuwa danna epa.

    • ජනක says:

      දැන් කවුරුවත් නැද්ද මුන් රාජ්‍ය බාෂා පනත උල්ලංගනය කිරීම නිසා තමුන්ගේ මුලික අයිතිවාසිකම් කඩ කරනවා කියල ඕක බාරව ඉන්න කළු සුද්දීයෙක් වන රෝසි සේනානායකට විරුද්දව නඩු දාන්න

      • CORBRA says:

        මනෝ ගනේෂන් .. කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ඇතුළු කාර්ය මණ්ඩලය වහාම ඉවත් කරනු
        සිංහල භාෂාව පමණක් රටේ රජයේ භාෂාව කරනු ..ජාතිවාදය පතුරවන බෙදුම්වාදයට රට ඇදගෙන යන සුළුජාතීන්ගේ දෙමල භාෂාව රජයේ කටයුතු වලින් වහාම ඉවත් කරනු ..සුළු ජාතින් අපේ රටේ ප්‍රධාන මව් බස ඉගන ගත යුතුයි ..එසේ නොකරන පුද්ගලයන්ගේ පුරවැසි භාවය අහෝසි කල යුතුයි

  2. saman says:

    hayiyoooooooooo ova maha vada da

  3. sinha le says:

    මෙයට හොදම විසදුම සිංහළ බාසාව පමනක් රජයේ බාසාව කල යුතුය

  4. Saradiel says:

    බොහෝ දේශපාලනඥයෝ ‘බලය’ ලබා ගැනීම සඳහා නොකරන දෙයක්‌ නැත. ඒ බැව් අප අත්දැකීමෙන් දනිමු. එහි අලුත්ම උපක්‍රමය නම් මහ මැතිවරණයකදී ආණ්‌ඩුවක්‌ පිහිටුවීමේ තීරණාත්මක සාධකයක්‌ වන දෙමළ/ මුස්‌ලිම් ඡන්ද ඩැහැ ගැනීමට කරන්නා වූ බාල ප්‍රකාශයි. මෑතකදී එක්‌තරා අමාත්‍යවරයකුගෙන් මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට ඔහු පිළිතුරු දුන්නේ, “කවුද කියන්නේ මේක සිංහල රට, සිංහල බෞද්ධ රට කියලා, කොහෙද ඒක ලියලා තියෙන්නේ” යනුවෙනි. සමහර විට එවන් දෙයක්‌ ප්‍රකාශ කිරීමට එය හිතාමතාම සූදානම් කොට ඇසූ ප්‍රශ්නයක්‌ ද විය හැක. එම පිළිතුරෙන් ඔහු බලාපොරොත්තු වන්නේ දෙමළ/ මුස්‌ලිම් ජනයාගේ හිත දිනා ගැනීම වන අතර “ඔව් මෙය සිංහල රට තමයි” යනුවෙන් දේශප්‍රේමී ජනතාව ඊට පිළිතුරු දෙන විට ඔවුන් නියෝජනය කරන පක්‍ෂ කෙරෙහි සුළු ජාතීන්ගේ සිත් කලකිරීමට පත් කොට ඔවුන්ගේ ඡන්ද වැළැක්‌වීමට සැලැස්‌වීමයි. බලය ලබා ගැනීම සඳහා දියත් කොට ඇති ජාතිය පාවා දීමේ නිහීන උපක්‍රමයන්ගේ කූටප්‍රාප්තිය මෙය බව අපේ හැඟීමයි.

    • ජනක says:

      දතා එසේ අසු නිසා අපි කලයුත්තේ නොර්වේ රටේ වියවස්තවේ එම රට සාමි ජාතිකයන්ගේ රට බව ලියා ඇති ලෙසම එම පාර්ලිඑම්න්තුවේ සාමි ජාතික කිර්හ්ටියානි ලුතර නිකාය අදහන සියයට 50%වඩා වැඩි නියෝජනයක් තිබිය යුතු බව ලියා ඇති ලෙසම ,එසේම එම ලුතර නිකායේ දෙමාපියන්ට ආගම මාරුකළ හැකි මුත් තම ළමුන්ගේ ආගම ඔවුන් වයස 18 වනතෙක් මාරු කල නොහැකි ලෙස ලියා ඇති ආකාරයෙන්ම අපිත් අපේ වියවස්තව වෙන කලයුතුයි .මෙරට ශිෂ්ටාචාරය සෑදු (එනම් බාශාවක් සන්කෘතියක් කලාවක් සංගීතයක් වෙදකමක් අක්ෂර ආදී ..)ජාතිය සිංහල නිසා සිංහලයාගේ එම අයිතිය විය්ව්සතවේ ලියා තබියයුතුයි ඒ සඳහා අපි සටන් කරමු

Main News