කොළඹ පාසල් 48 කින් ඩෙංගු මදුරු කීටයින් හමු වෙයි…

November 18, 2016 at 2:02 am | lanka C news | ලංකා සී නිවුස්
කොළඹ පාසල් 48 කින් ඩෙංගු මදුරු කීටයින් හමු වෙයි…

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය පසුගිය 10 සහ 11 දින දෙක තුළ සිදු කළ ඩෙංගු මදුරු මර්දන වැඩසටහනේ දී මදුරු කීටයන් බෝවීෙමි ප‍්‍රවණතාවයක් දක්නට ලැබුන බවත්, විශේෂයෙන්ම පාසල්, රාජ්‍ය ආයතන සහ ඉදිකිරීම් කළාපවල මදුරු කීටයන් වැඩි වශයෙන් දක්නට ලැබුන බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ජාතික සම්බන්ධිකාරක වෛද්‍ය හසිත තිසේරා මහතා සදහන් කරන ලදි.

ඒ අනුව පසුගිය 10 සහ 11 ක‍්‍රියාත්මක කරන ලද දෙදින මදුරු මර්දන වැඩසටහන තුල පාසල් 120 ක් පරීක්ෂාවට ලක් කර, මදුරු කීටයින් සහිත පරිශ‍්‍ර 48 ක්, සොයා ගනු ලැබ ඇත. එමෙන්ම රාජ්‍ය ආයතන 134 ක් පරික්ෂාවට ලක්කර ඉන් 48 කම ඩෙංගු මදුරු කීටයින් හමුව ඇති අතර, ඉදිකිරීම් කලාප 156 ක් පරීක්ෂාවට ලක් කර ඉන් 53 කම ඩෙංගු මදුරු කීටයින් සොයා ගනු ලැබ ඇති අතර, 63 කට නොතීසි සහ 32 කට නඩු පැවැරීමට කටයුතු කර ඇත.

තව ද කර්මාන්ත ශාලා ආශ‍්‍රීත පරිශ‍්‍ර 133 ක් පරීක්ෂාවට ලක් කර පරිශ‍්‍ර 38 ක මදුරු කීටයින් සොයාගෙන ඇති අතර, එහිදී 39 කට නඩු පැවැරීමට කටයුතු කර ඇත.

පවතින වැසි සහිත කාලගුණය සහ කීට විද්‍යා සමීක්ෂණ වාර්තා අනුව ඉදිරි මාස කිහිපය තුල ඩෙංගු රෝගය පැතිරීෙමි අවධානමක් පවතින බැවින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත මෙම දෙදින මදුරු මර්දන වැඩසටහනක් කොළඹ දිස්ත‍්‍රීක්කය කේන්ද්‍ර කර ගනිමින් ක‍්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබුනි.

එහි සමස්ත වාර්තාවට අනුව බස්නාහිර පළාතේ පරිශ‍්‍ර 12,056 ක් පරික්ෂාවට ලක්කර මදුරු කීටයින් සහිත පරිශ‍්‍ර 506 ක් සොයාගන්නා ලදි. එහිදී පරිශ‍්‍ර 1,565 ක් නිවැරදි කිරීමටත්, 867 කට නොතීසි නිකුත් කිරිමටත්, 316 කට නඩු පැවැරිමට ද කටයුතු යොදා තිබුනි.

– නිපුන් ඒකනායක

1,515 Viewers
Main News