කෝච්චියේ වඩේ විකුණූ ඌවේ මහ ඇමති චාමර සම්පත් ශ්‍රේණිගත විදුහල්පතිනියට තග දමා තමනට දණ ගසා වන්දවා ගනී..[Video]

January 19, 2018 at 10:37 pm | lanka C news
කෝච්චියේ වඩේ විකුණූ ඌවේ මහ ඇමති චාමර සම්පත් ශ්‍රේණිගත විදුහල්පතිනියට තග දමා තමනට දණ ගසා වන්දවා ගනී..[Video]

චාමර සම්පත් දසනායක ඌව පළාත් මහ ඇමතිවරයා සිය නිල නිවසට තමන් කැදවා තමාව දණ ගස්වා වන්දවා ගත් බව බදුල්ල දෙමළ බාලිකා මහා විද්‍යාලයේ විදුහල්පතිනි ආර්. භවානි මහත්මිය සදහන් කරයි.

කෙසේ වෙතත් මහ ඇමතිවරයාගේ හා පළාත් අධ්‍යාපන ලේකම්වරියගේ දැඩි බලපෑම් හේතුවෙන් මෙම සිදුවීම තමන් විසින් හෙලි නොකල බවද ඇය මාධ්‍ය හමුවේ හඬා පවැටෙමින් කියා සිටියාය.

මහ ඇමතිවරයා විසින් නිර්දේශ කරන ලද සිසුවෙකු පාසලට ඇතුලත් කර නොගැනීම හේතුවෙන් විදුහල්පතිනිය ඔහුගේ නිල නිවසට ගෙන්වා දණ ගස්සවා ඇතැයි පසුගියදා මාද්‍ය වාර්තා කලත් මහ ඇමතිවරයා එම චෝදනාව ප‍්‍රතික්‍ෂෙප කලේය.

එමෙන්ම විදුහල්පතිවරයාද කියා සිටියේ තමනට එවන් සිදුවීමක් සිදු නොවූ බවයි.

දණ ගස්වනු ලැබුවත් එවැන්නක් නොවූයේ යයි එකල කියා සිටියේ මහ ඇමති හා පළාත් අධ්‍යාපන ලේකම්වරියගේ බලපෑම නිසා බවද ඇය කීවාය.

තමන් මහ ඇමති වන්නට පෙර කෝච්චියේ වඩේ විකිණු බව මහ ඇමති චාමර සම්පත් දසනායක මහතා ලංකාදීප පුවත්පතට පවසා තිබින. එම වාර්තාව මෙතනින්

25,243 Viewers

15 Comments to “කෝච්චියේ වඩේ විකුණූ ඌවේ මහ ඇමති චාමර සම්පත් ශ්‍රේණිගත විදුහල්පතිනියට තග දමා තමනට දණ ගසා වන්දවා ගනී..[Video]”

  1. හරමාණිස් says:

    කෝච්චියේ වඩේ විකුනපු එකා මහ ඇමති වෙනවා.
    කෙහෙල්වත්තෙ ලැවරිය විකුනපු එකා ජනාධිපති වෙනවා.

    • ජනක says:

      මම සිංහල එත් දෙමල සිංහල බේදයක් නැතිව මේ ඇමතියා කල වැරැද්දට දැඩි විරෝදය පල කරනවා .මුන්ට ඕනා ඕනා විදියට රාජ්‍ය නිලධාරීන් හසුරුවන්න බෑ.මුන් යහ පාලනය කියල ඇවිල්ල කොරන්නේ මේවද ?
      මේ විදුහල්පතිනි අහිංසක තම රාජකාරිය නිසිලෙස කරන කෙනෙක් බව පැහැදිලියි මේ විදුහල්පතිනිය පාසලට ඇතුල්කර නොගත්තේ සිංහල ළමයෙක් නොවේ තමුන්ගේම දෙමල ළමයෙක් එසේ කලේ එය නීතියට පටහැනි නිසා නමුත් මේ තක්කඩි ඇමතියා මෙම විදුහල්පතිනියට තග දැම්මේ මුගේ බලයට අබියෝගයක් එල්ලවූ නිසා .වහාම මෙම ඇමතියා තනතුරෙන් පහ කරනු .
      එසේම ආණමඩුවේ ගුරුවරියට පහරදුන් අධම මිනිසාට නාමයෝජනා දීමට විරෝදය පාමු ලජ්ජා නැද්ද හැබෑට සරල ගැමියෝ මේවගේ උන්ට නාම යෝජනා /සංවිදායක තනතුරු දෙන්න

    • SAD TRUTH says:

      ඕක පත්තරේ ගියොත් තොත්ත බබෙක් දැනගනියි.

    • Upali says:

      හරමානිස්, කෝචියේ වඩේ විකුනුවත් කෙහෙල් වත්තේ ලැවරියා විකුනුවත් ප්‍රශ්නයක් නොවේ. මේ මහ ඇමති යයි කියාගන්න ඔලුව උදුමවා ගත් මෝඩ මිනිසා වගේ නොවෙයි හිටපු ජනපති තුමා.එතුමා අපිට දැනෙන්න වැඩ කල එඩිතර, සමාජවාදි අදහස් ඇති කෙනෙක්. මේ වගේ සක්කිලි වැඩ කලේ නැත.

      • Lion says:

        රිචඩ් ද සොයිසා ගේ මව ඇතුළු 60,000 ක් තරුණයන්ගේ මවුපියන්ගෙන් අහල බලන්න

        • Upali says:

          ඔය කියන මිනී මැරුම් සිදුවුනේ අරාජික වෙච්ච රටක රජයට විරුද්ද අයුද සන්නද්ද කැරෙල්ලක් තිබුන කාලේ කියල ලයන් දහේම නැතිද. ඒ හිටපු ජනපති තුමා රට බාර ගන්න කොට, කලින් හිටපු ජේ ආර් රට අනලා තිබුනේ.ආර් පී ජනපතිතුමා ටත් පාලනය කල නොහැකි තත්වයකට දැපැත්තෙන්ම මරාග්ත්තා. ඒත් එතුමාට අවන්ක උවමනාවක් තිබුනා රටේ ඇති නැති පරතරය අඩු කරන්න. එතුමා විරුද්ද වාදීන්ගෙන් සාරීරිකව පලි ගත්තේ නැත. එතුමා මේ මිනිහාට සම කරල තිබුන නිසායි මම එසේ කීවේ.

          • vimarshana says:

            උපාලි මහත්තයෝ, ආයුධ සාන්නද්ධ කැරැල්ලක් මැඩපැවැත්වීම සඳහා සිංහල තරුණයන් 60,000 ක් පමණ තරුණයන් මරා දැමු මෙමෙ වසලයා කොටින්ට මුදල් ආයුධ හා සිමෙන්න්ති ලබා දී මායිම් ගම්මාන වල ජීවත් වූ අහිංසකයන් හා රණවිරුවන් මරා දැමීම සඳහා ලබා දුන් දායකත්වය ඔබට අමතකද? වීජය, ප්‍රේමකීර්ති, සාගරිකා වැනි කලාකරුවන් මෙන්ම ඇතුලත්මුදලි වැනි බුද්ධම්තුන් අමු අමුවේ මරා දමනු ලැබුවේ මොහුගේ පාලන සමයේ බව ඔබ නොදන්නේද?

      • karsha says:

        Habai hitapu jadipathi thuma
        1) SUNAMI HORA KEWA.
        @0 kUDU ALLAPU EKAWA BERALA BDAGATHA NEDA?

  2. Haramanis Malayo, Owun okkoma paahara ballo ban……….malliyooooo

  3. Karu says:

    ආරම්භය එසේ විය හැක.
    ජිමී කාටර් සෙරෙප්පුවත් නොදමා රේල්පාරේ රටකජු විකුණූ කෙනෙක්. මිනිස්සු මේ වගෙ පහත් තත්වයට වැටෙන්න ඕනද?
    “අප්පස්සුතෝ යං පුරිසෝ
    බලි වද්දෝ ජීරතී
    මංසානි තස්ස වඩ්ඩන්ති
    පඤ්ඤාතස්ස නවඩ්ඩතී ”
    බලිවද්දෝ යනු ඌරාය.
    මස වැඩේ .
    මොළය නොවැඩේ.”

  4. රාහුල මල්ලී says:

    වඩේ එකක් ගිය දුර….. හැබැයි දැන් නම් මට හිතෙන්නේ ආපහු තාච්චියට වැටෙයි වගේ….

  5. samuvel says:

    මූ ආපහු වඩේ විකුනන්න ගියත් දන්න මිනිහෙක් නම් මුගෙන් වඩේ ගන්නෙ නෑ , කරපු පාහර වැඩේට.

  6. Wade Wade says:

    To pay due respect teachers one has to had go to a school.

  7. Aurora says:

    දේශපාලනයෙන් බංකොලොත් වුන චාමර සම්පත් වගේ එකෙක් එකෙක් ඌවෙ මහා ඇමති වගේ උසස් තනතුරකට නුසුදුසුයි. මේ බල්ලා ඌට ගැලපෙන බලුකුඩුවකට නොදමන්නේ නම් සිරිසේනත් ඔහු අද දරණ තනතුරට නොගැලපේ. එසේනම් මුගේ පාහරකමට ගැලපෙනම තැන තමයි සිරිසේනගේ ඔඩොක්කුව. ජාති භේදයෙන් තොරව විදුහල්පතිතුමිය වෙනුවෙන් අපි සැම පෙනීසිටිමු.

  8. truth says:

    වඩිවෙල් සුරෙශ් ඇමතිට හිස නමා ආචාර කරමු.කශේරුකාවක් ඇති දේශපාලකයෙක්.තම වාසියට පක්ශය වෙනුවෙන් ඕනම ජරා වැඩක් කරන නපුන්සක සිංහල දේශපාලකයන් හට නැති සවියක් ඔබට ඇත.

Main News