කෝටි ගණනක් මුදල් වංචා කල චීවරධාරියෙකු හෝටලයක සැගවී සිටියදී අල්ලයි..

August 12, 2018 at 5:30 pm | lanka C news
කෝටි ගණනක් මුදල් වංචා කල චීවරධාරියෙකු හෝටලයක සැගවී සිටියදී අල්ලයි..

කැනඩාවේ රැකියා ලබා දෙන බව පවසා මහණ වෙස් ගෙන අහුන්ගල්ලේ විහාරස්ථානයක රැදී සිටිමින් දිවයිනේ විවිධ ප්‍රදේශ වල පුද්ගලයින්ගෙන් රුපියල් කෝටි ගණනක මුසලක් වංචා කරන ලද චීවරධාරියෙකු හලාවත මාරවිල ප්‍රදේශයේ හෝටලයක සැඟවී සිටියදී අහුන්ගල්ල පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

සැකකරු බළපිටිය මහේස්ත්‍රාත් සම්පත් ගමගේ මහතා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කුරුණෑගල, යන්තම්පලාව ප්‍රදේශයේ පදිංචි වන්නිනායක හේරත් මුදියන්සෙලාගේ ගාමිණී වන්නිනායක (55) හෙවත් මහාචාර්ය ගල්කුලමේ සෝරත නැමති අයෙකි.

මොහු සතුව තිබී මුදල් රුපියල් එක් කෝටි අට ලක්ෂ විසි දහසක්ද (1,8,20,000/-) රුපියල් දෙලක්ෂ හැට පන් දහසක් (2,65,000/-) වටිනා රන් භාණ්ඩද, රුපියල් ලක්ෂ 70 ක් (70,00000/-) වටිනා ජීප් රථයක්ද, රුපියල් පහලොස් දහසක් (15,000/-) ක් වටිනා අත් ඔරලෝසුවක්ද, ටැබ් පරිගනකයක් සහ ජංගම දුරකථන කිහිපයක්ද අහුන්ගල්ල පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මුදල් වංචා කරන ලද පුද්ගලයින්ගෙන් අහුන්ගල්ල පොලීසියට ලැබුණු පැමිණිලි කීපයක් මත ක්‍රියාත්මක වූ අහුන්ගල්ල පොලීසිය සැකකරුගේ දුරකථන සංවාද පරීක්ෂා කරමින් හා ලැබුණු තොරතුරු මත හලාවත මාරවිල ප්‍රදේශයේ සංචාරක හෝටලයක සැඟවී සිටියදී අත් අඩංගුවට ගත් බව අහුන්ගල්ල පොලීසිය කියයි. දැනට මොහුට විරුද්ධව පැමිණිලි 30 ක් පමණ ලැබී තිබෙන බවත් තවත් පැමිණිලි ලැබෙමින් පවතින බවත් අහුන්ගල්ල පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය. රට හැර යෑම සදහා විදේශ ගමන් බල පත්‍රයක් සකස් කරගැනීමට මොහු උත්සාහ කර තිබෙන බවත් එය අසාර්ථක වූ තැන සැකකරු මෙම හෝටලයට පැමිණ නවාතැන් ගෙන තිබෙන බවත් පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ. මීට සති තුනකට පමණ පෙර මෙම පුද්ගලයා විහාරස්ථානයෙන් අතුරුදනව සිටි බවද අහුන්ගල්ල පොලිසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

අහුන්ගල්ල, ගල්වෙහෙර මඵවවත්ත පුරාණ විහාරස්ථානයේ වැඩසිටි ගල්කුලමේ සෝරත නමින් පෙනී සිටි මෙම පුද්ගලයා කැනඩාවේ විශ්ව විද්‍යාලයක මහාචාර්ය වරයකු බවත් මහාචාර්ය ජයන්ත කැලේගම මහතා සිය පියාණන් බවත් ප්‍රදේශවාසීන්ට පවසා තිබෙන බවද පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ. මෙම පුද්ගලයා ප්‍රදේශවාසීන් විහාරස්ථානයට පැමිණි පසු ඉතා සූක්ෂම අන්දමින් ඔවුන්ගේ සිත් දිනාගෙන කටයුතු කර තිබෙන බවද ඒ නිසාම ප්‍රදේශවාසීන් විශාල පිරිසක් මොහුට අවනතව කටයුතු කර තිබෙන බවද අහුන්ගල්ල පොලීසිය කියයි.

අහුන්ගල්ල, බදුල්ල, වැල්ලවාය, බණ්ඩාරවෙල, ගිනිගත්හේන, අවිස්සාවේල්ල, වැලිගම, කිතුල්ගල, මහනුවර, පල්ලෙකැලේ ආදී ප්‍රදේශවල එකසිය පනස් දෙදෙනෙකු මුලාකරමින් ඔවුන්ගෙන් රුපියල් කෝටි අටකට වැඩි මුදලක් මෙසේ වංචාකර තිබෙන බවද පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ.

මෙම විහාරස්ථානය කැලෑවෙන් වැසී ගොස් ඉතා ජරාවාසව තිබී ඇති අතර ප්‍රදේශයේ දානපතියෙක් පසුගිය කාලයේ රුපියල් කෝටියකට අධික මුදලක් වැය කර ප්‍රතිසංස්කරණය කර තිබේ. මෙම විහාරස්ථානයේ විහාරාධිපති කොස්ගොඩ, හෑගල්ල මහ විද්‍යාලයේ හිටපු නියෝජ්‍ය විදුහල්පති කොස්ගොඩ මහින්ද හිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථානය ගොඩ නංවා ඇත. කොස්ගොඩ මහින්ද හිමියන් අහුන්ගල්ලේ වෙනත් ප්‍රධාන විහාරස්ථානයක වැඩ වාසය කරන බැවින් මෙම හිමිනම සොයාගෙන ඇත්තේ පුවත්පත් දැන්වීමක් මගිනි.

අහුන්ගල්ල, මළුවේවත්ත පුරාණ විහාරස්ථානයට හිමිනමක් අවශ්‍ය බව සඳහන් දැන්වීමක් සති අන්ත ප්‍රධාන පුවත්පක පළකිරීමෙන් පසු මෙම හිමිනම මීට මාස හතරකට පමණ පෙරදී විහාරස්ථානයට වැඩම කල බව විහාරාධිපති කොස්ගොඩ මහින්ද හිමියන් අහුන්ගල්ල පොලීසියට ප්‍රකාශ කර තිබේ. මුදල් වංචා කිරීමෙන් පසු ගල්කුලමේ සෝරත නමින් පෙනී සිටි මෙම පුද්ගලයා අතුරුදන්ව සිටි බවද අහුන්ගල්ල පොලීසිය කියයි. මෙම හිමිනමගේ රියදුරා බව කියන අයකු අහුන්ගල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගත් බව අහුන්ගල්ල පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

– ජයකාන්ත ලියනගේ

16,107 Viewers

4 Comments to “කෝටි ගණනක් මුදල් වංචා කල චීවරධාරියෙකු හෝටලයක සැගවී සිටියදී අල්ලයි..”

  1. Ranil says:

    කරුණාකරලා මේ වගේ වල්පල් නැතුව ජාතික වැදගත් කමක් තියෙන පුවත් පලකරන්න. කොකිලාය් කලපුව අසල සංඛමලේ කන්ද විහාරය කඩල අන්තවාදීන් පුරාවස්තු විනාස කරනවා . එව්වා පෙනෙන්නේ නැතිද ?

    • Manoj says:

      PONNA RANILOOO,

      “රුපියල් කෝටි අටකට වැඩි මුදලක් මෙසේ වංචාකර තිබෙන බවද පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ.”

      Etha kota me KOOOTI 8 wancha karapu eka kamak nedda ? Eva වල්පල් da ?

  2. ජම්පරයෙ says:

    සිවුර ඈඳගෙන ගිහි අපට බණ කියන දවස්වල කිව්වෙ…

    තණ්හාය ජායතී සොකො – තණ්හාය ජායතී භයං

    අද ජම්පරයෙ ඇතුලට බැස්සුවම ජේලර් මහත්තය කියයි….

    තණ්හාය තට්ට හොර හැත්ත – නත්ථි සොකො වදේට භයං

  3. Sanjaj Ferdinands says:

    Cheewarayata muwawi hora, wancha, mini merum sidu wana bewin Cheewaraya lankawe thahanam karanu..

Main News