කෝටි ගණනක් මුදල් වංචා කල සත්විති හිමිනමක්..

August 6, 2018 at 6:26 am | lanka C news
කෝටි ගණනක් මුදල් වංචා කල සත්විති හිමිනමක්..

කැනඩාවේ යවන බව කියමින් විවිධ ප්‍රදේශවල විවිධ පුද්ගලයන්ගෙන් රුපියල් කෝටි ගණනක මුදල් ලබා ගෙන වංවා කල බව කියන අහුන්ගල්ලේ විහාරස්ථානයක සක්විති හිමිනමක් සොයා ගැනීම සදහා අහුන්ගල්ල පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

දැනට සති දෙකක පමණ කාලයක සිට මෙම පුද්ගලයා විහාරස්ථානයෙන් අතුරුදනව සිටින බවට පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වූයේ යැයි අහුන්ගල්ල පොලිසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

අහුන්ගල්ල, ගල්වෙහෙර මඵවවත්ත පුරාණ විහාරස්ථානයේ වැඩසිටි ගල්කුලමේ සෝරත නමින් පෙනී සිටි මෙම පුද්ගලයා කැනඩාවේ විශ්ව විද්‍යාලයක මහාචාර්ය වරයකු බවත් මහාචාර්ය ජයන්ත කැලේගම මහතා සිය පියාණන් බවත් ප්‍රදේශවාසීන්ට පවසා තිබෙන බව පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ. මෙම පුද්ගලයා ප්‍රදේශවාසීන් විහාරස්ථානයට පැමිණි පසු ඉතා සූක්ෂම අන්දමින් ඔවුන්ගේ සිත් දිනාගෙන කටයුතු කර තිබෙන බවද ඒ නිසාම ප්‍රදේශවාසීන් විශාල පිරිසක් මොහුට අවනතව කටයුතු කර තිබෙන බවද අහුන්ගල්ල පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

අහුන්ගල්ල, බදුල්ල, වැල්ලවාය, බණ්ඩාරවෙල, ගිනිගත්හේන, අවිස්සාවේල්ල, වැලිගම, කිතුල්ගල, මහනුවර, පල්ලෙකැලේ ආදී ප්‍රදේශවල එකසිය පනස් දෙදෙනෙකු මුලාකරමින් ඔවුන්ගෙන් රුපියල් කෝටි අටකට වැඩි මුදලක් මෙසේ වංචාකර තිබෙන බවද අහුන්ගල්ල පොලීසිය කියයි.

මෙම විහාරස්ථානය කැලෑවෙන් වැසී ගොස් ඉතා ජරාවාසව තිබී ඇති අතර ප්‍රදේශයේ දානපතියෙක් පසුගිය කාලයේ රුපියල් කෝටියකට අධික මුදලක් වැය කර ප්‍රතිසංස්කරණය කර තිබේ. මෙම විහාරස්ථානයේ විහාරාධිපති කොස්ගොඩ, හෑගල්ල මහ විද්‍යාලයේ හිටපු නියෝජ්‍ය විදුහල්පති කොස්ගොඩ මහින්ද හිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථානය ගොඩ නංවා ඇත. කොස්ගොඩ මහින්ද හිමියන් අහුන්ගල්ලේ වෙනත් ප්‍රධාන විහාරස්ථානයක වැඩ වාසය කරන බැවින් මෙම හිමිනම සොයාගෙන ඇත්තේ පුවත්පත් දැන්වීමක් මගිනි.

අහුන්ගල්ල, මළුවේවත්ත පුරාණ විහාරස්ථානයට හිමිනමක් අවශ්‍ය බව සඳහන් දැන්වීමක් සති අන්ත ප්‍රධාන පුවත්පක පළකිරීමෙන් පසු මෙම හිමිනම මීට මාස හතරකට පමණ පෙරදී විහාරස්ථානයට වැඩම කල බව විහාරාධිපති කොස්ගොඩ මහින්ද හිමියන් අහුන්ගල්ල පොලීසියට ප්‍රකාශ කර තිබේ. මුදල් වංචා කිරීමෙන් පසු ගල්කුලමේ සෝරත නමින් පෙනී සිටි මෙම පුද්ගලයා මේ වන විට අතුරුදන්ව සිටිව බව අහුන්ගල්ල පොලීසිය කියයි. මෙම හිමිනමගේ රියදුරා බව කියන අයකු අහුන්ගල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගත් බව අහුන්ගල්ල පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

– ජයකාන්ත ලියනගේ

23,968 Viewers

7 Comments to “කෝටි ගණනක් මුදල් වංචා කල සත්විති හිමිනමක්..”

  1. Open mind says:

    රටේ නීතිය ඒ අයට බල නොපාන බවත් චීවරය ඊට උඩින් ඇති බවත් මේ ළඟදී මහාචාර්ය හිමි කෙනෙක් කියනවා ඇහුනා

  2. sarath says:

    me kiynne AMBARA DAMILA. himi genada..?

  3. sunimal says:

    සියවයේ දැවැන්තම මංකොල්ලය… මහ බැංකු වංචාව …

  4. Love nature says:

    ඒතේ පරාභවේ ලෝකේ
    පණ්ඩිතෝ සමවෙක්ඛිය
    අරියෝ දස්සන සම්පන්නෝ
    ස ලෝකං භජතේ සිවන්ති.
    අප බුදුරදුන් විසින් මෙම පරාභව සූත්‍රයෙන් පිරිහීමේ දොරටු දොළසක් පෙන්වා දී ඇත. මිනිස් කයක් ලබාගත් සෑම සත්වයාම උපන්දා පටන් කරන ප්‍රධාන කාරනය නම් කුමන අංශයකින් හෝ නැති දේ ඇති කර ගැනීමත් ඇති දේ වැඩි කර ගැනීමත් ය.
    කායික වශයෙන් ලබන පෝෂණයට සමගාමීව මානසික පෝෂණයත් ලැබේ. එහෙත් ගුණදහමින් පෝෂණය වීමට අවශ්‍ය පරිසරය ලබන්නේ පෙර සසරදී කළ දසකුසල් දහම්වල ප්‍රතිවිපාක වශයෙනි.
    මානුෂික චින්තනයක් මානුෂික ශරීරයත් ලබාගත් තැනැත්තා උසස් පරිසරයට අනුව විමර්ශණ ඤාණයෙන් ආගම දහම, නීතිය දැනගෙන දියුණුවේ මඟ පියවර තැබීමට අප්‍රමාදව ක්‍රියා කළ යුතු වේ.
    එවන් පුද්ගලයා ගුණ නුවණින් සම්පූර්ණව ආර්ය දර්ශනය ඤාණයෙන් කෙදිනක හෝ චතුරාර්ය සත්‍ය ධර්මය ප්‍රත්‍යක්‍ෂ කොට උතුම් නිවන් සුවෙන් සදා සැනසුම ලබන්නේ ය.
    ඔබ සැමට තෙරුවන් සරණයි.

Main News