කෝටි 24ක රන් බිස්කට් තලෙයිමන්නාරම් මුහුදෙන් අත්අඩංගුවට…

April 13, 2018 at 2:13 am | lanka C news
කෝටි 24ක රන් බිස්කට් තලෙයිමන්නාරම් මුහුදෙන් අත්අඩංගුවට…

කෝටි 24 කට අධික වටිනාකමකින් යුත් රත්‍රං බිස්කට් තොගයක් සමඟ ශ්‍රී ලාංකික සැකකරුවන් තිදෙනෙකු නාවික හමුදාව විසින් තලෙයිමන්නාරම් මුහුදු සීමාවේදී අත්අඩංගුවට ගෙන ඇත.

බෝට්ටුවක ආධාරයෙන් මුහුදු මාර්ගයෙන් ගමන් කරිමින් සිටි අදාල සැකකරුවන් පිරිස පිළිබඳව සැක සිතී මුරසංචාරයේ යෙදී සිටි නාවික හමුදා යාත්‍රාවක නිලධාරීන් පිරිසක් විසින් අදාල යාත්‍රාව පරික්ෂා කිරීමේදී මෙම රන් බිස්කට් තොගය හමු වී ඇත.

ග්‍රෑම් 100 බැගින් වූ රත්‍රං බිස්කට් 242ක් එහිදී තිබී සොයාගෙන ඇති අතර අදාල රන් බිස්කට් ඉන්දියාවට රැගෙන යාමට සැලසුම් කොට තිබූ බවට සැකකරුවන්ගෙන කරන ලද ප්‍රශ්න කිරීම් වලන් හෙලි වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා සහ රත්‍රං තොගය යාපනය රේගු කාර්යාලයට භාරදීමට නාවික හමුදාව විසින් පියවර ගෙන ඇත.

–  වන්නි රොමේෂ් මධුෂංඛ

2,058 Viewers
Main News