කෝවිලක් ලග අනතුරට පත් පුද්ගලයෙකු පොකුණට වැටිලා උදව්වක් නැති නිසා මිය ගිහින්…

March 13, 2018 at 2:03 am | lanka C news
කෝවිලක් ලග අනතුරට පත් පුද්ගලයෙකු පොකුණට වැටිලා උදව්වක් නැති නිසා මිය ගිහින්…

යාපනය නෙල්ලිඅඩි කරවෙඩ්ඩි ප්‍රදේශයේ පිහිටි හින්දු කෝවිලක් අසලදී සිදු වූ යතුරුපැදි අනතුරකින් පුද්ගලයෙකු මිය ගොස් ඇති බවට නෙල්ලිඅඩි පොලීසිය කියා සිටියේය.

කරවෙඩ්ඩි කිරායි තිරුපිල්ලයාර් හින්දු කොවිල් අසලදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු කොවිලේ බැම්මක වැදීමෙන් මෙම අනතුර සිදුව ඇති අතරම බැම්මෙහි වැදීමෙන් යතුරුපැදිකරු අසල පිහිටි පොකුණට විසිවී ගොස් වැටි ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේදී කිසිවෙකුත් නොසිටීම හේතුවෙන් එම පුද්ගලයා පොකුණතුලම මිය ගොස් ඇති බවට සිදු කරන ලද මූලික පරික්ෂණ වලදී අනාවරණය වී ඇතිය නෙල්ලිඅඩි පොලීසිය කියා සිටියේය.

අනතුරින් මිය ගොස් ඇත්තේ කිරායි ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි කන්දසාමි බාලසුබ්‍රමණියම් නැමත්තෙකු වන අතර අදාල පුද්ගලයා පොකුණ තුල දියෙහි පාවෙමින් දැක ඇත්තේ උදෑසන බවටද පරික්ෂණ සිදු කළ නෙල්ලිඅඩි පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

1,729 Viewers

One Comment to “කෝවිලක් ලග අනතුරට පත් පුද්ගලයෙකු පොකුණට වැටිලා උදව්වක් නැති නිසා මිය ගිහින්…”

  1. maraya says:

    දෙවියන්ගේ කැමැත්ත …කෝවිලේ බලය පෙන්වා ඇත

Main News