ක‍්‍රිකට් තහනමක් පැනවුනු ධනුෂ්කට නායක මැතිවුස්ගෙන් සැර ප‍්‍රතිචාරයක්…

July 29, 2018 at 3:00 pm | lanka C news
ක‍්‍රිකට් තහනමක් පැනවුනු ධනුෂ්කට නායක මැතිවුස්ගෙන් සැර ප‍්‍රතිචාරයක්…

යම්කිසි ක්‍රීඩකයෙක් විනය විරෝධී වැඩ කර අවධානමක් ගනීනම් එහි ප්‍රතිවිපාකවලටද ඔහු මුහුණ දිය යුතු බව ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පවසයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව ඊයේ (28දා) දඹුල්ලේදී පැවැසීය.

“ක්‍රීඩකයෙක් අහිමිවීම කනගාටුවට කරුණක්. නමුත් අපි විනය විරෝධී වැඩ සඳහා ඉඩ දෙන්නේ නෑ. ඔවුන් අවධානමක් ගන්නවානම් එහි විපාකවලටත් ඔවුන් මුහුණ දිය යුතුයි. ඔවුන්ට හොඳම ක්‍රිඩකයන් වෙන්නට බෑ. ඔවුන් කණ්ඩායමේ නීති රෙගුලාසිවලට අනුගත විය යුතුයි.

ඔවුන් පිටියෙන් පිට කරන දේවල් ගැන අපි අවධානය යොමුකරනවා මොකද ඒක සමස්ත කණ්ඩායමට වගේම කණ්ඩායමේ චිත්‍රයටත් බලපානවා. ක්‍රීඩකයන් තමන් ගැන පිටියේදී මෙන්ම පිටියෙන් පිටදීත් හොඳින් බලාගන්න ඕන. කණ්ඩායමේ චිත්‍රයට හානියක් නොකළ යුතුයි”

– ada

15,323 Viewers

5 Comments to “ක‍්‍රිකට් තහනමක් පැනවුනු ධනුෂ්කට නායක මැතිවුස්ගෙන් සැර ප‍්‍රතිචාරයක්…”

  1. BUDDHADASA says:

    මෙයා නායකත්වයෙන් අයින් වුනා නේද?
    අද මැච් එකේ එයා කපන තිසරට එකම ඕවරයක්වත් දුන්නේ නැහැ.
    අන්තිමට මැච් එක පැරදුනා.
    මැච් පැරදුනත් මුන්ට කැපිල්ල ලොකුයි.
    කැපිල්ල 1, රට ජාතිය අන්තිම!!!

  2. Ela says:

    All these are created by Players Manager MAFIA. ALL including captain, SLC officials getting kick backs. This is a international issue. Danuksha’s matter finally ends up there.
    God save cricket….

  3. David Milli-banda says:

    Mathews, you do your job. You have repeatedly failed to perform.
    You are just seated on your past glories. What have you done lately……
    You are attempting gain milage at the expense of Dhanushka…………..

    Leave the job of deciplining Dhanushka to the authorities.
    Your job is with the bat and ball.

  4. Love nature says:

    විපාකවලට ඉරිදාට පල්ලිගියාම සමාව ලැබෙන නිසා ක‍රන්න ඇති

  5. හින්බබා says:

    ක්‍රීඩකයෙක් අහිමිවීම කනගාටුවට කරුණක්. නමුත් අපි විනය විරෝධී වැඩ සඳහා ඉඩ දෙන්නේ නෑ. ඔවුන් අවධානමක් ගන්නවානම් එහි විපාකවලටත් ඔවුන් මුහුණ දිය යුතුයි.ඇන්ජලෝ ..
    ඔබ විනය විරෝධී වැඩ කරලම නැද්ද ? ඔබ ආවා විතරයි දැන් පරාදයි..ක්‍රීඩා කණ්ඩායමක් එකිනෙකා සමගියෙන් සිටිය යුතුයි
    පිතිකරු ධනුෂ්ක ගුණතිලක දක්ෂයෙක් ..ඔහු අහිමි වීම කණ්ඩායමට විශාල පාඩුවක් ..මේක සිතා තාමම ඇටවූ උගුලක් වියයුතුයි ….එම විදේශීය කාන්තාවන්ගේ ප්‍රකාශයට ධනුෂ්කට දුන් දඩුවම අපි අනුමත නොකරමු
    ඇන්ජලෝ ඉරිදට පල්ලි ගිහිං වැරදිවලට සමාව ගන්නේ මන්ද ?

Main News