ක‍්‍රීඩා ඇමතිගේ අනුමැතිය නෑ.. ඉන්දියාවේ ගිය ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම වහාම ආපසු කැදවයි..

December 5, 2017 at 11:20 am | lanka C news
ක‍්‍රීඩා ඇමතිගේ අනුමැතිය නෑ.. ඉන්දියාවේ ගිය ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම වහාම ආපසු කැදවයි..

ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය සදහා සහභාගී වීමට ඉන්දියාව බලා යාමට කටුනායක ගුවන් තොටුපලට ගිය ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් පිරිසක් ආපසු කැදවා ඇත.

මෙම පිරිස ඇතුලත් එක්දින ක‍්‍රිකට් කණ්ඩායමට ක‍්‍රීඩා ඇමති දයාසිරි ජයසේකරගේ අනුමැතිය නොලබීම මත මෙම තත්වය උදා වී ඇත.

මෙසේ ආපසු පැමිණ ඇති ක්‍රීඩකයන් ගණන නව දෙනෙකි.

නායක තිසර පෙරේරා, උපුල් තරංග, අසේල ගුණරත්න, ධනුෂ්ක ගුණතිලක, සචිත් පතිරණ, චතුරංග ද සිල්වා, අකිල ධනංජය, නුවන් ප‍්‍රදීප්, දුශ්මන්ත චමීර යන ක්‍රීඩකයන් මෙසේ අපාසු කැදවා ඇත.

ඉන්දීය එක්දින තරගාවලියට සහභාගී වන කණ්ඩායම කුමක්දැයි ක‍්‍රිකට් ආයතනය විසින් මේ දක්වා නිවේදනය කර නැත.

27,943 Viewers

5 Comments to “ක‍්‍රීඩා ඇමතිගේ අනුමැතිය නෑ.. ඉන්දියාවේ ගිය ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම වහාම ආපසු කැදවයි..”

  1. daham says:

    ane aththata me ratata mokada me wegena yanne. dannam mun okkotoma hondatama pissu. kotiyagen rata bera gath mahindalata karapu aparaade thamayi me patisan denne.

  2. Roshan says:

    This is another case of the head not knowing what the tail is doing. In a way the minister is right as SLC hasn’t announced the squad and not even it its website. Chandimal is dropped, the in-form batsman. He should be retained.

  3. Sudaa says:

    ක්‍රීඩා ඇමතියාවය් සබාපතියාවය් ගහලා පන්නන තුරු හරි යන්නේ නැහැ.

  4. kamalasirikuruwita says:

    ක්‍රීඩා ඇමතිට ක්‍රීඩාව ඇරෙන්න අනිත් ඔක්කොම ලෝකෙම නැති වැඩ බදාගන්න තමයි ඕනෑකම. ක්‍රීඩාව කිව්වාම හම් හහ්. හැබැයි ඉතින් කයිවාරුවේ අඩුවකුත් නැහැ. අනේ මන්දන්නේ නැහැ මේ වෙන දේවල් මෙච්චරම වෙන්නේ කොහොමද කියල. කොයි අතින් බැලුවත් අගාදේ තමයි.

  5. Niru says:

    Shows efficiency of the entire Yahapalana cabinet. These ministers have nothing else to do than overseas couple of boards the most as a result of appointing so many assholes into the cabinet. They can’t even coordinate a simple thing like this. Maybe if there were few $$$ to get it would have made a difference

Leave a Comment

Main News