ගංගා කිහිපයකම ගං වතුර අවදානම ඉහලට.. අදත් මහ වැහි..

May 24, 2018 at 8:40 am | lanka C news
ගංගා කිහිපයකම ගං වතුර අවදානම ඉහලට.. අදත් මහ වැහි..

අද දිනයේද ශ‍්‍රි ලංකාව නිරිත දිග ප‍්‍රදේශයන්ට වැසි ඇද හැලෙනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ හා මධ්‍යම පළාත්වල ගිගුරුම් සහිත වැසි හෝ විටින් විට වැසි ඇති වනු ඇතැයිද දෙපාර්තමේන්තුව කියයි.

අනෙකුත් පලාත්වලද පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වනු ඇතැයිද අද පෙරවරුවේ නිකුත් කර ඇති කාලකුණ වාර්තාවේ දැක්වෙයි.

බස්නහිර, සබරගමුව, වයඹ, මධ්‍යම පළාත් හා ගාල්ල මාතර දිස්ත්‍රික්කයන්හි ඇතැම් ස්ථානවලට මිලිමීටර 100-150ක තදවැසි ඇති වනු අතැයිද වාර්තාවේ සදහන්ය.

මේ අතර වාර්මාර්ග දෙපාර්තමේන්තු දත්තවලට අනුව කළුගග, කැළණි ගග, ගිං ගග, නිල්වලා ගග තව දුරටත් අවදානම් හා සුළු ගංවතුර තත්වයේ පවතින අතර ඉදිරි පැය කිහිපයේදී වර්ෂාව ඇති වුවහොත් ගංවතුර තත්වයක් ඇති වනු ඇති බව දැක්වෙයි.

අපාදා කලමනාකරන මධ්‍යස්තානය සදහන් කරන්නේ මේ වන විට පුද්ගලයන් 106,000 පීඩාවට පත්ව 28,000ක් අවතැන් කදවුරුවල සිටින බවයි. පුද්ගල මරණ 11ක්ද වාර්තා වී ඇත.

8,004 Viewers
Main News