ගංජා භාවිතය උචිතයි.. ගංජා වගා කිරීම ආරම්බ කරනවා..- රාජිත

March 18, 2018 at 4:40 pm | lanka C news
ගංජා භාවිතය උචිතයි.. ගංජා වගා කිරීම ආරම්බ කරනවා..- රාජිත

ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ උතුරු මැද පළාත් ප්‍රාදේශීය කාර්යාලය සහ අලෙවි සැල අනුරාධපුර බැංකු පෙදෙසේ දී සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදි.

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා –

“ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව ජනවාරි මාසයේ දී රුපියල් මිලියන 2.5 ක ආදායමක් ලබා තිබෙනවා. ආයුර්වේද නිෂ්පාදන සදහා විශාල ඉල්ලුමක් දේශීයව මෙන්ම විදේශීයව ද පවතිනවා. දේශීය ඖෂධ නිෂ්පාදනය සදහා අවශ්‍ය ඖෂධ පැලෑට් වගා කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට අපි කටයුතු යොදා තිබෙනවා.

ආයුර්වේද දෙපාර්තමේන්තුවට අයත් ඔසු උයන් ද වගා කරනවා. අනුරාධපුර සහ පොළොන්නරු දිස්ත්‍රික්ක පුරා ඉඩම් අක්කර 1000 ක පමණ ආයුර්වේද ඖෂධ පැළෑටි වගා කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැළසුම් කර තිබෙනවා. එමගින් ස්වයං රැකියා ද තරුණ තරුණියන්ට ලැබෙනවා.

කෝමාරිකා වගා කිරීම ද මේ අතර සිදු කිරීමටයි සැළසුම් කර ඇත්තේ. කෝමාරිකා අස්වනු නෙළීමට ගත වන්නේ මාස 06 ක කාලයක්. එමගින් විශාල ආදායමක් ලබාගන්න පුළුවන්. 2017 වසරේ දී ලෝකයේ ආයුර්වේද ඖෂධ ඇමරිකානු ඩොලර් බිලියන 26 ක් අලෙවි කර තිබෙනවා. එය වසර 2030 වන විට ඇමරිකානු ඩොලර් බිලියන 100 ඉක්මවනවා.

කංසා වගා කිරීම පිළිබදව අපි අවධානය යොමු කර තිබෙනවා. යුරෝපා රටවල ලොකු ඉල්ලුමක් තිබෙනවා. ස්නායු රෝග සදහා කංසා ඖෂධය උචිත බව වෛද්‍ය මතයයි. කංසා දුම ඉරීම, උචිත නොවූවත් ඖෂධ වශයෙන් භාවිත කිරීම උචිත බව ආයුර්වේදයේ සදහන් වෙනවා. බ්‍ර්තාන්‍ය ජාතිකයින් ශ්‍රී ලංකාව ආක්‍රමණය කිරීමට පෙර අපේ රටේ ජනතාව කංසා ඖෂධයක් ලෙස භාවිත කළා. ඇතැම් අය එය පානය කළා. නමුත් බ්‍රිතාන්‍ය ජාතිකයින් දුම්කොළ වගාව ප්‍රචලිත කිරීම සමග කංසා වගා කිරීම තහනම් කළා. එම නීති රීති තමයි අදත් ක්‍රියාත්මක වන්නේ. නමුත් කංසා සදහා විශාල ඉල්ලූමක් පවතිනවා. ආයුර්වේදය සදහා අවශ්‍ය අබිං පවා ඉන්දියාවෙන් ආනයනය කිරීමට සිදුව තිබෙනවා.”

– ප‍්‍රසන්න අධිකාරී

10,525 Viewers

21 Comments to “ගංජා භාවිතය උචිතයි.. ගංජා වගා කිරීම ආරම්බ කරනවා..- රාජිත”

  1. Mamath UNP says:

    oya malak gahala soosthiyak daala poddak novei, niyama aathal eke ape kollo, kello okkotoma inna hekivewi neda ape emathi thumani, ?

  2. Love nature says:

    ගංජා මොලය මිය යැමට පත් කරනවා මෙය වගා කිරීම තහනම් කල යුතුය.

  3. john the baptice says:

    රාජිතට මේ පහත ලක්‍ෂණ තියනවා

    කංසා අධික මාත්‍රාවෙන් ගත් විට අඩ පැයක් ගත වූ කල විස ලක්ෂණ පහල කරයි. එවිට නිකරුනේ ප්‍රලාප දොඩවයි. කැරකැවිල්ල, නිකරුනේ සිනහ වීම, අසම්බන්ධ වචන දෙඩවීම ඇතිවේ. ස්පර්ශය නොදැනී යයි. නිදිමත, ක්ලාන්තය, දුර්වලතාවය ඇතිවේ. ද්විතීය අවස්තාවෙන් පසු දැඩි නින්දට වැටී ස්වරෝධය ඇතිවී මරණය පවා ඇතිවේ.

  4. Saradiel says:

    යමපාලනයේ අලුත් තේමාව

    කංසා මලේ…… නටුවෙ කටූ…
    නැත ළමයෝ…. ඔතලා ගමූ…..
    නටුව නොවේ… මල ඔතමී……
    මම ළමයෝ…… දුම උරමී…….

  5. Love nature says:

    ගංජා කීවිට අපට සිහි වන්නේ කකුල් වල ගංජා ගැට සහිත තොල් සිල්පර කොටන් මෙන් කළු ගැහුණු ජරාජීර්ණ පිස්සු මිනිස් රුවකි.

  6. Saman Lakmal says:

    GOOD DECISION

  7. Love nature says:

    බෞද්ධ ඉගැන්වීම්වලට අනුව මත්පැන් මත්ද්‍රව්‍ය ගැනීමෙන් වැළකී සිටීම මංගල කාරණයකි. ගිහි විනයේ දී මේ බව මුලින් ම සඳහන් වන්නේ පංච ශීලයෙහි ය. මත් වීමට හා සිහි විකල් වීමට කාරණ වූ මත්ද්‍රව්‍ය මත්පැන් රහසේ ගැනීමෙන් වැළකීම ශික්ෂා පදයෙන් පනවා ඇත.

    බෞද්ධ සාහිත්‍යයෙහි සුරාව පානය කිරීමෙන් අත් වන විපාක අටක් දක්වා තිබේ: එනම්: 1. නරකාදියෙහි ඉපදීමට හේතුව වේ, 2. තිරිසන් සතුන් වී උපදී, 3. ප්‍රේතයන් වශයෙන් උපදී, 4. මිනිසකු වශයෙන් ඉපදුණේ වී නම් උමතු ස්වභාවයක් ගනියි, 5. ලජ්ජා නැත්තකු බවට පත් වේ, 6. දිළින්දකු මෙන් ජීවත් වීමට සිදු වේ, 7. නොයෙකුත් ව්‍යසන රෝග ඇති වේ, 8. විරූප ශරීර ඇති ව ඉපදීමට සිදු වේ.

    මත්පැන් පානයෙන් වැළකී සිටීමෙන් ආනිසංස තිහක් ලැබේ යැ යි සැලකේ:

  8. Nish says:

    හරියට කරනවනම් ගන්ජා වවලා තේ වලට වඩා සල්ලි හොයන්නෙ පුලුවන්. සුද්දට ඕනෙ විදියටනෙ ඉතින් අපි රටවල් පාලනය කරෙ.

  9. Open mind says:

    හැම දේටම විරුද්ධ වන අය කිසිදු සොයා බැලීමක් හෝ නොමැතිව මේකටත් විරුද්ධ වෙයි. කමක් නැහැ ඒක අපේ ජනතාව ගේ ජාන ලක්ෂණයක්.

    • රටෙ එකා says:

      අනිවා. මේ පක්ශ දේශපාලනේ තමයි සුද්දා මේ රටට දීපු ලොකුම හෙනෙ.

  10. Samuvel says:

    වගාවේ යෝජනාව සවුක්‍ය ඇමතිගෙන්,.. වගාවේ ස්තිර කිරීම සබීතා බිල්ඩිමේ කෘශිකර්ම ඇමතිගෙන්.

  11. buruputha says:

    Parajitha alias Ganja hutan

  12. ලොකුඑකා says:

    හරි දෙයක් කිවුවේ ඕක විතරයි. එංගලන්තය ලොකු අදායමක් ගන්නවා ඕකෙන්. තේ වලට වඩා හොදට market කරන්න පුළුවන්. ලංකාවේ පොලොව නියමයි. ගොන්නු ටිකක් කෑ ගහයි. ලෝකය දිහා බැලුවම අනාගත ඕක. දැන් තමයි Medical Research කරන්නේ මේ ගැන

    • Pina says:

      ඔවු ලොකු එකෝ , උඹ හරි .මාත් දන්නව මේ අවුරුදු තුනට එක හොද වැඩක් වත් කරන්න බැරිවුන අපේ ලොක්කන් දැන් වත් එක හොඳ වැඩක් කරන්න හිතාගෙන, ගන්ජා වවන්න. ඕක තමයි අපිට අඩුවකට තිබුනේ. පස්සෙ ගන්ජ වවල , උරල හිරේ ඉන්න එවුන් දැන් වීරයෝ වගේ එලියට දාමු.

  13. Gayantha says:

    Idala idala molai thiyena waidak. Samaharu wali adi habai oka karanna. Issara owa thahanam nai sudda awata passe thamai oka winasa karai ewunge dumkola saha cigerette walata thaina hadanna.

  14. bend to bend says:

    බත් කන රටේ කෘෂිකර්ම ඇමතිවරයා වී වගාව ගැන කථා කරන්නේ නැත​.උන්නැහේ කථා කරන්නේ පිදුරු කන අං තට්ටු ධාරියෙක් ගානටය​.අල,බතල​,මඤ්ඤොක්කා,වී පිට රටින් ගෙන්වා කන එක වගා කර කනවාට වඩා ලාභ බව කියන්නට උන්නැහේ පෙළඹුවේ තවත් පිදුරු කන උපදේශක අං තට්ටු ධාරියෙක් වන්නට බැරි නැත​.සෞඛ්‍ය ඇමති ගංජා වවන්නේ වේදනා නාශකයක් ලෙස භාවිතා කරන්නටද කියා අප දන්නේ නැත​.සෞඛය ක්‍ෂේත්‍රයේ අද දිනයේ දැවෙන එකම ප්‍රශ්ණය ගංජා ඌණතාවය නම් ගෙවත්තේ පමණක් නොව රජ සබයේද ගංජා වවා ඒ දැවෙන ප්‍රශ්ණය අහවර කරගැන්මට අප ඔවුනට උදව් කල යුතුය​.එසේ නොමැතිව කැබිනට් සාමූහිකත්වය පෙරදැරි කර ගෙන කෘෂිකර්ම ඇමතිගේ ඉල්ලුම සපුරා ලන්නට සෞඛ්‍ය ඇමති ගංජා වගාවට සැරසෙන්නේ නම් අපේ සහය ලැබෙන්නේ නැත​.

  15. ගන්ජ බන්ඩි says:

    අගමැටිගෙ ගජ මිතුරන්ට මහ දවල් බැංකු මංකොල්ල කන්න පුලුවන් නම් ගමේ උන්ට ගංජ ටිකක් උරල අාතල් එකක් ගන්න අැමතියගෙ උන් සයිඩ් එකේ ගංජ ටිකක් වික්ක හම මොකක්ද ඒකෙ වැරැද්ද?

  16. D.Nimal says:

    Rajith Senratahan is man who destroy MR ruling alliance. The aim of RS is want destroy whole country. Now he is moving Ganga cultivation for rules poor to get into cannabis through out Island wide?
    He is enemy of whole Sri Lankan irrescapative of political parties and classes in Sri lanaka?
    This is new US agenda of undermined our nation mission undertaken by Rajitha?

  17. Geetha says:

    Amuthuwen ganja ona naha appai puthai denna diha baluwamama ganja karayo wage kochcharawath uthura dakuna maru wela .

  18. ranaweera gunasena says:

    පළපුරුද්දෙන් කියන දේවල් .කැබිනට් මාද්‍ය හමුවට එන්නෙත් උගුරක් ඇදල .

  19. daminda says:

    POHORA SAHANAADARETH DEMU………….MATHATA THITHA

Main News