‘ගජ’ සුළි කුණාටුව උතුරු වෙරල තීරය ඉදිරියේ..

November 15, 2018 at 8:02 am | lanka C news
‘ගජ’ සුළි කුණාටුව උතුරු වෙරල තීරය ඉදිරියේ..

මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ‘ගජ’ සුළි කුණාටුව 14 දින වන විට කන්කසන්තුරය සිට ආසන්න වශයෙන් කි.මී 650 පමණ ඊසාන දෙසින් උතුරු අක්ෂාංශ 13.0 සහ නැගෙනහිර දේශාංශ 85.1 ආසන්නයේ ස්ථානගතව පවතින බවත් මෙම පද්ධතිය ඉදිරි පැය 12 තුලදී බටහිරට බරව නිරිත දෙසට ගමන් කරමින් තවදුරටත් චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වනු ඇතැයි ද කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

නොවැම්බර් මස 15 දින සවස් කාලයේ / ලංකාවේ උතුරු වෙරළ තීරය ආසන්නයෙන් ගමන් කොට දකුණු තමිල්නාඩු වෙරළ වෙත ගමන් කරනු ඇතැයි ද තවදුරටත් නිවේදනයේ සදහන් කර ඇත.

මෙම සුළි කුණාටු පද්ධතියේ බලපෑම හේතුවෙන් උතුර සහ උතුරු-මැද පළාත්වලත් පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රීක්කවලත්, නොවැම්බර් මස 14 දින සවස් කාලයේ සිට 15 දින දක්වා දී වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරයි.

හෙට දින සවස් කාලයේ සිට යාපනය අර්ධද්වීපය හරහා පැ.කි.මී (80-90) දක්වා වන ඉතා තද සුළං සමඟ විටින් විට හමන පැ.කි.මී 100 දක්වා වන ප්‍රහාරාත්මක සුළං බලාපොරොත්තුවේ. මන්නාරම, පුත්තලම, ත්‍රිකුණාමලය, අනුරාධපුර, පොලොන්නරුව, කිලිනොච්චි, මුලතිව් සහ වවුනියා දිස්ත්‍රීක්ක හරහා පැ.කි.මී (60-70) දක්වා වන තද සුළං සමඟ විටින් විට හමන පැ.කි.මී 80 දක්වා වන ඉතා තද සුළං ඇතිවිය හැකි යැයි එම නිවේදනයේ තවදුරටත් සදහන්කර ඇත.

යාපනය අර්ධද්වීපයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර සමහර ප්‍රදේශවලට මි. මී. 150 ට වැඩි ඉතා තද වැසි ඇති විය හැක. උතුරු පළාතේ, සෙසු ප්‍රදේශවලද මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බවත් සදහන් වේ.

එසේම නොවැම්බර් මස 14 දින දහවල් කාලයේ සිට 16 දින දක්වා මුලතිව් සිට කන්කසන්තුරය හරහා මන්නාරම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල පැ.කි.මී (80-90) දක්වා වන තද සුළං සමඟ විටින් විට හමන පැ .කි.මී 110 දක්වා වන ප්‍රහාරාත්මක සුළං බලාපොරොත්තුවේ. එම මුහුදු ප්‍රදේශ ඉතා රළු වේ.

පොතුවිල් සිට මඩකලපුව හරහා මුලතිව් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50-60 දක්වා වැඩි විය හැකි අතර එවිට, එම මුහුදු ප්‍රදේශ රළු වේ.

මෙම තත්වය නිසා අතුපැලවලට සහ නිවාසවලට හානි සිදුවිය හැකි අතර, මුදුන් වහළ සහ ශක්තිමත්ව සවි නොකළ තහඩු වැනි දෑ සුළඟට ගසාගෙන යා හැක. විදුලි සහ දුරකථන රැහැන්වලට හානි සිදුවිය හැක. ගස්වල අතු කැඩීම් සහ මාර්ග අසල ඇති විශාල ගස් ගැලවී යා හැක.වී වගා බිම්වලට,කෙසෙල්, පැපොල් වැනි පළතුරු වගාවන් වලටද හානි සිදුවිය හැක. කඩාවැටෙන ගස්වලින් සහ විදුලි රැහැන් වලින් ආරක්ෂාවීම. ගිගුරුම් සහිත වැසි පවත්නා අවස්ථාවල රැහැන් දුරකථන සහ විදුලි උපකරණ භාවිතයෙන් වැළකීම.වෙරළාසන්න පහත් ගොඩබිම් ප්‍රදේශ මුහුදු ජලයෙන් යටවිය හැකි බවත් ජනතාවට දැනුම් දේ. එසේම ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිලධාරීන් ගේ සහය පතන ලෙස අවශ්‍ය ඕනැම අවස්ථාවක 117 දුරකථතන අංකයට ඇමතුමක් ලබාදෙන ලෙසත් ආපදා කළමනාකරණ මද්‍යස්ථානය දැනුම් දේ.

එසේම නොවැම්බර් මස 14 දින දහවල් කාලයේ සිට 16 දින දක්වා මුලතිව් සිට කන්කසන්තුරය හරහා මන්නාරම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල පැ.කි.මී (80-90) දක්වා වන තද සුළං සමඟ විටින් විට හමන පැ .කි.මී 110 දක්වා වන ප්‍රහාරාත්මක සුළං බලාපොරොත්තුවේ. එම මුහුදු ප්‍රදේශ ඉතා රළු වේ.

පොතුවිල් සිට මඩකලපුව හරහා මුලතිව් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50-60 දක්වා වැඩි විය හැකි අතර එවිට, එම මුහුදු ප්‍රදේශ රළු වේ.

පොතුවිල් සිට ත්‍රිකුණාමලය, කන්කසන්තුරය හරහා මන්නාරම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සිට ධිවර සහ නාවුක කටයුතුවල නොයෙදෙන ලෙස උපදෙස් දෙනු ලැබේ. බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශවල සිටින ධිවරයින් සහ නාවුකයින් ආරක්ෂිත මුහුදු ප්‍රදේශ වෙත ගමන් කරන ලෙස උපදෙස් දෙනු ලැබේ. උතුරු වෙරළට ආසන්න තාවකාලික පදිංචිකරුවන් ආරක්ෂිත ස්ථාන වලට ගමන් කිරීම. බලපෑම ඇති ප්‍රදේශවල අනෙකුත් පදිංචිකරුවන් නිවාස තුලට වී සිටීම. හදිසි තත්වයකදී ප්‍රාදේශීය ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිලධාරීන් ගේ සහය පතන ලෙස අවශ්‍ය ඕනැම අවස්ථාවක 117 දුරකථතන අංකයට ඇමතුමක් ලබාදෙන ලෙසත් ආපදා කළමනාකරණ මද්‍යස්ථානය දැනුම් දේ.

– ජනක හදුන්පතිරාජ

9,794 Viewers
Main News