ගනේමුල්ල ගුවන් පාලම ජනතා අයිතියට පත් කෙරේ…

January 11, 2018 at 2:14 am | lanka C news
ගනේමුල්ල ගුවන් පාලම ජනතා අයිතියට පත් කෙරේ…

ගම්පහ දිස්ත‍්‍රික්කයේ පිහිටි ප‍්‍රධානතම වානිජ නගරයක් වන ගණේමුල්ල නඟරයට විශාල ජනකායක් දෛනිකව විවිධ අවශ්‍යතා සඳහා පැමිණේ.

ප‍්‍රධාන දුම්රිය මාර්ගයේ කාර්යබහුලම දුම්රිය ස්ථානයක් වන ගනේමුල්ල දුම්රිය ස්ථානය හේතුවෙන් දැඩි වාහන තදබදයක් නිරන්තරයෙන් ගනේමුල්ල නගරය තුල පවතී.

මෙයට පිළියමක් ලෙස ගනේමුල්ල දුම්රිය මාර්ගය හරහා ස්පාඤ්ඤ ගුවන් පාලම් ව්‍යාපෘතිය මඟින් 2016-04-19 දින උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් ගනේමුල්ල ගුවන් පාලම ඉදිකිරීම සඳහා මුල් ගල තබන ලදි.

මීටර 300 ක දිගින් යුතු පිවිසුම් මාර්ගයත් සමඟ ගනේමුල්ල ගුවන් පාලමේ සම්පූර්ණ දිග මීටර 504 කි. මංතීරු 02 ක් සහිතව ඉදිකරන මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 1,768.21 වැය වී ඇත.

මෙම ගනේමුල්ල දුම්රිය මාර්ගය හරහා දෛනිකව දුම්රිය වාර 154 ක් ගමන් කරන බැවින් පැය 03 ක පමණ කාලයක් ප‍්‍රධාන මාර්ගය වසා තබයි. එමගින් ඇතිවූ වාහන තදබදය නිසා ප‍්‍රවාහන ජාලයේ ඇති වූ අසීරුතාවය මෙම ගුවන් පාලම ඉදිකිරීමත් සමඟ පහව යයි.

මාස 20ක් තුල ඉදිකිරීම් අවසන් කල ගනේමුල්ල ගුවන් පාලම ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක , උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අතින් අද (11) දින ජනතා අයිතියට පත් කරනු ලබයි .

මාධ්‍ය ඒකකය
උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය

7,212 Viewers

4 Comments to “ගනේමුල්ල ගුවන් පාලම ජනතා අයිතියට පත් කෙරේ…”

  1. චූටි මල්ලි says:

    රාජගිරියෙ පාලම වගෙ උනෙ නැති උනොත් හොදයි

  2. ගනේමුල්ල තරුණ කැල says:

    චන්දයක් ප්‍රකාශයට පත් කරලා තියෙන මේ මොහොතේ මේ කරන විවෘත කිරීම් වලින් අනික් පක්ෂවලට අවාසි නැත්ද ? මැතිවරණ කොමසාරිස්ට අනික් පක්ෂ පැමිණිලි නොකරන්නේ ඇයි ?

    • SWoRD says:

      මේ යහපලන හාදයෝ නම් මෙවට උදැල්ල දායි. 2014 හදල නිමකරල තිබුන බේකරිය හන් දියේ පොල විවෘත කරන එක මාස ගානක් කල් දැම්මා චන්දෙ එනව කියා. කොමසාරිස් පැනල තහනම් කලේ. මයිත්‍රීට ආපු සංකල්පයක් මත හැදුව කියා ගලක කොටල චන්දෙන් පස්සෙ විවෘත කරා.

  3. ගනේමුල්ල තරුණ කැල says:

    මැතිවරණයක් ප්‍රකාශ ඇති මේ මොහොතේ මෙම සිදු කරන විවෘත කිරීම් අනික් පක්ෂ වලට අවාසි නැත්ද? ඔවුන් මේවා මැතිවරණ කොමසාරිස්ට පැමිණිලි නොකරන්නේ ඇයි ??

Leave a Comment

Main News