ගමට යන්න විදිහක් නෑ.. මෙහෙම ගියොත් ශ‍්‍රීලනිපය පරාදයි.. හවුල් ආණ්ඩුව තවත් බෑමයි..- ඇමති ජෝන් ජනපතිගේ මූණටම කියයි..

July 14, 2017 at 9:20 am | lanka C news
ගමට යන්න විදිහක් නෑ.. මෙහෙම ගියොත් ශ‍්‍රීලනිපය පරාදයි.. හවුල් ආණ්ඩුව තවත් බෑමයි..- ඇමති ජෝන් ජනපතිගේ මූණටම කියයි..

සැප්තැම්බර් මාසයේදී එජාප-ශ‍්‍රීලනිප හවුල් ආණ්ඩු ගිවිසුම් කාලය අවසන් වූ පසු ශ‍්‍රීලනිප මැති ඇමතිවරුන් ආණ්ඩුවෙන් ඉවත් වී උවමනා අවස්ථාවන්හිදී ජනාධිපතිවරයාට උදවු කරන තීරණයකට යා යුතු බව ඇමති ජෝන් සෙනෙවිරත්න මහතා සදහන් කර ඇත.

ඒ මහතා මේ බව සදහන් කර ඇත්තේ 12 වන දා රාත‍්‍රියේදී ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවත් ශ‍්‍රීලනිප මැති ඇමති හමුවේදීය.

ආණ්ඩුව තුල සිටීමෙන් ශ‍්‍රීලනිපය අභ්‍යන්තරයේ විශාල ප‍්‍රශ්නයක් මතුව ඇති බවත් පාක්‍ෂිකයින්ට මෙය විශාල ප‍්‍රශ්ණයක් වී ඇති බව ගමට ගිය විට පෙනෙන බවත් පවසා ඇති ඇමති සෙනෙවිරත්න මේ ආකාරයට ගියහොත් ඉදිරි මැතිවරණයේදී ශ‍්‍රීලනිපයට ජයග‍්‍රහණය කිරීමට නොහැකි බවත් පෙන්වා දී ඇත.

ඒත් සමගම තවත් මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුම එම මතය අනුමත කරමින් සදහන් කර ඇත්තේ තව දුරටත් හවුල් ආණ්ඩුවේ හිදීමෙන් කිසිදු පලක් නැති බවයි.

කෙසේ වෙතත් තව දුරටත් ජාතික ආණ්ඩුව තුල ඉන්නේද ඉවත් වන්නේද යන්න තීරණය කරනු ලබන්නේ දෙසැම්බර් මාසය ආසන්න වන විට බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා එහිදී පවසා ඇත.

22,068 Viewers

13 Comments to “ගමට යන්න විදිහක් නෑ.. මෙහෙම ගියොත් ශ‍්‍රීලනිපය පරාදයි.. හවුල් ආණ්ඩුව තවත් බෑමයි..- ඇමති ජෝන් ජනපතිගේ මූණටම කියයි..”

  1. rangana says:

    pala pala gariya yanda… thopi ennay mokatada kiyala api dannawa…gamata yanna barinam walata pala….!

  2. රත්නපුරෙ ජනතාව නම් කියන්නෙ ඔයාට ගමට කොහොමටත් එන්න බෑ. කියලයි. අර බෑනගෙ කුඩු කේස් එක නිසා. ඔයා ඊලග චන්දයෙන් කොහොමත් හාන්සියි නෙ.

  3. Sadda says:

    Hitange pakshe atha hera eliyata warella. Nethi nam anthima kattath lewakagena hitapalla.

  4. Chapa says:

    If so, you all can join opposition,with no problems, but it should be as a group and all of them should obey to the leader, MY3. Then, in 2020, you can make MY3 won as a president and leader of SLFP. Actually ,it is a good idea.

    • Hopper says:

      Yako champo Tho samahara dewal gana maha loku vishleshana karala karunu dakwanawa.

      Eath me appayata pakshawa Oba Mata vishwasai niyayen comments danawa.

      Rata jathiya pawadeepu me gobbayawa 2020di prasidant karanna one mokada kiyala puluwan Nam pahadili karapiya.

  5. Wijebahu says:

    Moo kohomath depita kattuwa.

  6. rathne says:

    When are you leaving the government?. That day you will get a crown, so please do so before some one take it.

  7. රාහුල කොලුවා says:

    මැතිවරණ කිට්ටු වෙනකොට ගම මතක් වෙලා තීන්දු තීරණ ගන්න යනවා.. එතකං මධ්‍යම කාරක සභාවේ තීන්දුවලට හිස නමලා සනීපෙට ඉන්නවා…

  8. umbai umbe sakkili balu yamapalanaya gamata nowe palayan apayata NOW.

  9. a says:

    mekath henama apathayek…ponnayek wage yanna oona kiyakiya inne nathuwa puluwan nam danma amathikamen ayinweyanko..

  10. parakum says:

    You SLFP guys always think about your DAMN Party Why not think about the country for a change?

    • Sivanajaram says:

      That’s why they are becoming obsolete. They are about to be a three wheeler party and they know it.

  11. mawubima_perata says:

    ඇත්තම කතාව මේකයි.ශ්‍රී ලංකා එකේ ආණ්ඩු පක්ෂයේ අයට ආණ්ඩුවෙන් එළියට ගියා කියල සෙතක් අත් වෙන් නෑ.එන ඕනෑම ජන්දයකදි එයාලා ශ්‍රී ලංකා එකේ ජන්දදායකයො විසින් ප්‍රතික්ෂේප කරනවා.ඒ නිසා ආණ්ඩුවෙ මේ ඉන්න ටික කාලෙ ඉන්න එකයි සුභ.කොටින්ම කීවොත් එයාලා දැන් ඉන්නෙ දෙමර අතර.

Main News