එජාපයේ ගම්පෙරළියට වාණිජ බැංකුවලින් මුදල් දමන්නයි දන්වයි.. වාණිජ බැංකු බංකොලාත් වීමේ අවදානමක්..

August 7, 2018 at 11:20 am | lanka C news
එජාපයේ ගම්පෙරළියට වාණිජ බැංකුවලින් මුදල් දමන්නයි දන්වයි.. වාණිජ බැංකු බංකොලාත් වීමේ අවදානමක්..

පිවිතුරු හෙල උරුමය පක්‍ෂ කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් එම පක්‍ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.

පසුගිය ජූලි 26දා මහ බැංකු අධිපති සහ වාණිජ බැංකු ප්‍රධාන විධායක නිළධාරින් අතර පැවැති සාකච්ඡාවේ දී වාණිජ බැංකුවලට දේශපාලන පීඩනයක් එල්ල කර තිබෙනවා.  එහිදී අගමැතිතුමාගේ ප්‍රධානම ව්‍යාපෘතිය ලෙස ගම්පෙරළිය ව්‍යාපෘතිය හඳුන්වා දීලා ඇප රහිතව රුපියල් ලක්ෂයක ණය ලබා දීමෙන් ගම්පෙරළිය ව්‍යාපෘතියට එක් වන මෙන් මහ බැංකු අධිපතිතුමා වාණිජ බැංකු ප්‍රධාන විධායක නිලධාරින්ගෙන් ඉල්ලා තිබෙනවා.

නමුත් මේ පවතින ආර්ථික දුෂ්කරතාව නිසා ඇප රහිතව ණය දුන්නොත්  මේ ණය බොල් ණය බවට පත් වී බැංකුවට බරක් වන බව පවසා පෞද්ගලික බැංකු ප්‍රධානින් මේක ප්‍රතික්ෂේප කළත් ආණ්ඩුවේ බැංකු වලට මේ පවට කර ගහන්න සිදු වී තිබෙනවා.

ඒ වගේම මුදල් සංසරණය ඉහළ දමන්න රන් ආභරණ මත ලබා දෙන උකස් ණය වැඩි කරන්නත් මහ බැංකුව යෝජනා කරලා.  නමුත් රත්රන් මිළ ඉහළ පහළ යෑමෙන් ලංකාවේ මූල්‍ය සමාගම් කඩා වැටී තැන්පතුකරුවන් අසරණ වන ආකාරය පෙන්වා රත්රන් වටිනාකමෙන් ඉහළ ප්‍රතිශතයක් උකස් ණය ලෙස ලබා දීමත් බැංකු ප්‍රධානින් ප්‍රතික්‍ෂේප කර තිබෙනවා.

වඩාත්ම වැදගත් දේ තමයි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතු වලට ලබා දෙන 15% ඉහළ පොලිය නුදුරු දිනයක අහිමි වීමේ අවදානමක් මතු වීම.  වාණිජ බැංකු 15%ක පොලියක් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ලබා දෙන්නේ පවත්නා පොලිය සහ 15% අතර වෙනස මහ බැංකුවෙන් ප්‍රතිපූර්ණය කිරීමේ පදනමින්.  නමුත් කාර්තු හයකින් මහ බැංකුව විසින් වාණිජ බැංකු වලට මේ ප්‍රතිපූර්ණය කරලා නෑ.  ඒ නිසා මහ බැංකුව මේ කාර්තුව තුල හිඟ මුදල් නොගෙව්වොත් 15% පොලි අනුපාතය අත්හැර දැමීමට සිදු වන බව බැංකු ප්‍රධානින් මහ බැංකුව දැනුම්වත් කරලා.

ආණ්ඩුවේ දේශපාලන ව්‍යාපෘති වලට වාණිජ බැංකු යොදා ගෙන වාණිජ බැංකු බංකොලොත් කරන්න එපා කියලා අපි ආණ්ඩුවෙන් වගේම ශ්‍රී ලංකා මහ බැංකුවෙනුත් ඉල්ලා සිටිනවා.  මොකද වාණිජ බැංකු කඩා වැටුණොත් ඇමෙරිකාවේ සිදු වුණා වගේ සමස්ත ආර්ථිකයම කඩා වැටෙන්න ඉඩ තිබෙනවා

– අරවින්ද අතුකෝරල

9,920 Viewers

2 Comments to “එජාපයේ ගම්පෙරළියට වාණිජ බැංකුවලින් මුදල් දමන්නයි දන්වයි.. වාණිජ බැංකු බංකොලාත් වීමේ අවදානමක්..”

  1. Dev says:

    පක්ශය දෑන් ගම් පෙරලිය නෙවේ යුගාන්තයෙ ඉන්නෙ.

  2. sunimal says:

    ගම්වලට මුන් ගිහිල්ලා ක‍රන්නේ නිදහන් හාරන එකයි ගමෙන් පන්නමු

Main News