ගල්යිපොසේට් මිනිස් සිරුරට මාරාන්තිකයි.. වකුගඩු ලෙඩ ගැන ලෝකයේම අංක එකේ විද්වතාගේ පරීක්‍ෂණයෙන් සනාථයි..

March 23, 2018 at 1:20 pm | lanka C news
ගල්යිපොසේට් මිනිස් සිරුරට මාරාන්තිකයි.. වකුගඩු ලෙඩ ගැන ලෝකයේම අංක එකේ විද්වතාගේ පරීක්‍ෂණයෙන් සනාථයි..

ග්ලයිපොසේට් තහනම ඉවත් කිරීම සඳහා කැස කවන්නේ අමුතුවෙන් මතු වූ අලුත් පිරිසක් නොවන බවත් පසුගිය අවුරුදු 7-8 කාලය තුළ ඒ වෙනුවෙන් පෙනී සිටි පිරිසම බවත් රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතා පැවසීය.

ග්ලයිපොසේට් තහනම ඉවත් කිරීම පිලිබඳ මාධ්‍යවේදීන් පැන නැගි ප්‍රශ්න හමුවේ ඒ මහතා මෙසේ පැවසීය.

“ ගරු කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරලා ග්ලයිපොසේට් නැවත භාවිතා කරන්න ඕන කියල. ඒකෙ හිතපු තරම් විෂක් නැතිලු. මම දන්නේ නැහැ එතුමා පර්යේෂණයක් කරල ද එහෙම කියන්නේ කියල. 2014 දෙසැම්බර් මාසේ මුල් වරට ග්ලයිපොසේට් කෘෂිකාර්මික වකුගඩු අසනීපෙ පැතිරෙන පළාත්වල තහනම් කලේ දීර්ඝ ලෙස කරුණු සලකා බැලීමෙන් පස්සේ. පස්සේ 2015 මාර්තු මාසේ මුළු ලංකාවේම තහනම් කලා. එදා ඉදන් අද දක්වා කරපු පර්යේෂණවලින් පෙනිලා ගිහිල්ල තියෙන්නේ තහනම නිවැරදියි. වකුගඩු ලෙඩ කරන්න මේ රසායනේ සම්බන්ධයක් තියෙනවම කියල. ඒ විතරක්ද ලෝක සෞඛ්‍ය සංවිධානය ග්ලයිපොසේට් 2A වර්ගයේ පිළිකාකාරකයක් විදිහට නම් කලා. චීනේ මේ ලඟදි කරපු පර්යේෂණයකින් පෙන්නලා තියෙනවා ග්ලයිපොසේට් කර්මාන්තශාලාවල වැඩ කරන අයගේ වකුගඩු නරක් වෙනවා කියලා. මේවා කියවල බලල තේරුම් ගන්න සාමාන්‍ය පෙලවත් සමත් වෙලා තියෙන්න ඕන. මේ පිළිකාකාරකය, වකුගඩු විෂ ඕන කියල කැබිනට් පත්‍රිකා දාන කැබිනට් ඇමතිවරු ලබන්න මේ රටේ මිනිස්සු පුදුම වාසනාවන්තයි. ඒ විතරක්නම් බැරිය ඉරාන් වික්‍රමරත්න ඇමතිතුමා පාර්ලිමේන්තුවේදි කියනවා මහාචාර්ය බුද්ධි මාරඹේ කියනවලු ග්ලයිපොසේට් නිසා වකුගඩු ලෙඩ හැදෙන්නේ නෑ කියල. නල්ල මරේ බඩුවක් කියල තියෙන්නේ. බුද්ධි මාරඹේ CIC කොම්පැනියේ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයෙක්.

ඊලගට ග්ලයිපොසේට් ප්‍රශ්නයක් නෑ කියන්න ඇමරිකාවේ ඉදන් බඩුවක් ගෙනල්ල සුනිල් විමලවංස කියල. ලංකාවේ ඉන්න බැරුව ඇමරිකාවට පැනල ගිය හාදයෙක්. පල් හොරෙක්. අපේ පර්යේෂණ පත්‍රිකාවල කරුණු හොරකන් කරලා අහු උනා. බුද්ධිමය දේපල හොරෙක්. ඇමරිකාවේ ඉන්න ශ්‍රී ලාංකිකයොන්ගෙන් සල්ලි එකතු කලා වකුගඩු ලෙඩ්ඩුන්ට උදව් කරන්න කියල. කරපු මගුලක් නෑ. එයාම බෙදපු කොලේට අනුව එසේ මෙසේ ගානක් නෙමෙයි එකතු කරන්න සැලසුම් කලේ රුපියල් මිලියන දහදාහක්. එකතු කරපුවට මොකද උනේ කියල දන්නේ දෙයියෝ තමයි.

ඊළඟට ඊයේ ජාතික පර්යේෂණ සභාවේ පුවත්පත් සාකච්ජාවක් තියල, එකේ කියල කෘෂි රසායන වකුගඩු ලෙඩේට බලපානවා කියල හොයාගෙන නෑලු. කවුද කියන්නේ නුවර ඉස්පිරිතාලේ වෛද්‍ය නිශාන්ත නානායක්කාරයි, පේරාදෙණිය විශ්ව විද්‍යාලේ මහාචාර්ය රෝහණ චන්ද්‍රජිතුයි. ග්ලයිපොසේට් ඕන කියන්න කැබිනට් පත්‍රිකාවක් දැම්මම පහුවෙනිදා නුවර ඉදන් කොළඹ ඇවිත් මාධ්‍ය සාකච්ජා තියන්න පුදුම අමාරුවක් තියෙන්න එපාය. මේගොල්ලොන්ට ජාතික පර්යේෂණ සභාව මිලියන් 50ක් දුන්න පර්යේෂණවලට කියල. තවත් රාජ්‍ය ආයතනවලින් කෝටි ගානක් දීල තියෙනවා. දැන් හෙව්වද ලෙඩේට හේතුව? කෘෂි රසායන බලපාන්නේ නෑ කියල කවුද හොයා ගත්තේ? කවදද? මාධ්‍ය ඉස්සරහට ඇවිත් පට්ට පල් බොරු කියනවා. කෘෂිකාර්මික වකුගඩු රෝගේ ගැන ලංකාවේ කරපු හැම වසංගතවේද පර්යේෂණයකින්ම තහවුරු වෙලා තියෙන්නේ කෘෂි රසායන ලෙඩේට බලපානවා කියල.

රෝගීන්ගේ වකුගඩු පටක යොදා ගෙන අපි ලඟදි බෙල්ජියමේ කරපු පර්යේෂණයකින් තහවුරු කරගත්ත වල්නාශක ඍජුවම රෝගයට බලපානවා කියල. ලෝකේ වකුගඩු විෂ ගැන ඉන්න අංක එකේ විද්වතා එක්ක ඒ පර්යේෂණ කලේ. ඒක තහවුරු කරලා පර්යේෂණ නමින් කෝටි ගණන් සල්ලි නාස්ති කිරිල්ල නවත්තන්න අපට ඕන උනා පරණ රෝගීන්ගේ වකුගඩු පටක පරීක්ෂාවට ලක් කරන්න. ඒ ගොඩක් අය මිය ගිහිල්ල. ඔක්කොම පටක ගොඩ ගහගෙන ඉන්නේ පේරාදෙණිය විශ්ව විද්‍යාලේ. මේ කණ්ඩායම ඒක තමන්ට ලැබුණු දෑවැද්දක් කියල හිතාගෙන ඉන්නේ. ඒ බෙල්ජියම් විද්වතා එක්ක අපි නුවරට ගිහින් මේ කණ්ඩායමට අපේ සොයා ගැනීම ගැන කියල පරණ රෝගීන්ගේ පටක ටික බලන්න අවස්ථාවක් ඉල්ලුවා. ඔය නානායක්කාරයි චන්දජිතුයි එතන හිටිය. අපිට දුන්නේ නෑ.

දැන් කොළඹ ඇවිත් බයිලා කියනවා. මම ඔය හැමෝටම කියනවා හොදට මතක තියා ගන්න ඔය දැගලිලි හැමදාම බෑ. කකුළුවාගේ නැටිල්ල වතුර රත් වෙනකන් විතරයි. මේ පාර දගලලා දගලලා ග්ලයිපොසෙට් තහනම ඉවත් කර ගනී සමහර විට. ලෑස්ති වෙලා ඉන්න ඔය තක්කඩි ඔක්කොම වැඩි කල් යන්න ඉස්සෙල්ල ගේනවා බලගතු කොමිසමක් ඉදිරියට.

අපේ රටේ මිනිස්සු මරන්න, පොඩි ළමයි හිටන් වකුගඩු ලෙඩ්ඩු කරන්න, පිළිකා ලෙඩ්ඩු කරන්න උල්පන්දම් දීපු හැම කෙනාගේම අග ගිය මුල ගිය තැන් ඔක්කොම එලියට ගන්නවා. ඔය පර්යේෂණ සභාවල, සම්බන්ධීකරණ කාර්යාලවල දගලන අයටත් එක්කයි කියන්නේ. ලෑස්ති වෙලා ඉන්න ඔයිට වඩා කෙරුම්කම් පාපු අර්ජුන් මහේන්ද්‍රන්ලත් අද හැංගිලා ඉන්නේ. මේ රටේ මිනිස්සුන්ට කෙලලා හරි ගිය එකෙක් පහුගිය සියවස් 25ත් නෑ ඉස්සරහ සියවස් 25ත් නෑ”

– චන්න ජයසුමන

24,937 Viewers

43 Comments to “ගල්යිපොසේට් මිනිස් සිරුරට මාරාන්තිකයි.. වකුගඩු ලෙඩ ගැන ලෝකයේම අංක එකේ විද්වතාගේ පරීක්‍ෂණයෙන් සනාථයි..”

  1. ප්‍රේමවංශ says:

    ජයවේවා! දැන් ඉතින් දීපියකෝ උත්තර. රට කන අපිව ලෙඩ කරන හැතිකරේට හෙනම ගහපන්.

    • Wijebahu says:

      Ithin yako mahidaya goviyange Chanda kolla ka gather onna oya kiyana pohora na kiyala neda?

      • Galbahu says:

        Glyphosate kiyanne pohorak nemei gon rajo. Mada gahanna kalin poddak hoyala balapan.

        • SARA says:

          මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතාගේ ප්‍රකාශය නිවැරදිය ..එතුමාට අපේ අපේ ස්තුතිය .
          ග්ලයිපොසේට්’ තහනම ඉවත් නොකරන ලෙස රජයට බලකළ යුතුයි ..සිංහලයා විනාශකිරීමට කරන තවත් උත්සාහයක් ..
          ප්‍රකට පොහොර සමාගම් දෙකක්‌ මගින් ඉන්දුනීසියාවේ සිට ග්ලයිපොසේට්‌ නමැති උග්‍ර විෂ සහිත කෘෂි රසායනය අඩංගු කන්ටේනර් විස්‌සක්‌ මෙරටට ආනයනය කිරීමේ සිද්ධියක්‌ හේතුවෙන් මේ වන විට යළිත් කෘෂි රසායන මාරයා පිළිබඳ සමාජ කතිකාවතක්‌ ඇරඹී තිබේ. ග්ලයිපොසේට්‌ යනු මෙරට තුළ තහනම් කෙරුණු කෘෂි රසායනයකි
          ග්ලයිපොසේට්’ වූ කලී, මාරාන්තික නිදන්ගත වකුගඩු රෝගය ඇති වීමට හේතුකාරකයක් ලෙස, පර්යේෂණ මගින් හඳුනා ගත් රසායනික වල් නාශකයකි.
          http://walaspathi.blogspot.de/2015/12/blog-post_5.html

          • samantha says:

            Up to now reason for kidney disease is not scientifically proven. If anyone can find the reason he or she might become a candidate for noble prize. This controversial prof don’t know at least simple scientific method. First knowledge regarding agrochemical related kidney disease came to light as a result of a Jayasumanas deep sleep (he has seen it in a dream)Can you see how funny our professors are? We wonder how he became prof? This type of haphazard statements without any evidence by a so cold prof will lead to make a black mark for our country among international academia.

      • පිංගුත්තර​ says:

        මේක ග්ලයිෆොසේට්වලින් කාලකන්නි වින්දනයක් ලබනව​,,,,,

        • adrian says:

          Mokaada ? Kalakanni vindane labanne ? Rohana Chandrajith kiyana Mahachaarya ballada?
          Supporters of glyphosphate should be given death sentence for MASS MURDER

          • ගිරවා says:

            පිංගුත්තරගේ comment එකත් ඔහු වගේම පිංගුත්තරයි …මෝඩකමේත් සීමාවක් තියනවා .
            ..නොදන්නා දේ ගැන කතා නොකර හිටු පිංගුත්තරයෝ

      • hitan@hutan.com says:

        මුගෙ මෑණියන් වහන්සෙ මූ වගේ තව දෙන්නෙක් තව දෙන්නෙක් වැදුව නම්?????????????

  2. Love nature says:

    “අද වනවිට වකුගඩු රෝගය අප මුහුණ දී සිටින ප්‍රධාන පෙළේ සෞඛ්‍ය ගැටලුවක්. මෙරට බෝනොවන රෝග අතුරින් වකුගඩු රෝග සදහාවන ප්‍රතිකාර සදහා ද ඉතා ඉහළ වියදමක් දැරීමට සිදූව තිබෙනවා. ලොව පුරා වකුගඩු රෝගීන්ගේ ව්‍යාප්තිය ඉහළ යමින් පවතිනවා. ශ්‍රී ලංකාව පුරා ද වකුගඩු රෝගීන්ගේ පැතිරයාම විවිධ හේතු මත වර්ධනය වෙමින් තිබෙනවා. සෞඛ්‍ය සංඛ්‍යාලේඛණ වලට අනුව වසරකට රෝහල්ගත වන වකුගඩු රෝගීන්ගේ සංඛ්‍යාව 20,000 ක් පමණ වනවා. වාර්ෂිකව සිදූවන මරණ සංඛ්‍යාව 2000 ක් පමණ වනවා.

  3. Saradiel says:

    අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් පසුගිය වසර තුනක කාලය ඇතුළත වකුගඩු රෝගීන් අට දෙනකු දිනකට අලුතින් හමුවන බව වාර්තා වේ. මෙසේ හමුවන රෝගීන් අවුරුදු 20-65 අතර වයස් සීමාවන්ගේ පසුවන බවද පරීක්ෂණයන්ගෙන් හෙළිව ඇතැයි පැවසේ.

  4. SUNIMAL says:

    2017 වසරේ ගතවූ මාස 09ක කාලය තුළ පමණක් අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් වකුගඩු රෝගීන් 2500 දෙනකු අලුතින් හඳුනා ගෙන ඇතැයි රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

  5. Love nature says:

    වකුගඩු රෝගය ඇතිවීමට අනුමාන කරනු ලබන හේතුකාරකයන්

    කෘෂි රසායන අවභාවිතය
    ජලයේ අන්තරගත ශරීරයට අහිතකර රසායනික ද්‍රව්‍ය හා බැරලෝහ.
    කිවුල සහිත අපිරිසිදු ජලය නිතර නිතර පානය කිරීම
    වකුගඩුවලට හානිකරන නීලහරිත ඇල්ගී සහ සයනො බැක්ටීරියා මගින් නිපදවන විෂ.

  6. Saradiel says:

    රජරට වගුගඩු රෝගීන් ගේ බහුතරය ගොවීන්

    • Asaranaya says:

      ගන්ජා දුමියා විද්දියාව දන්නව තියා ඒකා ඕ ලෙවල් වත් පාස් නැහැ

      • JOY says:

        ගල්යිපොසේට් මිනිස් සිරුරට මාරාන්තිකයි වහාම තහනම් කරනු ….ජඩපාලනය මොකද්ද මේ කරන විනාශය ?
        කෘෂිකාර්මික ඇමති ඉල්ලා අස්වනු

      • CAT says:

        BAN GLYPHOSATE IN OUR COUNTRY
        GLYPHOSATE Quick Death for Weeds, Slow and Painful Death for Human
        What’s worse is that the negative impact of glyphosate exposure is slow and insidious over months and years as inflammation gradually gains a foothold in the cellular systems of the body.
        Gastrointestinal disorders
        Obesity
        Diabetes
        Heart Disease
        Depression
        Autism
        Infertility
        Cancer
        Multiple Sclerosis
        Alzheimer’s disease
        And the list goes on and on and on …

      • Wijebahu says:

        Yako dumiyata banala Wadak na. Anduwa honda wadak karapuwama eka naraka wadak kiyala hithala gon hathikare mahidayage gal ibbanta chande denawa.

  7. Love nature says:

    මහවැලියේ ඉහළ ප්‍රදේශ තුළ වී වගාව හැරුණු කල තේ වගාවටත් ගෘහස්‌ථ මට්‌ටමින් සිදු කෙරෙන එළවළු තක්‌කාලි සහ අල වගාව සඳහාත් පොහොර සහ කෘමිනාශක යහමින් භාවිත කෙරේ. ඌව පරණගම අල ගොවියාත්, මදුවැල්පතනේ තක්‌කාලි ගොවියාත් රජරට ව්‍යසනයේ වක්‍ර දායකත්වයන් බවට පත් වන්නේ එලෙසිනි.

    පසට එකතු වන බර ලෝහයන් ජල මූලාශ්‍රයන් වෙත නිදහස්‌ වීමේ ප්‍රබලතාව පසෙහි ස්‌වභාවය (ආම්ලිකතාව) මත ද රඳා පවතී. ජල මූලාශ්‍ර හා මුසු වූ Cd, අවසානයේ ජලාශ පත්ලේ වූ රොන්මඩ සමග තැන්පත් වන අතර කාලයත් සමග එකී බර ලෝහ තවදුරටත් බල ගැන්වී ජලාශ ජලය හා මුසු වෙයි. මෙකී ක්‍රියාවලිය තුළ ජලයේ දිය වූ Cd මිරිදිය මත්ස්‍යයන් හා ජලාශ්‍රිත ශාකයන් තුළට ද ආහාර දාමයන් ඔස්‌සේ ගමන් කරන බැව් විශ්වාස කෙරේ.

    මහවැලියෙන් පෝෂණය වූ ඇතැම් රජරට ජලාශයන්හි වෙසෙන “තිලාපියා” හා “ලූලන්” වැනි මත්ස්‍යයන් තුළ ද Cd අන්තර්ගත වන බව තවත් හෙළිදරව්වකි.

    “තිලාපියා” හා සන්සන්දනය කරන විට “ලූලන්” වැනි මාංශ භක්‌ෂකයන් ගේ සිරුරු තුළ වැඩි බර ලෝහ ප්‍රමාණයක්‌ අන්තර්ගත බව ද එකී පර්යේෂණ අනාවරණය තුළ තවදුරටත් දැක්‌වෙයි.

    කැණීමට ලක්‌ කරනු ලැබූ රජරට ළිං ජලයේ අධික “ෆ්ලෝරයිඩ්” ප්‍රමාණයක්‌ පවතින බවත්, රෝගය සඳහා එහි බලපෑමක්‌ තිබිය හැකි බවත් තවත් මතවාදයකි. (Herath, eleperuma etal).

    ජලයේ වූ ෆ්ලෝරයිඩ්, කැඩ්මියම් දේහගත කරවීමේ ක්‍රියාව තවදුරටත් වැඩි කරවන බව ද තවත් අදහසකි.

    2006 වසරේ සිදු කරනු ලැබූ පර්යේෂණ හෙළිදරව් කරන්නේ Propanil වල් පැළෑටි නාශකය මෙන්ම Chlorpyrofos කෘමිනාශක අධි ප්‍රමාණයක්‌ ද උතුරුමැද ජලාශ තුළ හමු වන බව ය. අනුරපුර හා පොළොන්නරුව දිස්‌ත්‍රික්‌ක තුළ බහුල ලෙස භාවිත කෙරෙන වල් නාශකයක්‌ වූ Bispyribac Sodium හි ද, Cd බහුල වෙයි. එහෙත් මහවැලි ජලාශ තුළ Cd අධික ලෙස

    රැස්‌ වන්නට ප්‍රධානතම හේතුව ලෙසින් පර්යේෂකයන් පවසන්නේ ප්‍රමිතියෙන් බාල ටි්‍රපල් සුපර් පොස්‌පේට්‌ (TSP) පොහොර හේතු වන බව ය.

  8. Gadol says:

    මාස 07ක් තුළ අනුරාධපුරයේ වකුගඩු රෝගීන් 13,000ක් …

  9. Lee says:

    Hat off Sir…

  10. ruwan says:

    එදා අපට ඉතා දියුණු අපේම දේශීය කෘෂි කාර්මික තාක්ෂණයක් පැවතියා. එය බාවිතා කරමින් ලාංකිකයා ඉතා සාර්ථකව කෘෂිකර්මයේ නියැලුනා. අපේ මෝඩකම් නිසා අපි ඒවායෙන් ඈත් වී අපට නොගැලපෙන විදේශීක ක්‍රම යොදා ගත්තා. විදේශීය වෙනස් කල බීජ යටතේ කෘතීම පොහොර, විෂ කෘෂි රසායන යොදන්න සිද්ද වුනා. ඉන් පසු අපේ පරිසරය, පස, ජලය, සතුන් විනාශ වෙන්න පටන් ගත්තා. අද එහි උච්ච තම අවස්තාව ඒ කියන්නේ මිනිසුන්ගේ ජීවිතත් අනතුරට පත් වෙලා. ගොවි ජනපද වල ජනතාව දවසින් දවස මරණය කරා යනවා. රටේ ඉතිරි ප්‍රදේශද ඉදිරියේදී මේ වියසනයට ලක්වේවි.
    ඉක්මනින් රටේ වස විස නැති ගොවිතැනක් තුලින් රටේ ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීමට යම් පාලකයෙක් ඉදිරිපත් වේවායි පතමු.

  11. ගොයියා says:

    හරි අපි පිළිගනිමු ග්ලයිෆොසේට් වලින් වකුගඩු ලෙඩේ හැදෙන්නේ නෑ ම යි කියලා.

    නමුත් ග්ලයිෆොසේට් වලින් තව ලෙඩ ගොඩක් හැදෙනවා. ඒ ගැන ගූගල් හරහා ඕනෑ තරම් විස්තර හොයා ගන්න පුළුවනි. මේ වන විට රටවල් ගණනාවක ගල්යිෆොසේට් තහනම් කරලා තියෙන්නේ, ග්ලයිෆොසේට මිනිස් සිරුරට අහිතකර නිසයි. ඉතින් ඇයි අපි ග්ලයිෆොසේට් වලට ඉඩ දෙන්නේ? ග්ලයිෆොසේට් තහනම් කර ඇති අනෙක් රටවල් එම තහනම ඉවත් නො කරන්නේ ඇයි?

    වෛද්‍ය චන්න ජයසුමන මහතා ඇතුළු දේශීය බුද්ධිමතුන් ගෙන යන සටන මෙරට ජනයා විසින් තනි නොකළ යුතුය. රතන හාමුදුරුවන් සමග ඇති දේශපාලන ප්‍රශ්න අමතක කර මේ මොහොතේ රතන හිමි ගේ වෑයමට උදව්වක් කළ යුතුය. ග්ලයිෆොසේට් තහනම ඉවත් නොකිරීමට ආණ්ඩුවට බල කරමු. මොකද වස කන්න වුනොත් කන්න වෙන්නේ මේ රටේ හැමෝටමයි. අපේ දරුවන් ද ඇතුළුව.

  12. Asaranaya says:

    ඉරාන් කාරයා හොරාගේ අම්මගෙන් පේන අහලා

  13. මහ එවුන්ගෙ විතරක් නෙමෙයි වැරැද්ද .ඔය ගොයියො අනිත් එවුන්ට කෙලවුනත් මොකද කියලා ඔවා ගහලා කෙලවා ගන්නවා.අනිත් උන්ට මෛත්‍රි කොරපල්ල .
    පොලවට වස දානකොට 3 පාරක් හිතපල්ල

  14. Ranjan says:

    ගරු කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක කියන ගොනාට ගල්යිපොසේට් කාපිය කියන්න ඕනෑ.

  15. parakramabahu says:

    wijebahu kiyanne mee harakata kiyana tawath namak kiyala hituna

  16. Dr. Gayan says:

    Samantha is back scratcher of Buddhi Marabe. What science are you talking men? Did you listen to the oration given by Prof Marc De Broe? Broe and Channa’s group is almost there. Dr Jayasumana is a proud for the nation. See the publications of Jayasumana. He is a world class scientist. Buddhi Marabe is a shamed for Sri Lanka and academia. He is a board director of CIC a notorious agrochemical company, while holding a professor post in an Agricultural faculty. What a shame?

  17. required says:

    Arresting should be started with MR.

    He was the 1st one who challenged this research.

    • Pramil says:

      No, he blessed all these research. He is the one who banned hlyphodate for the fitst time.

    • A.A.p.p amarasinghe says:

      oya desha paluwo kanna ono unama kabarayath thalagoya karagannawa.. vidyathmaka paryeashana walin oppu kala oya sathya pitu dakkata owunge hadawath dannawa. eath balayata kadara nisa mak korannada. thamange wasiyata unanam paryeshanaya nokalath oka..vidwathek dala hari kiyanawa glaiposet hoda naha kiyala..

  18. vidu says:

    The study analyzed the genes of mice used in a 2012 study that were exposed to low levels of Roundup in drinking water, and found they had liver and kidney damage.

    http://www.organicauthority.com/chronic

  19. climax says:

    Sri Lankan tea industry would probably collapse without glyphosate. it’s an approved weedicide in the tea industry. we admit there are some serious issues with glyphosate especially in Raja rata area of Sri Lanka. because the nature of the soil in that areas… the government must ban glyphosate in raja rata that’s ok..but shouldn’t ban for Tea industry…

    • Boo says:

      Sri Lanka tea industry never had this weedicide before in the history, even during the golden period for Sri Lankan tea therefore it does not need that shit in the future too.
      It is only those who get quick profits by selling that shit are the ones who promote that shit.

  20. Dushantha says:

    කක්කුස්සි කටා ඈමති තුමා කිව්වා කන්සා ඉතා ගුණ ඖෂධයක් නිසා ඒවා වවනවා කියලා. කෘෂිකර්ම ඈමති තුමා පරීක්ෂණ කරලා කරලා හොයා ගෙන ඈති කන්සා වලින් ග්ලයිපොසේට් වල විස මකන්ඩ පුළුවන් කියලා.

  21. Open mind says:

    පසු ගිය දශක 2….3……දී මේ වල් නාශකය අනතුරු දායක නොවන්න ඇති.

  22. citizen says:

    What this professor is talking is nonsense. Kidney disease was first discovered in 1994. Glyphosate came into use only around 2011.

    • Godaya says:

      This Citizen is not a Sri Lankan citizen. Glyphosate introduced to US market in 1970. It was used by Mahaweli Development Authority way back in 1983. Don’t mislead the public.

      • citizen says:

        Godaya does not know the facts. In the 1980s the late Ray Wijewardane and Dr. Parakrama Wiadyanatha got some glyphosate from USA and applied to some plots on Mahaweli lands just as an experiment. It was a only about two cans. At that time paraquat was very popular and cheap and that was the weedicide used.
        For your information citizen is a son of a rajarata farmer and knows this area very well. Godaya should check his facts before coming to conclusions

  23. M de silva says:

    Well said Dr C.Jayasumana. .We need knowledgeable people like you hence be careful. Especially you may be a target for min duminda and the gang. .
    May the Triple gem be with you always.

  24. විමුක්ති says:

    නාථ දෙයියන්ගේ protocol එකට අනුව තමයි මේ සොයා ගැනීම කරලා තියෙන්නෙ. අන්න ඒ නිසා, ඒ ගැන සැකයක් නෑ.

Main News