ගවයින් ප‍්‍රවාහන ලොරියක් පෙරලෙයි.. ගවයින් තොගයක් මියයයි..

September 1, 2017 at 4:40 pm | lanka C news
ගවයින් ප‍්‍රවාහන ලොරියක් පෙරලෙයි.. ගවයින් තොගයක් මියයයි..

එරාවුර් ප‍්‍රදේශයේ සිට අකුරණ ප‍්‍රදේශය දක්වා ගවයින් ප‍්‍රවාහනය කළ ලොරි රථයක් නාඋල – කොහොලන්වල යුධ හමුදා කදවුර ආසන්යේ දී පෙරළි ඇතැයි මහවෙල පොලිසිය කියයි.

සිද්ධියෙන් පසු ප‍්‍රදේශයේ විශාල පිරිසක් එම ස්ථානයට රැස්වී සිටි අතර ඔවුන් කියා සිටියේ ලොරි රථය තුළ ගවයන් 20 ක් පමණ මියගොස් ඇති බවත්ය.

උදාසන වන විට ලොරි රථයේ ගමන්ගත් කිසිවෙකුත් එම ස්ථානයේ නොසිටි අතර ලොරි රථය ඉවත් කිරීම සදහා පොලිසිය ඇතුළු මහජනතාව දැඩි පරිශ‍්‍රමයක් දරනු දක්නට ලැබිනි.

ලොරි රථය විවෘත කිරිමට නොහැකි වීම හේතුවෙන් ඇතුලත සිටින ගවයින් මිය යෑමේ අවදානමක් පවතින බව එම ස්ථානයේ රැස්ව සිටි පිරිස් සදහන් කළේය.

මෙලෙස ප‍්‍රවාහනය කළ ගවයින් සදහා බලපත‍්‍ර ලබාදී ඇති බවත් ඒ අතර ප‍්‍රවාහනය සදහා ද බලපත‍්‍ර පවතින බව මහවෙල පොලිස්ථානයේ නිළධාරියෙකු සදහන් කළේය.

කෙසේ වෙතත් හිංසාකාරී අන්දමින් ප‍්‍රමාණය ඉක්මවා ගවයින් ප‍්‍රවාහනය කළේද යන්න පිළිබදව මහවෙල පොලිසිය පරික්ෂණ පවත්වති.

– ඉන්දික අරුණ කුමාර

6,145 Viewers

5 Comments to “ගවයින් ප‍්‍රවාහන ලොරියක් පෙරලෙයි.. ගවයින් තොගයක් මියයයි..”

  1. love nature says:

    හජ්ජි කියන්නේ සතුන්ගේ විනාසය බෞද්ධ රටකට ගියකළ අපි අසරණ වෙලා වගේ සිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ

  2. love nature says:

    The Indian government has issued a nationwide ban on selling cattle for slaughter,

  3. Dev says:

    Harak marunata apita kanna baa mathiya.yewa halal naa ne.

  4. unp says:

    අපරාදෙ මන්ත්‍රි අමතිලා කීදෙනක් මලාද දන්නෙ නෑහ

  5. LION says:

    කෙස් ගස පවා වෙන රටවල මිනිසුන්නේ -උස් නිදහස පිණිස සටනට සැරසෙන්නේ හිස් මොළ තිබෙද්දිත් මේ වග නොතකන්නේ -ඇස් ගෙඩි දෙකට හෙන ගැහිලද මිනිසුන්නේ

    මෙම කවිය කියවන විට බාල මහලු ඕනෑම කෙනෙකුට සිංහල ජාතිය වෙනුවෙන් මහත් සෙවාවක් කළ එස් .මහින්ද හිමි සිහිවේ.

Main News