ගව ඝාතනය නවතන ලෙස ඉල්ලා විරෝධතා…

August 7, 2018 at 2:16 am | lanka C news
ගව ඝාතනය නවතන ලෙස ඉල්ලා විරෝධතා…

යාපනය දිස්ත්‍රීක්කය ඇතුලු උතුරු පලාතේ සිදු කෙරෙන ගව ඝාතනයන් වහාම නවතන ලෙසට ඉල්ලා යාපනය මරදනා මඩම් ප්‍රදේශයේදී විරෝධතාවක් පැවත්වුණි.

යාපනය සත්වවේදීන්ගේ සංගමය, කෝවිල් භාරකරුවන්ගේ සංගමය හා සායි සංගමය විසින් මරදනාමඩම් මන්සන්ධියේදී සංවිධානය කොට තිබූ අදාල විරෝධතාවය සඳහා එම සංගම්හි සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් මෙම විරෝධතාවය පැවත්වුණි.

විරෝධතාවයට එක්වූ පිරිස් කියා සිටියේ මීට පෙර මස් පිණිස පිරිමි ගවයින් පමණක් මරා දැමුනද මේ වන විට කිරි එලදෙනුන් පවා මරා දැමීමට ව්‍යාපාරිකයින් පෙළඹී ඇති හෙයින් ගව ඝාතනය වහාම නැවත්වීමට බලධාරීන් පියවර ගත යුතු බවටය.

එමෙන්ම ගවයා යනු ආගමක දේවත්වයෙන් සගකනු ලබන සත්වයෙක් හේතුවෙන් සත්ව හිංසනයට එරෙහි වෙමින් වහාම ගව ඝාතනය නැවත්විය යුතු බවට විරෝධතා කරුවන් වැඩි දුරටත් කියා සිටියහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

1,595 Viewers

2 Comments to “ගව ඝාතනය නවතන ලෙස ඉල්ලා විරෝධතා…”

  1. Love nature says:

    ගවයා යනු ආගමක දේවත්වයෙන් සල කනු ලබන සත්වයෙක් ලු ..නමුත් යුරෝපයේ සිටින දමිළ හින්දුභක්තිකයන් හරක් මස් කන්නේ පුදුම කෑදරකමකින් .
    අපිට නම් හරක් මස් නැතුවම බැහැ දෙමළ කොටින් නිතරම කියන කියමනක් …
    ගව ඝාතනය වහාම තහනම් කලයුතුයි ..හරකා පමණක් නොවේ සෑම සතෙක්ම ජිවත් වීමට කැමතියි ..සෑම සතෙකුම මස් පිණිස මැරීම තහනම් කරනු

  2. sky says:

    විස්කි බොන මත්කුඩු ගෙන්වන දේශපාලන බලවතුන් සිටින රටක ගව ඝාතනය වැළැක්වීමට උත්සාහ දැරීමත් විහිළුවක්
    මුස්ලිම් ජාතිකයන්ට අල්ලාහ් වෙනුවෙන් සෑම සතියකම අල්ලාහු අක්බර් කියා ගවයක් එළුවෙක් කුකුලෙක් ගෙ බෙල්ල බාගෙට කපා ලේ යනතුරු තබා අල්ලාහ් වෙනුවෙන් ඒ සත්තු මෙලෙච්චේද ලෙස බිලි දෙයි ..එවැනි මෙලෙච්චේද ආගම අදහන මුස්ලිම් ඇමතිලා අද අපේ රටේ බලවතුන් වී ඇත
    ගව ඝාතනය නතර කිරීමට ඔවුන් ඉඩ දෙයිද ?එත් සියලුම සත්වවේදීන්ගේ සංගම් එක්වුවහොත් මේ අසරණ සතුන් බේරාගත හැක
    ගව ඝාතනය තහනම් කිරීමට දරන උත්සාහයට යාපනය සත්වවේදීන්ගේ සංගමය, කෝවිල් භාරකරුවන්ගේ සංගමය හා සායි සංගමයට අපේ ප්‍රණාමය

Leave a Comment

Main News