ගාළු මැයි රැළියේ යොදා සිටි පොලිස් නිලධාරීන්ගේ පඩි කපයි..

May 8, 2018 at 12:40 pm | lanka C news
ගාළු මැයි රැළියේ යොදා සිටි පොලිස් නිලධාරීන්ගේ පඩි කපයි..

ඒකාබද්ධ විපක්ෂය හා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විසින් සංවිධානය කරන ලද මැයි රැලියේ ආරක්ෂාව සදහා යොදවා සිටින පොලිස් නිලධාරීන්ගේ වැටුපෙන් ඔවුන්ගේ ආහාර වියදම් සදහා රුපියල් 450/- ක මුදලක් අඩු කරගන්නා බව සහකාර පොලිස් අධිකාරි සතිෂ් ගමගේ මහතා විසින් ඇල්පිටිය පොලිස් අධිකාරි කොට්ඨාශය වෙත දැනුම් දී තිබේ.

ගාල්ල සමනල ක්‍රීඩාංගණයේදී (07) දින පවත්වන ලද මැයි රැලිය සදහා ඇල්පිටිය පොලිස් අධිකාරි කොට්ඨාශය නියෝජනය කරමින් එම කොට්ඨාශයේ පොලිස් ස්ථාන 12 ට අයත් නිලධාරීන් 300 කට ආසන්න පිරිසක් යොදවා තිබේ.

06 සවස විශේෂ පොලිස් පනිවුඩයක් ලෙස පොලිස් රේඩියෝ මැසේජ් ක්‍රමය හරහා මෙම දැනුම් දීම කර තිබෙන බව ඇල්පිටිය කොට්ඨාශයේ පොලිස් නිලධාරීහූ ප්‍රකාශ කළේය. එම පනිඩුඩය පොලිස් ස්ථානයන්හි කාර්යය භාර නිලධාරීන් විසින් පොලිස් පනිවුඩ පොතේ සටහන් කර එම අවස්ථාවේදීම අදාල පොලිස් නිලධාරීන්ට දැනුම් දීමට කටයුතු කර තිබෙන බව දැනගන්නට තිබේ.

සහකාර පොලිස් අධිකාරි සතිෂ් ගමගේ මහතා ඒකාබද්ධ විපක්ෂය හා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු මැයි රැලියේ පොලිස් නිලධාරීන්ගේ සුභ සාධන කටයුතු බාර ප්‍රධාන පොලිස් නිලධාරියා වශයෙන් පොලිස් දෙපාර්තමේන්තුව විසින් පත් කර ඇත. මෙම සුභ සාධන කටයුතු භාරව එහි දෙවැනියා ලෙස කටයුතු කරන්නේ ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුර ලාල් මහතාය. ඔහු සියළු පොලිස් නිලධාරීන්ට දැනුම් දී ඇත්තේ මැයි රැලියේ ආරක්ෂාව සදහා යොදවා සිටින සියළු පොලිස් නිලධාරීන්ට අවශ්‍ය සියළු ආහාර පාන මැයි රැලියේ සංවිධාන මණ්ඩලය විසින් සපයන බව දැනුම් දුන් බවයි.

මැයි රැලියේ සංවිධායක මණ්ඩලය ආරක්ෂක කටයුතු වල නිරත සියළු පොලිස් නිලධාරීන්ට ආහාර පාන නොමිළයේ ලබාදෙන තත්ත්වයක් තුල ආහාර පාන වෙනුවෙන් රුපියල් 450/- ක මුදලක් වැටුපෙන් අයකර ගැනීමට සැලසුම් කිරීම ඉතාම අසාධාරණ බව මැයි රැලියේ ආරක්ෂක කටයුතු වල නිරත පොලිස් නිලධාරීහු ප්‍රකාශ කරති.

මෙම පනිවුඩය 06 දිනයේම ලබාදීම තුලින් මැයි රැලියේ ආරක්ෂක කටයුතු වල නිරත වීමේ මැලි කමක් පොලිස් නිලධාරීන් තුල ඇති කල බවත් එය සැලසුම් සහගතව කරන ලද්දක් බවක් පොලිස් නිලධාරීන් කීප දෙනෙකුම ප්‍රකාශ කළේය.

එයට අමතරව දක්ෂිණ අධිවේගී මාර්ගය හරහා ගාල්ල දක්වා පැමිණි මගීන් ප්‍රමාණය ගණන් කිරීමේ කාර්යයද පොලීසිය විසින් සිදු කර තිබෙන බව පොදු ජන පෙරමුණේ ප්‍රකාශකයෙකු සදහන් කළේය.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ල, පින්නදූව පිවිසුමේදී මැයි රැලියට පැමිණෙන බස්රථ වලට පොලිස් නිලධාරීන් ගොඩ වී මගීන් සංඛ්‍යාව ගණන් කල බවද එම ප්‍රකාශකයා වැඩි දුරටත් සදහන් කළේය.

ඉහළින් ආ නියෝගයක් මත මෙසේ පැමිණි පිරිස ගණන් ගන්නා බව ඒ පිළිබදව සොයා බැලීමේදී පොලිස් නිලධාරියෙකු තහවුරු කර ගැනීමට හැකි විය.

– ජයකාන්ත ලියනගේ

27,354 Viewers

6 Comments to “ගාළු මැයි රැළියේ යොදා සිටි පොලිස් නිලධාරීන්ගේ පඩි කපයි..”

  1. saman says:

    Ha ha ha

  2. fass says:

    Gon part uparimai…

  3. JUDE says:

    රටේ මහා ජනතාවට කුඩම්මාගේ සැලකිලි දක්වන වත්මන් පොලිස් නිලධාරීන්ට හොද පාඩමක් …රටක ආරක්ෂක හමුදාවක් තියෙන්නේ රටේ මහජාතිය ආරක්ෂා කිරීමටයි එත් අද සිදුකරන්නේ සුළු ජාතික ත්‍රස්තවාදීන් , හොරුන් අපරාධකාරයන් ,බෙදුම්වාදීන් ආරක්ෂා කිරිමයි

  4. ගිරවා says:

    යමපාලනයට සේවය කිරීමට ලැබෙන තෑගී ..ඔහොමයන්
    ජනතාව අතර පොලිසියම දැන් පිළිකුලට ලක් වෙලා ඉවරයි ..ලොක්කෝ සැප විදිනවා ..සොක්කෝ දුක්විදිනවා, ඒක තමයි අද පොලිස් ලොක්කෝ සහ සොක්කෝ.අතර ඇති වෙනස ….

  5. ගිරවා says:

    යමපාලනයට සේවය කිරීමට ලැබෙන තෑගී ..ඔහොමයන්
    ජනතාව අතර පොලිසියම දැන් පිළිකුලට ලක් වෙලා ඉවරයි ..ලොක්කෝ සැප විදිනවා ..සොක්කෝ දුක්විදිනවා
    ඒක තමයි අද පොලිස් ලොක්කෝ සහ සොක්කෝ.අතර ඇති වෙනස ….

  6. Kadiya says:

    බලමු රංජිත් මද්දුමබණ්ඩාර ගේ සමතුලිතතාවය. කලවැද්දට ඥාති සම්බන්ධයක් තියනවද කියල.
    “රංජිත් මද්දුමබණ්ඩාර අපක්ෂපාතීව රටට හිතැතිව නීතිය හා සාමය ඇමතිකම කරයිද අනාවැකි කීමට නොහැකිය. නමුත් සමතුලිත මිනිසෙක් නම් හොඳට කරවී. නමුත් වෛරයෙන් පිරුන අමු පිස්සෙක් වන සරත් පොන්සේකා හට නොදීම තව දුරටත් රට ලෙයින් තෙත් කිරීම වැළැක්වීමක් ලෙස සලකන්න පුළුවන්. මේ සත්වයා සීලාචාර සමාජයට ගැලපෙන්නෙක් නොවේ. මෙවැනි ඇමති බලතල ඔහුට ලබානොදීම අගමැති සහ ජනාධිපතිගේ ආරක්ෂාව සලකා ගත් තීරණයක් විය හැකිය.”

Main News