ගැටබේ-කැම්බල් දෙකේම එකතුව මෙන් තුන් ගුණයක් ගෝල්ෆේස් ලොකුයි.. කෙස් කෙලින් කරවන ගූගල් මැප් වර්ගඵලය මෙන්න..

April 29, 2017 at 10:19 pm | lanka C news
ගැටබේ-කැම්බල් දෙකේම එකතුව මෙන් තුන් ගුණයක් ගෝල්ෆේස් ලොකුයි.. කෙස් කෙලින් කරවන ගූගල් මැප් වර්ගඵලය මෙන්න..

ගැටබේට වඩා කැම්බල් එකහමාරක් ලොකුයි.. ගෝල්ෆේස් 8 ගුනයක් ලොකුයි.. දෙකේම එකතුව මෙන් තුන් ගුණයක් ගෝල්ෆේස් ලොකුයි.. කෙස් කෙලින් කරවන ගූගල් මැප් වර්ගඵලය මෙන්න..

මැයි පළමුවැනිදාට යෙදී ඇති ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් මෙරට ප‍්‍රධානතම දේශපාලන දහරාවන් තුන විසින් සිය මැයි රැළි පැවැත්වීම සදහා තෝරාගෙන ඇති ස්ථානයන් සම්බන්ධව ගූගල් සිතියම් ඔස්සේ ගණනය කිරීමේදී පෙනී යන්නේ කොළඹ ගාළු මුවදොර පිටියේ භූමි ප‍්‍රමාණය කැම්බල් පිටිය හා ගැටඹේ පිටිය යන දෙකේම වර්ගඵලයන්ගේ එකතුව මෙන් තුන් ගුණයකටත් වඩා වැඩි බවයි.

ඒ අනුව විශාලතම මැයි රැලියට අවශ්‍ය ස්ථානය වෙන් කරවා ගෙන ඇත්තේ ශ්‍රී ලංකා පොදු ජන එක්සත් පෙරමුණ ප්‍රමුඛව පොදු විපක්ෂයේ කණ්ඩායමයි. එය අක්කර අක්කර 18.5 ක් විශාල කොළඹ ගෝල්ෆේස් පිට්ටනියයි. මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුවට විරුද්ධව පැවත්වෙන ප්‍රධාන මැයි රැලිය එහිදි පැවත්වේ.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් බොරැල්ල කැම්බල් පිටියේදී ආණ්ඩුවේ එක්සත් ජාතික පක්ෂ මැයි රැලිය පවත්වනු ලබන අතර එය අක්කර අක්කර 3.6කි. එය ගැටබේ ක්‍රිඩා පිටියට වඩා එකහමාරක ගුනයක් එය විශාලය.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වටෙන් පවත්වනු ලබන ආණ්ඩුවේ අනික් මැයි රැලිය මහනුවර ගැටබේ ක්‍රිඩා පිටියේ දි පැවත්වේ. එම ක්‍රිඩාපිටෙයේ විශාලත්වය අක්කර 2.4 ක් වන අතර මහින්ද රාජපක්ෂගේ හිටපු ජනාධිපතිවරයාගේ මැයි රැලිය පවත්වන ගෝල්ෆේස් පිටියට වඩා ගැටබේ ක්‍රිඩා පිටියට 8 ගුනයකින් කුඩාය.

ආණ්ඩුවේ මැයි රැලි පවත්වන ගැටබේ ක්‍රිඩා පිටිය සහ බොරැල්ල කැම්බල් පිටියේ විශාලත්වය එකතු කලවිට අක්කර 6කි, ආණ්ඩුවට විරුද්ධව පැවත්වෙන ගෝල්ෆේස් පිටිය ඊට වඩා 3 ගුණයකට වඩා විශාලය.

පෘථිවියේ ඔබට කැමති ඕනෑම තැනක වර්ගඵලයක් ආසන්න දශමස්ථානයකට ගූගල් සිතියම් ආශ‍්‍රයෙන් ගණනය කරන්න මෙතනින්

සමාන අනුපාතයන් යටතේ සකසන ලද පින්තූරයක් මුලින් දැක්වෙන අතර පිට්ටනි වෙන් වෙන් වශයෙන් ඒවායේ වර්ගඵලයන් සහිතව ඊට පහලින් දැක්වෙයි. (සියළු පාර්ශවයන්ට පොදු වන සේ ගණනය කිරීම්වලදී කිසිදු මාර්ගයක් ගණනය කර නැත)

Gall Face
74510.45 m² 0.07 km² | 18.41 acres | 7.45 hectares | 802023.86 feet² | 0.03 square miles | 0.02 square nautical miles

Cambell
14832.61 m² 0.01 km² | 3.67 acres | 1.48 hectares | 159656.94 feet² | 0.01 square miles | 0.00 square nautical miles

Gatambe
9736.50 m² 0.01 km² | 2.41 acres | 0.97 hectares | 104802.79 feet² | 0.00 square miles | 0.00 square nautical miles

59,061 Viewers

21 Comments to “ගැටබේ-කැම්බල් දෙකේම එකතුව මෙන් තුන් ගුණයක් ගෝල්ෆේස් ලොකුයි.. කෙස් කෙලින් කරවන ගූගල් මැප් වර්ගඵලය මෙන්න..”

  1. kumara says:

    අදාල මහාමර්ග සමත සැලකිය යුතුයි මො‍කෙද එදාට මිනිස්සු පාරදි‍ගෙත් ඉන්නවානේ

  2. පොදු ජනතාව says:

    මහින්ද ජනාධිපතිතුමනි, රටේ ජනතාවත් අද වනවිට ඔබතුමා වටේ ඉන්නේ ඔය වගේ තමා. මෛත්‍රී-රනිල් කයිවාරු ගැහැව්වට මුලු ආණ්ඩුවටම ඉන්නේ 3/1 ඔබතුමාට 3/2යි ජයවේවා. චිරං ජයතු මහින්ද රාජපක්ෂ ජනතාවතුමාට.

  3. DrJayawikrama says:

    excellent review,

  4. samayam says:

    පිට්ටනියේ දිග පළල maninava වගේ කම්කරුවන් වෙනුවෙන් ලැබෙන්නේ මොනවා da කියලා menala බලමුකෝ

    • Rohan says:

      Kamkaruwanta godak dewal labenne Ranilgenuyi, My3 genuyine. Waraya wikunala rassawen ayin karala salli denawa. SLTB denatamath karala Iwarayi. Campus walin degree ganna unta serawantama rassa denawa. Ohoma kiyanna list eka hungak diga wedyi.

  5. සාස්තර පුංචා says:

    ඉදිරියේදි පවත්වනු ලබන ඕනම මැතිවරණයකදි ඡන්ද ප්‍රතිඵලයත් ඔහොම තමයි.

  6. අත-පොහොට්ටුව says:

    මහින්ද රාජපක්‍ෂ විසින් වසර 10 ක් තුල සිදුකල ඇති දැවැන්ත සංවර්ධන ක්‍රියාවලිය …..
    ශ්‍රී ලංකාව තුල එතෙක් මෙතෙක් ඉතිහාසයේ අසමසම සංවර්ධනයක් ……
    මෙන්න ඇත්ත…. මෙය බලන්න….
    https://www.youtube.com/watch?v=cwWdgpjgYs4

  7. සකල බුජං says:

    ගෝල්ෆේස් දුන්නෙ අපි.
    ඒක දුන්නෙ එතුම කියල කිව්වනෙ.
    ඒ වුනාට ඒකෙ දාන්න පුලුවන් ලක්‍ෂ තුනයි.
    ගෝල්ෆේස් කැම්බල් පිටියට වඩා හය ගුණයක් විශාලලු නේද​?
    එහෙම කියන්නෙ ගුගල් එකෙන්නෙ.
    එතකොට කැම්බල් එකේ දාන්න පුලුවන් පනස් දාහද​?
    ඔය කථාව අල්ලල දාමු.
    අපේම ආණ්ඩුවක් කියන්නෙ මොකද්ද​?
    මහ බැංකුවට වග කියන ආණ්ඩුවක්,
    වරාය සිතියමෙන් මකල දාන ආණ්ඩුවක්,
    ගුවන් තොට ගුවන් ගත කරන ආණ්ඩුවක්,
    තෙල් ලිං අපිට එපා කියන ආණ්ඩුවක්,
    තව හැට හුට හමාරක් තියනව අපිට එපා වෙච්ච​.එව්ව කියන්නම් මැයි පලවෙනිදට?

  8. බන්ඩය්යා says:

    “The Galle Face is a 5 ha (12 acres) ocean-side urban park, which stretches for 500 m (1,600 ft) along the coast, in the heart of the financial and business capital of Sri Lanka, Colombo. ” That’s what the Wikipedia and a host of other web sites say. So, if we assume one person need a space of 2’x2′, then a maximum of 150,000 people can be accommodated at the green. True, Camble park and Gatambe put together are very much smaller than Galle face Green.

  9. කුමාර says:

    මම අද ගැටඹේ පිට්ටනිය දැක්ක. දන්න අය දන්නවා ඒකෙ සෙනග 5000ක් වත් දාන්න බෑ කියල. ඒ මදිවට පිට්ටනියෙන් බාගෙකට වැඩිය ස්ටේජ් ගහල. කොහෙටද දැන් සෙනග දාන්නේ. ගාල්ලේ කරපු වැඩේ තමා ගැටඹේ කරන්න යන්නේ. අයියෝ නිදහස් පක්ෂෙට ගිය කල.

  10. PoorCitizen says:

    FANTASTIC.

  11. පොඩිMAN says:

    “ගූගල් මැප් වහා තහනම් කළ යුතුයි”. පව්, ජනමාධ්‍ය ලේකම්ට අමතක වෙලා.

  12. අන්දිරිස් says:

    අපේ මැටි දේශපාළුවෝ හිතන් ඉන්නේ හැම දෙයක්ම ලොකුවට පෙන්නුවාම ලංකාවේ වැඩිම මනාප ලැබෙන්නේ ඒ විදියට තමයි කියලා. වඩා වැදගත් වෙන්නේ මේ රැලි වලින් ජනතාවගේ වැඩි ප්‍රශ්ණ ගණනාවක් විසදෙනවද විනා රැලියේ ලොකුකම නොවෙයි.

  13. Rupe says:

    I wish this is going to be the turning point for this “Jadaplanaya”. Will all join and celebrate May day at Gall Face.

  14. Nimal says:

    Cnews ඔබට ස්තුතියි මෙය පලකලාට…බොරුවෙන් මිනිසුන් මුලාකර රට අගාදයකට ඇද දමා බොරුවෙන්ම රට පාලනය කරන හොර නඩයේ හෙලුව දැන් රටටම පෙනේවි අපි FB පුරා මෙය අලවමු….

  15. sunimal says:

    ජාතියට ආගමට සිංහ ලේට ලැදි අය මහනුවරට බොරැල්ල කැම්බල් නොයන්න

  16. Saradiel says:

    මේ රට විනාශ කිරීමේ අරමුණින් ලෝකයේ පාපී දේශපාලන බල කදවුර විසින් බල ගැන්වූ මහින්ද රාජපක්ෂ රාජ්‍ය විරෝධය, විසින් නිර්මාණය කොට පිහිටුවාලු රජය මේ යහපලනයයි. ආරම්භයේදීම එයට එරෙහිව පෙරමුණට ආවේ මෙරට පොදු ජනතාවය. ඒ ජනබලය විසින් මහින්ද රාජපක්ෂ මහතාව යලි දේශපාලන පිටියට කැදවාගෙන ආවා මිස, මහින්ද රාජපක්ෂ මහතා, තමාගේ අවශ්‍යතාවය මත දේශපාලන පොරපිටියට යලි ගොඩ වැදුනා නොවේ. ජන බලය කොතරම් ප්‍රබලද යන්න මනාව පෙන්නුම් කරන ලද තවත් අවස්ථාවකි මේ.

  17. කුමාර says:

    අද උදේ මම ගැටඹේ පිට්ටනිය බලන්න ගියා. පිට්ටනියෙන් බාගෙකට වැඩිය ස්ටේජ් එක. ඉතුරු ඉඩෙන් බාගෙක පුටු 250 විතර තියල තියෙනවා. ඉතුරු බාගේ වාහන දාල හිර කරලා. දැන් ඉතිහායේ වැඩිම ගානක් එන මැයි රැලියේ සෙනග ඉන්නේ කොහෙද? ආපු තරමක් බස් තියෙන්නේ යාපනේ කිලිනොච්චි බස්. දැන් එහෙන් සෙනග ගේන්නේ සිංහලයෝ එන් නැති නිසාද?

Main News