ගැබිණි මව්වරුන් පාරේ හිඳ විරෝධතා…

January 9, 2018 at 2:02 am | lanka C news
ගැබිණි මව්වරුන් පාරේ හිඳ විරෝධතා…

මාස 5ක සිට මන්නාරම මහ රෝහලේ ප‍්‍රසව හා නාරි ශෛල්‍ය විශේෂඥ්‍ය වෛද්‍යවරයකු නොමැතිවීමෙන් ගැබිණි මව්වරුන් මුහුණ දෙන ගැටලුවලට විසදුම් ඉල්ලා (8) ගැබිණි මව්වරුන් පිරිසක් මන්නාරම් මහරෝහල ඉදිරිපිට මාර්ගයේ බිම වාඩිවි විරෝධතාවක නිරතවූහ.

මන්නාරම මහ රෝහලේ සේවය කළ ප‍්‍රසව හා නරි ශෛල්‍ය විශේෂඥ්‍ය වෛද්‍යවරයා මාස පහකට ඉහතදී ස්ථානමාරුවීම් ගියද මෙතෙක්  විශේෂඥ්‍ය වෛද්‍යවරයකු ලබාදීමට උතුරු පලාත් අධ්‍යාපන බලධාරීන් කටයුතු නොකර ඇති බව විරෝධතාවයේ නිරත මව්වරු කියා සිටියහ.

විරෝධතාවයේ නිරත ගැබිණි මව්වරුන් පවසා සිටියේ ඇතැම් වෛද්‍යවරුන් ගර්බනී මව්වරුන්ට ඇතිවන ගැටලු සම්බන්ධයෙන් විසුම් ලබා දීමට නොහැකිව උපදෙස් ලබාදෙන්නේ වවුනියාව හෝ යාපනය රෝහල් වෙත ගොස් විශේෂඥ්‍ය වෛද්‍යවරයාගේ පරීක්ෂා කිරීම් සිදුකරගෙන් එන ලෙසත්ය.

නමුත් කිලෝමීටර කිලෝමීටර් 150 ත් 200 ත් අතර ප්‍රමාණයක් මන්නාරමේ සිට වව්නියාව දක්වා හා යාපනය දක්වා තමන්ට බස්රථ වලින් යා යුතු බවත් මේ දින වල ප්‍රධාන මාර්ගවල සදු කෙරන ඉදිකිරීම් හේතුවෙන් බස් රථවල යාම අවදානම් නිසා එය ගැබිණි මව්වරුන්ට දැඩි අපහසුතාවක් බවද විරෝධතාවයේ නිරතවූවන් වැඩි දුරටත් සඳහන් කරති.

කෙසේ වෙතත් අදාල ගැටලුව සම්බන්ධයෙන් මන්නාරම් මහරෝහල් අධිකාරිය දැනුම් දී ඇත්තේ හැකි ඉක්මනින් මහන්නාරම් මහරෝහලට ප‍්‍රසව හා නාරි ශෛල්‍ය විශේෂඥ්‍ය වෛද්‍යවරයෙකු ලබා ගැනීමට කටයුතු කරන බවටයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

1,717 Viewers

One Comment to “ගැබිණි මව්වරුන් පාරේ හිඳ විරෝධතා…”

  1. indunil says:

    wenasaka arumaya,,,,,?

Main News