ගැඹුරු මුහුදට ගසාගෙන ගිය වල් අලියෙකු නාවික හමුදාවෙන් බේරා ගැනේ..[Photo]

July 12, 2017 at 12:40 pm | lanka C news
ගැඹුරු මුහුදට ගසාගෙන ගිය වල් අලියෙකු නාවික හමුදාවෙන් බේරා ගැනේ..[Photo]

මුලතිව් කෝකිලායි කොක්කුතුඩුවවායි මුහුදේ සැඩ පහරට හසුව ගැඹුරු මුහුදට ගසා ගිය වල් අලියෙකු නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (11) දින බේරා ගැනීමට සමත් වී ඇත.

මුර සංචාරයේ නියුතු වේග ප්‍රහාරක යාත්‍රාවක් මගින් කොක්කුතුඩුවායි මුහුදු තීරයේ මුහුදු සැතපුම් 8 පමණ දුරින් මෙම අලියා ගසාගෙන යන බව පළමුවෙන්ම නිරීක්ෂණය වීමෙන් තවත් වේග ප්‍රහාරක යාත්‍රාවක් සහ නාවික හමුදා කිමිදුම් අංශයේ නාවිකයන් කණ්ඩායමක් ද කඩිනමින් පිටත් කර යැවීමට නාවික හමුදාව කටයුතු කොට ඇත.

තවද, සෙඩ්රික් යාත්‍රා 2 ක් මගින් ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණයට අයත් නාවිකයන් 7 දෙනෙකුගේ කණ්ඩායමක් අලියා බේරා ගැනීමේ මෙහෙයුම සඳහා මෙහෙයුම් ආරම්බ කල අතර වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ද එක්වී ඇති අතර, ඔවුන්ගේ උපදෙස් මත අදාල නාවික හමුදා නිලධාරීන් විසින් අලියා බේරා ගැනීමේ මෙහෙයුම් සිදු කරන ලදි.

ඒ අනුව ඔවුන් දැඩි පරිශ්‍රමයක් දරමින් අලියාට උපද්‍රවයක් සිදු නොවන ලෙස කඹ යොදා ගෙන එම ගැඹුරු මුහුදේ සිට නිරුපද්‍රිතව ගොඩබිම වෙත රැගෙන ආ අතර අලියා පුල්මුඩේ, යාන්ඔය ප්‍රදේශයට රැගෙන ඒමෙන් අනතුරුව ඉදිරි කටයුතු සඳහා වනජීවී නිලධාරීන් වෙත භාර දීමට නාවික හමුදාව විසින් පියවර ගෙන ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

14,255 Viewers

15 Comments to “ගැඹුරු මුහුදට ගසාගෙන ගිය වල් අලියෙකු නාවික හමුදාවෙන් බේරා ගැනේ..[Photo]”

  1. SALMAL says:

    Great work … all brave Navy Heroes….Thank you

  2. OLU says:

    We appreciate your great work …..Thank you

  3. daham says:

    rata bera gath me ranaviruwan sathwa jeewithayakuth bera gena ath kara gaththe loku pinak.

  4. mapitigama says:

    Thank you all very much for rescuing this helpless elephant. Your braveness, dedication and kindness is surely very much appreciated by all Sri Lankans.

    • JOY says:

      නාවික හමුදාපති තුමෙනි, අලියා වගේම… දැන් අපේ රට ජාතිය නැවත මේ යමපාලනයෙන් බේරාගැනීමට කාලයයි මේ
      බලා සිටිමට කාලයක් නැත …යමපාලනය දොලපිදේනි වලට අපේ රට නැවත මෙලෙච්චේද දෙමළ කොටි ඩයස් පෝරාවට පුදන්න ප්‍රථමයෙන් බේරාගන්න
      මේ සිංහල අපේ එකම රටයි එය රැකගැනීම අපේ ත්‍රිවිඩ හමුදාවේ වගකීමයි

  5. ExUNPer says:

    next FCID ?
    😀

  6. danu says:

    කකුල් හතරේ අලියා බේරගත්තට පිං තවත් කකුල් දෙකේ අලි රංචුවක් ඉන්නවා රට විනාශ කරමින් උන්ටික මුහුදෙ මැදට වගේ ගිහින් දාන්න පලුවන්නම් එන්න බැරි වෙන්න ගොඩාක් පිං

  7. Apathaya says:

    Welldone
    Bravo zulu

  8. clem says:

    oba samata boho pin siduvuna. Well done and may you always have the blessing of triple gem

  9. ජසයා says:

    අලියා බේරාගැනීමේ වරදට එම හමුදා නිලධාරීන් හසුවෙයිද? අහිංසක මිනිසුන් ත්‍රස්තවාදීන්ගෙන් බේරාගැනීමේ වරදට අද හමුදා බුද්ධි නිලධාරීන් මුහුණ දී ඇති අයුරු දකින විට සැකයක් ඇතිවෙනවා.

  10. hitan gedara appuhami says:

    Apathaya, are you ex navy?????
    Don’t have any video clips?

  11. Ramani says:

    Great work! Thanks a lot!

  12. thanks says:

    Great work … all brave Navy Heroes….Thank you

  13. Aruna says:

    aliyata epa una rata???? hora paren australia panninna hadanna aththe?

Main News