ගැසට් පත්‍රයට මුවාවී ත්‍රීරෝද රථ රියදුරන් ගසා කයි..

January 31, 2017 at 5:30 pm | lanka C news
ගැසට් පත්‍රයට මුවාවී ත්‍රීරෝද රථ රියදුරන්  ගසා කයි..

ත්‍රීරෝද රථ ගැසට් පත්‍රයට මුවාවී ත්‍රීරෝද රථ රියදුරන්  ගසා කෑමේ ජාවාරමක් යයි පාරිභෝගිත අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.

එම සංවිධානය විසින් මේ බව සදහන් කරමින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය පහතින් දැක්වෙයි.

ත්‍රීරෝද රථ ගැසට් පත්‍රයට මුවාවී ත්‍රීරෝද රථ රියදුරන්  ගසා කෑමේ ජාවාරමක්..

2017 ජනවාරි 09 දින ත්‍රීරෝද රථ නියාමනය සදහා නිකුත් කරන ලද ගැසට් පත්‍රයටය අනුව ත්‍රීරෝද රථ සදහා මීටර් සවිකිරීම අනිවාර්යය කර ඇත. ඒ අනුව මේවන විට ත්‍රීරෝද රථ රියදුරන් ලහිලහියේ තම ත්‍රීරෝද රථ සදහා මීටර් සවිකර ගනිමින් සිටින අතර වාරයේ මෙරට බලකොලොත් වී ඇති සමාගමක් ප්‍රමිතියෙන් තොර ටැක්සි මීටර් නොමිලේ ලබා දෙන බව පවසා  ත්‍රීරෝද රථ රියදුරන් නොමග යවමින් සිටී.

ඒ අනුව සවිකිරීමේ ගාස්තුව ලෙස රු. 1500.00 ලබා ගෙන දිනකට රු. 40 ක් ත්‍රීරෝද රථ රියදුරාගේ ජංගම දුරකථනයෙන් මාස 12 කදී ගෙවීයන ආකාරයට මුදල් ලබා ගනී. අවසානයේදී මෙම ටැක්සි මීටරය සදහා ත්‍රීරෝද රථ රියදුරා ගෙවනු ලබන මුදල රු.15 ,900කි. එහෙත් වර්තමානයේ කිරුම් මිණුම් දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබාගත් ටැක්සිමීටර්යක් පහසුවෙන්ම රු.7200.00 මුදලකට ලබා ගැනීමට හැකියාව ඇත. මෙම ජාවාරම සදහා මෙරට ත්‍රීරෝද රථ රියදුරන්ගේ සංගමයක සභාපතිවරයෙක් අදාල සමාගම සමග එක්ව ඇත.

මෙරට සමස්ත පාරිභොගිකයින් වෙනුවෙන් අප රජයෙන් ඉල්ලා සිටින්නේ වඩාත් නිවැරදි ප්‍රමිතියෙන් යුත් ටැක්සි මීටර්යක් ලබා ගැනීම සදහා අවශ්‍ය කටයුතු සලසන ලෙසත් ත්‍රීරෝද රථ රියදුරන් ගසා කන ටැක්සි මීටර් ජාවාරමට වහා වැට බදින ලෙසත්ය.

රංජිත් විතානගේ
සභාපති

12,420 Viewers
Main News