ගිරුවායේ පුත‍්‍රයාගේ මහ බැංකු වාර්තා ප‍්‍රශ්ණයෙන් හර්ෂාචාරියා නොට් රෙස්පොන්ඩඞ්.. රැකියා දශලක්‍ෂයට දාහතර ලක්‍ෂයක් ඕනෑ වෙයි..

May 19, 2017 at 12:00 pm | lanka C news
ගිරුවායේ පුත‍්‍රයාගේ මහ බැංකු වාර්තා ප‍්‍රශ්ණයෙන් හර්ෂාචාරියා නොට් රෙස්පොන්ඩඞ්.. රැකියා දශලක්‍ෂයට දාහතර ලක්‍ෂයක්  ඕනෑ වෙයි..

ඊයේ හිරු රූපවාහිනියේ පැවති ‘බලය’ දේශපාලන වැඩසටහනට එක් වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා විසින් 2014-2015-2016 මහ බැංකු වාර්තා උපුටා දක්වමින් ඉදිරිප්ත කරනු ලැබූ පබ‍්‍රල තර්කයක් හේතුවෙන් එජාපය වෙනුවෙන් සහභාගී වූ ආර්ථික විශේෂඥ ආචාර්ය හර්ෂද සිල්වා මහතා බලවත් සේ අපහසුතාවයට ලත් විය.

රාජපක්‍ෂ මන්ත‍්‍රීවරයා පෙන්වා දුනනේ 2014දී මෙරට රැුකියා නියුක්තිය 8,454,000ක් වුවත් 2015දී එය 7,831,000 ලෙසත් 2016 වාර්තාව අනුව 7,948,000 දැක්වෙන නිසා සමස්ථයක් ලෙස යහපාලනය යටතේ රැුකියා අඩුවීමක් සිදුව ඇති බවයි.

මේ අනුව ආණ්ඩුවේ රැුකියා දශලක්‍ෂයේ වැඩපිලිවෙල දැන් රැුකියා දාහතර ලක්‍ෂයේ වැඩපිලිවෙල ලෙස වෙනස් විය යුතුව ඇතැයිද මන්ත‍්‍රීවරයා පෙන්වා දුන් අතර නියොජ්‍ය ඇමතිවරයා වැඩසටහන පුරාම ඊට පිලිගත හැකි මට්ටමේ පිලිතුරක් ලබා දුන්නේ නැත.

වීඩියෝව මෙතනින්

45,843 Viewers

2 Comments to “ගිරුවායේ පුත‍්‍රයාගේ මහ බැංකු වාර්තා ප‍්‍රශ්ණයෙන් හර්ෂාචාරියා නොට් රෙස්පොන්ඩඞ්.. රැකියා දශලක්‍ෂයට දාහතර ලක්‍ෂයක් ඕනෑ වෙයි..”

  1. wimal says:

    Apith oya wedasatahana beluwa. Giruwapaththuwe moda kolla hath pole gaagannawa api dakka. Pacha kiyala hodatama kicha unaa… Mahinda Mahaththayawa nathi keruwe mae modayai basilui… paw ape Mahinda mahaththaya…

  2. GodFather says:

    Namal has shown some talent in agruing. He has shown some desciple.He is still not a matured person. This young politician can be a future prospect.

    Good Luck . Be Clever.

Main News