මැතිවරණ කොමිසමේ ස්වාධීනකම පෙනෙන්න ළගයි..තනි එජාප ආණ්ඩුවක බලාපොරොත්තු.. ශ‍්‍රීලනිප ඇමතිවරු හිස ගිනිගෙන එහෙ මෙහෙ දුවති..

May 12, 2017 at 3:23 am | lanka C news
මැතිවරණ කොමිසමේ ස්වාධීනකම පෙනෙන්න ළගයි..තනි එජාප ආණ්ඩුවක බලාපොරොත්තු.. ශ‍්‍රීලනිප ඇමතිවරු හිස ගිනිගෙන එහෙ මෙහෙ දුවති..

ගාල්ල දිස්ත්‍රික්ය වෙනුවෙන් 2015 අගෝස්තු 18 වෙනිදා පැවත්වූ මහ මැතිවරණට නාමයෝජනා ලැයිස්තුව භාරදිමේදි සංධාන ලේකම් විසින් සාවද්‍ය තොරතුරු දිවුරුම් ප්‍රකාශයක් මගින් මැතිවරණ කොමිසම වෙත ලබා දී හේතුව මත ලබා ගත් අධිකරණය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට යෑමේ දි ඇති වී තිබෙන ව්‍යවස්ථාවේ අර්බුදයක් නිසා ඉදිරි දින කිහිපය තුල ස්වාධීන මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් ගනු ලබන ක්‍රියාමාර්ග දිහා පක්ෂ විපක්ෂ සියල්ලම බලා සිටි.

ස්වාධීන මැතිවරණ කොමිසම පිහිටීමන් පසුව දෙන විශේෂිතම තීන්දුව මෙය නිසා මෙරටේ දේශපාලන ක්‍රියාවලිය උඩු යටිකුරු විය හැකි බව නීති විශාරදයන්ගේ මතයයි. එමෙන්ම මෙම තීරණය රටේ ප්‍රධාන දේශපාලන පක්ෂවලට තීරණාත්මක සාධකයක් වන අතර බොහෝ එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් මෙන්ම ප්‍රබල පාක්ෂිකයින්ගේ බලාපොරොත්තුව යම් හෙයකින් ගාලු දිස්ත්‍රික් සංධාන ලැයිස්තුව අහෝසි වුවහොත් ඒ හරහා ඔහුනට රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා යටතේ ප්‍රබල යූඑන්පී ආණ්ඩුවක් හදා ගෙන ඉදිරි වසර 3 රට සංවර්ධන කොට මැතිවරණයකට මුහුණ දී විශිෂ්ට ජයග්‍රහණය ලබාගැනිමටයි.

එමෙන්ම මෛත්‍රී කණ්ඩායමේ සිටින දැනට ඇමතිකම් දරන පිරිසෙන් කොටසක් මෙම තත්ත්වය ගැන මහත්සේ කලබලයට පත්ව ඇත්තේ ඒ හරහා තමන්ට ආණ්ඩුවන් ලැබෙන සියලුම වරප්‍රසාද අහිමි යෑමේ තර්ජනය සම්බන්ධවයි.

මෙම පිරිස මේ දිනවල රටේ ඉහළ තැන් මුණගැසී ස්වාධීන මැතිවරණ කොමිසමේ තීරණයන් සම්බන්ධව කල හැකි උපරිම බලපෑම් සම්බන්ධව අවශ්‍ය උපායමාර්ග සොයමින් නිරන්තරයෙන් එක්තරා අමාත්‍යවරයෙක්ගේ නිවසේ දවසට තුන් හතර වතාවක් හමුවෙමින් සාකච්ඡා කරමින් සිටි.

22,844 Viewers

8 Comments to “මැතිවරණ කොමිසමේ ස්වාධීනකම පෙනෙන්න ළගයි..තනි එජාප ආණ්ඩුවක බලාපොරොත්තු.. ශ‍්‍රීලනිප ඇමතිවරු හිස ගිනිගෙන එහෙ මෙහෙ දුවති..”

  1. රාහුල කොලුවා says:

    ගීතා මන්ත්‍රී ධූරයකට නුසුදුසු නම් ඇයගේ නාම යෝඡනා පත්‍රයද නුසුදුසු වේ.. නාම යොඡනා ලැයිස්තුවේ නුසුදුසු නාම යෝඡනාවක් ඇත්නම් සමස්ත නාම යෝඡනා අවලංගු වෙයි. කොළඹය නගර සභා මැතිවරණයකදී එ.ඡා.පට ද මෙවැනි ඉරණමක් අත් විය. කෙසේ වෙතත් ගාලු දිස්ත්‍රික්කයට යලි මැතිවරණයක් පැවැත්වුවහොත් ගීතාට ඊට ඉදිරිපත් වීමට දැන් සුදුසුකම ඇත්තා සේම ඉන් ඡය ගැනීමටද ඇයට හැකියාව ඇත.

  2. Neela says:

    Nothing will happen.

  3. Wasantha says:

    සරත් වීරසේකරගේ විරුවන්ගේ විත්තිවාචකය හදන්න මුල් වෙච්ච අයටයි කියන්නේ….
    ඔය විත්තිවාචකය සිංහල අයට කියවන්න දෙන්නෙ කවද්ද? එය මේ වන තෙක් සිංහලෙන් දෙන්න ඉඩ නොදෙන්නේ කලු සුද්දොද….නැත්නම් දෙමළ ඩයස්පෝරාවද?

    • ඇත්ත says:

      යේක සිංහලෙන් නම් දෙන්න යෙපා අප්පා…එහෙම දුන්නොත් අපිලායි උන්ලායි ඉන්නෙ යෙක බෝට්ටුවෙ බව තේරෙයිනේ අප්පා.

  4. Asanka says:

    Very good! Mun illan kaala

  5. hdfgf says:

    මෙම ද්විත්ව පුරවැසි භාවය පිළිබද නීතිය සාධාරණ නොවේ. ලංකාවේ දේශපාලකයන්ගේ නොමේරු තරම මෙයින් මොනවට පැහැදිලිවේ. පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට ශ්‍රී ලාංකික පුරවැසියෙකු වීම පමණක් ප්‍රමාණවත්.

    ජාත්‍යන්තරය හා සමව ගැටීමට කතා කරන නුතන දේශපාලනඥයා, ලංකාවේ පුරවැසිභාවයට අමතරව තවත් රටක පුරවැසිභාවය ලබාගැනීම අරුමයක් ලෙස සැලකීම හාස්‍යට කරුණක් !!

  6. Yasantha says:

    ජේ.ආර් 1978 ව්‍යවස්ථාව හැදුවෙත් පටු පරමාර්ථ ඔලුවේ තියාගෙන එ.ජා.ප ය හැමදාම බලයේ ඉඳියි කියන බලාපොරොත්වෙන්. ඔහුගේ බෑනා 2015 දී ගෙනාපු ව්‍යවස්ථා සංශෝධනයත් ඒ වගේම පටු පරමාර්ථයකින් බැසිල් සහ ගෝඨාභය දෙදෙනා ඉලක්ක කරගෙන පමනක් සිදු කල එකක්. දැන් ඉතින් කාපල්ලකෝ කට්ටියම පරිප්පු!

  7. chandi says:

    me serama une piyasena gamage ge bala thanhawa nisane. nathnam thawa 3 years indala ayema chanden dinanna thibune., man baya una a parath parada wena bawa danna nisa. anthimata une SLPA eke serama ayata problems . molayak thibunanam oya wage weda karavida ??? 23 years wathura horakan karavida. ape samahara minissu mewa daka daka sadda nathiwa inna ekane pudume.

Main News