ගීතා නිසා ගාල්ලට අලුත් මැතිවරණයක්.. නැත්නම් එජාපයට 07යි.. ජවිපෙට 03යි.. සන්ධානයම ගෙදර.. මෙන්න ව්‍යවස්ථාව..

May 10, 2017 at 2:10 pm | lanka C news
ගීතා නිසා ගාල්ලට අලුත් මැතිවරණයක්.. නැත්නම් එජාපයට 07යි.. ජවිපෙට 03යි.. සන්ධානයම ගෙදර.. මෙන්න ව්‍යවස්ථාව..

ගාල්ල දිස්ත්‍රික් ඡන්දදායකින් තිදෙනෙකු විසින් පසුගිය මහ මැතිවරණය දී එක්සත් ජනතා සංධානයේ ලැයිස්තුවෙන් තේරි පත්වු ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මියගේ තේරි පත් වු මන්ත්‍රී ධූරය අභියෝගයට ලක් කරමින් අභියාචනාධිකරණය වෙත ඉදිරිපත් කලහ.

මේ වනවිට කථානායකවරයා පාර්ලිමේන්තුව මහ ලේකම්වරයා මගින් මැතිවරණ කොමිසම වෙත දනවා යවා ඇත්තේ ඇයගේ මන්ත්‍රී ධූරය අහෝසි වී ඇති බැවින් ඒ සඳහා සුදුසු අයෙකු එම ධූරය සඳහා පත් කර එවන ලෙසයි. මැතිවරණ කොමිසමේ සමාජිකයින් මේ සම්බන්ධව අධ්‍යයන කොට ඉදිරියේදී තීරණයක් ගැනීමට නියමිතය.

එම පෙත්සමක් ඉදිරිපත් කලේ මැතිවරණය නිම වී මැතිවරණ පෙත්සමක් ඉදිරිපත් කිරීමට අවකාශය ඇති නියමිත දින 21 ඇතුලත නොවන නිසා ඇයගේ මන්ත්‍රී ධූරය යම් විදියකින් ඇයට පමණක් බලපාන ලෙස අහෝසි කිරීමට ස්වාධීන මැතිවරණ කොමිසමේ සාමාජිකයන් තිදෙනා ක්‍රියාත්මක කරන ම්නුම් දන්ඩ/ක්‍රමවේදය දිහා නිතී ක්ෂේත්‍රයේ මෙන්ම ජනතාව බලා සිටි.

එයට ප්‍රධාන හේතුව ඇයගේ මන්ත්‍රී ධූරය අහෝසි වී ඇත්තේ ශ්‍රීලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 66 අසුන් හිස්කිරිම හි (උ) වගන්තිය යටතේ ය, එනම්

” යම් කිසි තැනත්තෙකු මන්ත්‍රී වරයෙකු වශයෙන් තෝරා පත්කර ගැනිම තත්කාලයේ බලපවත්නා නීතිය යටතේ නිෂ්ප්‍රභ කරනු ලැබිමෙන්” ය
ඒ අනුව නාමයෝජනා භාරදෙන අවස්ථාවේදිම එක්සත් ජනතා නිදහස් සංධානයේ ලේකම්වරයා විසින් පක්ෂයේ බලයලත් නීතිඥවරයෙකුගේ අත්සන් සහිතව සංධාන ලැයිස්තුවේ නිරවද්‍යභාවය තහවරු කරමින් දිවුරුම් ප්‍රකාශනයක් ගාල්ල සහකාර මැතිවරණ කොමසාරිස්වරයා වෙත භාරදුනි, එය අභියෝගයට ලක් කොට එම ලැයිස්තුවේ එක් නියෝජිතයකු මන්ත්‍රීවරයෙකු වීමට නුසුදුස්සෙකු වන්නේ නම් ඒ හේතුව මත මුලු සංධාන ලැයිස්තුවම ප්‍රතිකේෂ්ප කිරිමේ අයිතිය මැතිවරණ කොමිසම වෙත ඇත.

ඒ අනුව දැනට සංධාන ලැයිස්තුවන් පත්වු මන්ත්‍රීවරු 6 දෙනාගේ මන්ත්‍රී ධූරය අහෝසි විය යුතුය. එනම් මේ ආණ්ඩුවේ අමාත්‍ය චන්දිම විරක්කොඩි. නියෝජ්‍ය අමාත්‍යවරුන් වන නිශාන්ත මුතුහෙට්ටිගම, මනූශ නානායක්කාර මෙන්ම පොදු විපක්ෂය නියෝජනය කරන රමේෂ් පතිරණ, ගීතා කුමාරසිංහ සහ මෝහාන් ද සිල්වා යන මන්ත්‍රීවරුන් ය.

ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්ය සඳහා එක්සත් ජාතික පෙරමුණෙන් දැනට තේරි පත් වු මන්ත්‍රී ධූර සංඛ්‍යාවක් බොහෝ දුරට 7 දක්වා ප්‍රමාණයක් මෙන්ම ඊලඟට මන්ත්‍රී ධූරයන්ට හිමිකම් කියන දිස්ත්‍රික්යේ ඡන්ද 6% ලබා ගත් එනම් ඡන්ද 37778 ක් ලබා ගත් ජනතා විමුක්ති පෙරමුණට මන්ත්‍රී ධූරය 3 ලබාගැනීමට අවස්ථාවක් හිමිවනු ඇත.

යම් හෙයකින් එසේ කිරීමට අපොහොසත් වුවහොත් ගාල්ල දිස්ත්‍රික් ඡන්ද දායකයාගේ අයිතිවාසිකම් සුරැකීමට අනිවාර්යයෙන්ම 2015 අගෝස්තු 18 වෙනිදා පැවත් වූ මැතිවරණය අහෝසි සේ සලකා එම දිස්ත්‍රික්ය සඳහා නැවත මැතිවරණයක් පැවත්වීමට සිදු වන බව නීතී ක්ෂේත්‍රයේ මේ දිනවල කතා බහට ලක් වී ඇත.

44,796 Viewers

15 Comments to “ගීතා නිසා ගාල්ලට අලුත් මැතිවරණයක්.. නැත්නම් එජාපයට 07යි.. ජවිපෙට 03යි.. සන්ධානයම ගෙදර.. මෙන්න ව්‍යවස්ථාව..”

  1. buruputha says:

    Gretna madam oya apalak damme nadda ihala usaviyata . Ihala usaviyane balavath. Ea nisa oyage mp Kama thama valangui.me kalakanni aanduwata one monava karala hair 2/3 hadaganna. Ekata nam ida denna epa.

  2. සිරිකොත සමන් says:

    නියමයි. එතකොට එජාපෙට 109 යි. සම්පූර්ණ ශ්‍රිලනිප 93යි ජවිපෙ 9 යි. ජයවේවා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාටයි සංධාන ලේකම් මහින්ද අමරවීර අමාත්‍යවරයාටයි.

  3. ගාල්ලේ ප්‍රගතිශීලියා. says:

    හොද වැඩේ පඩි ටෝක් දෙනවට මහින්ද අමරවීරයට, ඌ දන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෝ රටේ නීතිය. ඌ නියමෙටම ගැලපෙනවා අර පොලොන්නරුවේ මහා මෝඩයාට.

  4. ඇල්පිටිය ආරියවති says:

    ගීතා කුමාරසිංහ මැතිනියට කල අපරාධකරුවන්ට ඔහොම ඕකුන්ට වෙලා මදි.

  5. Gayantha says:

    Kalutarat ( samarasinghe ) iwarai ehenan. Colombo & nuwara eliya destrict slfp/unp dekema list chk kara nan hari. Mungen keepayakatat aiti aniwa dual citizen.

    Hora thakkadi arjun sign karapu 5000 note okkoma cancel karanna ona. Moko eka lankawe citizen aittema nai ne.

  6. malapuk duminda says:

    Sirisena betrayed his supporters big time, we will never support him hereafter. since you don’t punish the rogues from Mahinda regime, we will support Mahinda to take revenge from you for making false allegations,
    Reply

  7. සුනේත්‍රා ලක්මිණි says:

    ගීතා හරිහමන් ලෝයර් කෙනෙක් යොදවා නොගෙන කසි කබල් ලෝයර්ළා ලඟට ගියහම නඩු පරදින බව දන්නේ නැද්ද? දැන්වත් මොලේ කල්පනා කරලා වැඩ කරන්න මොකද අන්තිමේට දුක් විඳින්නේ ඔයාමනේ

  8. Saman says:

    Need to check Northern province TNA lists and Nuwaraelya , badulla district lists whether Indian citizens contested in addition to kalutara and matara.

  9. Manel says:

    Nothing will happen. This govt can bend not just the Law but the Constitution as well.

  10. depa says:

    ෂා.. නියමයි… නියමයි… වරලේල වරෙල්ල… මනුස, මුතුහෙට්ටිය, චන්දිම, විජේපාල…. තොපිට දෙන්නම් ගෙදර දුවන්නම…

  11. Asoka says:

    හිටපු ධිවර අමෙති නැසීගිය ෆෙස්ටස් පෙරේරාගේ පුතු වෙන්නප්පුවේ UNP සංවිධායක සහ UNP අමෙතිකෙනෙක් වෙන නිරෝෂන් පෙරේරාට ඔය නීතිය නැත්තේ එතුමා UNP නිසාද ?

Main News