ගීතා වෙනුවට පියසේන පත් කිරීම නීති විරෝධීයි.. ව්‍යවස්ථාව මෙන්න..

November 10, 2017 at 2:10 pm | lanka C news
ගීතා වෙනුවට පියසේන පත් කිරීම නීති විරෝධීයි.. ව්‍යවස්ථාව මෙන්න..

ද්විත්ව පුරවැසිභාවය දැරීම මත ගීතා කුමාරසිංහ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධූරය අහෝසි වීමෙන් හිස් වූ මන්ත‍්‍රී අසුන වෙනුවෙන් හිටපු අමාත්‍ය පියසේන ගමගේ මහතා පත් කිරීම නීත්‍යානුකූල නැති බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

එක්සත් ජනතා නිදහස් සංධාන නාමයෝජනා පත‍්‍රයේ නම සදහන් තැනැත්තෙකු ගීතා කුමාරසිංහ මහත්මියගේ නිෂ්ප‍්‍රභා වූ මන්ත‍්‍රී අසුන සදහා තෝරා පත් කරගත් බව ප‍්‍රකාශයට පත් කිරීමට ශ‍්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ප‍්‍රතිපාදන මත ස්වාධීන මැතිවරණ කොමිසමට බලයක් නොමැති බව අවධාරණය කරමින් එම පක්ෂයේ මහ ලේකම්වරයාගේ අත්සනින් මැතිවරණ කොමිෂන් සභා සභාපතිවරයාට යොමු කර ඇති ලිපිය මෙහි දැක්වෙයි

සභාපතිතුමා,
මැතිවරණ කොමිෂන් සභාව,
සරණ මාවත,
රාජගිරිය.

මහත්මයාණෙනි,

ගාලූ දිස්ත‍්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී ගීතා කුමාරසිංහ මහත්මියගේ තෝරාපත් කර ගැනීම පවත්නා නීතිය යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය මගින් නිෂ්ප‍්‍රභ කිරීම මත නව මන්ත‍්‍රීවරයෙකු පත්කිරීම.

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුගේ අසුන හිස් වූ අවස්ථාවක අදාළ නාම යෝජනා පත‍්‍රයේ තෝරාපත් කර ගන්නා ලදැයි කලින් ප‍්‍රකාශයට පත් කර ඇති තැනැත්තන්ගේ නම් අතහැර ප‍්‍රමුඛත්ව අනුපිළිවෙල අනුව පළමුවෙන් නම සදහන් තැනැත්තා එකී හිස් වූ අසුන සදහා තෝරාපත් කර ගන්නා ලදැයි ප‍්‍රකාශයට පත් කළ යුතු බව ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රීක සමාජවාදී ජනරජයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 99 වන ව්‍යවස්ථාවේ (13) අනු ව්‍යවස්ථාවේ (ආ) ඡේදය යටතේ සදහන් කර ඇත.

කෙසේවුවද, ආණුඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 99 (13) (ආ) ව්‍යවස්ථාව අනුව එසේ නාමයෝජනා ලැයිස්තුවේ අනුපිළිවෙල අනුව පත් කර ගැනීමේදි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 66 වන ව්‍යවස්ථාවේ (උ) ඡේදයේ පරිදි අසුනක් හිස් වීම අදාළ නොවන බව ඉතා පැහැදිළිව දක්වා ඇත.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 66 ව්‍යවස්ථාවේ (උ) ඡේදය මගින් පැහැදිලිව දක්වා ඇත්තේ යම්කිසි තැනැත්තකු මන්ත‍්‍රීවරයෙකු වශයෙන් තෝරාපත් කර ගැනීම තත්කාලයේ බල පවත්නා නීතිය යටතේ නිශ්ප‍්‍රභා කරන අවස්ථාවක් සම්බන්ධයෙනි.

හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මියගේ අසුන හිස් වීම සිදුවුයේ තත්කාලයේ බලපවත්නා නීතිය යටතේ ඇය ද්විත්ව පුරවැසිභාවයක් දැරීම මත ඇගේ මන්ත‍්‍රීධූරය නිශ්ප‍්‍රභා කිරීම මත බව මැතිවරණ කොමිසම දැනුවත් අතරම ඒ බව නැවත අවධාරනය කර සිටිමි.

ඉහත තත්වයන් යටතේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 99 වන ව්‍යවස්ථාවේ (13) (ආ) ඡේදය යටතේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුගේ අසුන හිස් වීම තත්කාලයේ පවත්නා නීතිය යටතේ එකී මන්ත‍්‍රීවරයා තෝරාපත් කර ගැනීම නිශ්ප‍්‍රභා කිරීම මත සිදු වන අවස්ථාවක නාමයෝජනා පත‍්‍රයේ නම සදහන් තැනැත්තකු හිස් වූ අසුන සදහා තෝරා පත් කර ගැනීමට බලය නොමැති බව මේ අනුව ඔබට අවධාරනයෙන් දැනුම් දෙන්නෙමි.

ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධාන නාමයෝජනා පත‍්‍රයේ නම සදහන් තැනැත්තකු ගාලූ දිස්ත‍්‍රික්කය සදහා ගීතා කුමාරසිංහ මහත්මියගේ නිෂ්ප‍්‍රභා වූ මන්ත‍්‍රීධූරය මත හිස් වූ අසුන සදහා තෝරාපත් කර ගැන්නා ලදැයි ප‍්‍රකාශයට පත් කිරිමට මැතිවරණ කොමිසමට ශ‍්‍රී ලංකා ආණ්්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ප‍්‍රතිපාදන මත කිසිදු බලයක් නොමැති අතර නිත්‍යානුකූල නොවු එකී ක‍්‍රියාව සිදු නොකරන ලෙස මෙමගින් ඔබගෙන් අවධාරනයෙන් ඉල්ලා සිටිමි.

මීට විශ්වාසි,

නීතීඥ සාගාර කාරියවසම්
ලේකම්

19,182 Viewers

4 Comments to “ගීතා වෙනුවට පියසේන පත් කිරීම නීති විරෝධීයි.. ව්‍යවස්ථාව මෙන්න..”

  1. prabath says:

    ගීතා කුමාරිසිංහ මහත්මියගෙන් පුරප්පාඩු වූ ගාලු දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය පියසේන ගමගේ මහතා අද (10) පාර්ලිමේන්තුවේ දී දිවුරුම් දුන්නේය.

  2. SMA Panadura says:

    Dear Mr.Sagara Kariyawasam, No use of writing letters to the Election Commission. If you are of the opinion that Piyasena Gamage is not eligible to be appointed as an MP to fill the vacancy occured due to the disqualification of Geetha Kumarasinghe, please refer this matter to Supreme Court which is the sole authority to give a definition on the constitutional matters.

  3. daham says:

    ethakota mathiwarana komisama ese neethi virodhee lesa kriya kara athnam vahaama IIta viruddhawa nadu damiya yuthu neda?

  4. Fernando says:

    Why is Mr. Kariyawasam just writing letters? Is it just for the gallery? He should file action if he thinks that the appointment is wrong! Shows his knowledge of the law!!

Leave a Comment

Main News