ගුටිකෑ නිලධාරියාගේ වැඩ තහනම්.. ගුටි දුන් එකා තාම රාජකාරියේ..

April 20, 2017 at 8:02 am | lanka C news
ගුටිකෑ නිලධාරියාගේ වැඩ තහනම්.. ගුටි දුන් එකා තාම රාජකාරියේ..

සිවිල් ගුවන්සේවා අධිකාරියේ සේවයෙහි නිරත සිටි නිලධාරීන් දෙදෙනකුගේ ගුටි කෙළියකින් ගුටි කෑ නිලධාරියාගේ වැඩ තහනම් කර ඇති පුවතක් වාර්තා වෙයි.

පහර දුන් ඉහළ නිලධාරියාගේ කොන්ත්‍රාත් කාලය අහවර වූ නිසා ඔහු සේවයෙන් ඉවත්වූ නමුත් දැඩි ලෙස පහර කෑ පහළ නිලධාරියාගේ වැඩ කිසිදු නිශ්චිත පදනමකින් තොරව අත්හිටුවා ඇති අතර ඔහු සමග ආයතන ආයතන ප්‍රධානියාගේ තිබූ පෞද්ගලික කොන්තරයක් පිරිමසා ගැනීමට මෙසේ වැඩතහනම් කොට ඇති බව අධිකාරී සේවකයින් පවසයි.

මේ සම්බන්ධයෙන් වන පරීක්ෂණ කඩිනම් කරන මෙන් පසුගියදා සිවිල් ගුවන්සේවා අධිකාරී නිදහස් සේවක සංගම් ශාඛාවේ සභාපති කැළුම් කොඩිතුවක්කු මහතා ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශ ලේකම්වරයාට ලිපියක්ද යොමු කොට තිබේ.

– සේකර

5,093 Viewers
Main News