ගුණහීන දුර්ජනයන් නායකයන් වෙලා.. උදේ හවස කියන්නේ පට්ටපල් බොරු..

September 11, 2018 at 6:29 am | lanka C news
ගුණහීන දුර්ජනයන් නායකයන් වෙලා.. උදේ හවස කියන්නේ පට්ටපල් බොරු..

පදවි තානාන්තර ගුණ හීන දුර්ජනයන්ට ලැබීමෙන් සමස්ත සමාජයට ම අත් වන්නේ ඛේදනීය ඉරණමක් බවත් අනාගතයේදී එවැනි ගුණ හීන දුර්ජනයින් බිහි වීම වලක්වා ගැනීමට දැහැමි සමාජ පරිසරයක් නිර්මාණය වී තිබිය යුතු බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතා පැවසිය .

පුද්ගලයකු යහපත් කෙනෙකු ලෙස සමාජ ගත කළ හැකි වන්නේ ඔවුන් කුඩා කාලයේ සිට ගුණ ධර්ම වලින් පෝෂණය කිරීමෙන් පමණක් බව කී ඒමහතා ඒ සදහා මහගු ස්ථානය දහම් පාසල බව ද සදහන් කළේය.

හෙට්ටිගේ මහතා මේ බව කීවේ දෙනියාය කොටපොළ කොස්මෝදර ශ්‍රී සුබෝධාරාම විහාරස්ථ මහා මායා දහම් පාසලේ ඉකුත් (5 )දාපැවති වාර්ෂික ත්‍යාග සහ සහතික පත් ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි .

එහිදී ඒ මහතා මෙසේද කීය .

විනයක් නැති අවුල් වියවුල් වූ රටක අද අප ජීවත් වන්නේ. බෞද්ධ පදනමට දරුණු ලෙස පහර වදිනවා. භික්ෂුන් වහන්සේලා විවිධ දුෂ්කරතා මැද වෙහෙර විහාරස්ථාන ආරක්ෂා කර ගෙන සිදු කරන උතුම් මෙහෙවර නිසා තමයි මේ තරමින් හෝ සමාජය පවතින්නේ. අපට මෙහෙම වුනේ ඇයි ?ගුණ හීන දුර්ජනයන් බොහොමයක් වගකිව යුතු තැන් වල පදවි තානාන්තර දරමින් අප්‍රසන්න ලෙස ක්‍රියා කරන නිසා. එයින් රටට සමාජයට අත් වී ඇත්තේ ඛේදනීය ඉරණමක්. මානව දයාව නැති බොරු කියන අයට රටේත් සමාජයේත් වගකීම් පැවරුන විට සිදු වන්නේ හැම අංශයක් ම කඩා වැටීම පමණයි. අද වන විට ගමේ ශක්තිය හීන වී ජනතාවගේ කායික මානසික ශක්තියද බිද වැටිලා . එදා තිබුන සුන්දර ගම අද දකින්න නෑ .එදා තිබුණ බෞද්ධ ප්‍රබෝධයත් නෑ .

පාලකයන් ගැන විශ්වාසයක් නැති වෙලා. සමහර නායකයන් උදේ හවස කියන්නේ පට්ට පල් බොරු. ඔවුන් ගුණ හීන පිරිසක් බව පෙන්නුම් කරනවා. මේ අයගේ හැසිරීම සමාජයේ පහලටත් බලපානවා. නායකයන් ආදර්ශමත් නොවීම දරුවන්ට ද බලපාන්නේ නරකට. මානව හිතවාදී මිනිසුන්ට සමාජයේ ඉදිරි පෙළ ලැබෙන , ඔවුන්ට ගරු කරන වටපිටාවක් සකස් විය යුතුයි . එවිට රටත් සමාජයත් ලස්සන වෙනවා.

කුඩා අවධියේ සිට අධ්‍යාත්මික දියුණුවට මග පෑදෙන්න ඕනෑ . එවිට තමයි හොද මනුස්සයෙක් නිර්මාණය වෙන්නේ. බෞද්ධ සංස්කෘතිය ආරක්ෂා කර ගැනීම අප කාගේත් වගකීමක්. මේ රට රැකෙන්නේ එයින් .

වැඩි හිටි පිරිසගේ රැකවරණය ගැන බරපතල ප්‍රශ්නයක් මතු වෙනවා. අප රටේ ජනගහනය 2011 ජන හා නිවාස සංගණනය අනුව 20263723 මෙයින් අවු .60 ට වැඩි පිරිස 2468329 ප්‍රතිශතයක් ලෙස 12.5% .මෙය වසර 2000 දී සටහන් වුයේ 9.2% ක් ලෙසයි. වැඩි හිටි ජන ගහනය වැඩි වීමේ ප්‍රශ්නය එක්ක මතු වන ගැටලු ද සංකීර්ණයි . ඒ දෙස ආණ්ඩුව බලනවද ?වයසට ගිය දෙමව්පියන් රැක ගන්න දරුවන් ශක්තිමත් ද ?අර්ථිකය වේගයෙන් කඩා වැටී යන පසුබිමක් මත මෙය මහා සමාජ ප්‍රශ්නයක් වෙනවා. බරපතල ආර්ථික ගැටලු තිබුනත් තම වියපත් දෙමව්පියන් රකින දරුවන් සිටිනවා. ඒ අය අප අගයන්න ඕනෑ . එවැනි අය ධර්මයෙන් පෝෂණය වූ අය. එවැනි දූ පුතුන්ගෙන් මේ සමාජය පිරී යන්න ඕනෑ .එවිට මේ රට මොන තරම් සුන්දර වන්නේද ?එවැනි සුන්දර රටක් දකින්න පාලන තන්ට්‍රයේද වෙනස්කම් සිදු විය යුතුයි .

14,171 Viewers

5 Comments to “ගුණහීන දුර්ජනයන් නායකයන් වෙලා.. උදේ හවස කියන්නේ පට්ටපල් බොරු..”

  1. අපි ගොන්නු.... says:

    අනේ…..’අන්දොස්’… නොදිටි මොක්පුර…..(දන්නෝ දනිති)

  2. වර්තමාන පාලකයන් රට ජාතිය වෙනුවෙන් හඩනගන බෞද්ධ හිමි වරැ චීවරධාරීන් ලෙස හංවඩු ගහන තැනට අද රට පත්වෙලා තියෙනව,පාලකයන් බෞද්ධ චීවරයට තියෙන ගෞරවය නැති කරල දාාන්න ලොකු වෙහෙසක් ගන්නව,බුද්ධසශාසණ අමාත්‍යාංශයේන් අද ගමෙි පන්සලට ලැබෙන රැකවරණය හෝ ප්‍රයෝජනයක් නෑ,

  3. ගුණ දම් නොදත් අධර්මිෂ්ඨ පාලකයින් රට පාලනයට ගත්පසු ගංවතුර නායයෑම් වැනි සබාවික විපත් වැඩිවෙලා. මේක දැන් ජනතාව හොදට තේරුම් අරන් ඉන්නේ. ඔබතුමාගේ කතාව අම්පුර්ණ ඇත්ත..

  4. වෙනසක් කරන්න ගිහින් මිනිසුන් දැන් අසරණවෙලා රටේ බුද්ධාගමට තියෙන නිදහස නැතිකරලා , ස්වාමීන්වහන්සේලාගෙන් පළිගන්නවා , රාජ්‍ය සේවකයන්ගෙන් පළිගන්නවා , සොභාදහමත් කම්පවෙලා මෙවකියන්න මිනිදුන්ට නායකයෙක් නැතිවෙලා

  5. දැන් ඉන්න පාලකලයන්ට ජන සමාජය වැදගත් මෙි වගේ වටින අදහස් එන්නේ නෑ,මෙි ආන්ඩුවට අවශ්‍ය යහපත් සමාජයක් ගොඩ නගනව වෙනුවට සමලිංගික පනත් සමිමත කර ගැනීම,රට බෙදීම වගේ දේවල් ක්‍රියාත්මක කරන්නෙ කොහොමද කියල කල්පනා කරන එක,මෙි වගේ පාලකයන් රටෙි පාලනය බාරගත්තම රටක් ජාතිකයක් පිරිහෙන එක අමුතු දෙයක් නෙවෙයි,

Main News